මහින්ද රාජපක‍ෂ – චතුරිකා සිරිසේන හමුවක්. චන්ද්‍රිකා ඇතුළු ශි්‍රලනිපය තිගැස්සෙයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ දියණියගේ අවමංගල්‍ය උත්සවයේදි මහින්ද රාජපක‍ෂ මහතා හා ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අතර ඇති වූ සංවාදය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඇතුළු ශී්‍ර ලංකා නිදහප් පක‍ෂයේ මෛති්‍ර පිලේ අයගේ දැඩි නොසන්සුන් භාවයට හේතු වී තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ අහම්බයකින් වුවත්, එහිදි චතුරිකා සිරිසේන මේ වනවිට තමාගේ පියා පත්ව ඇති දේශපාලන ව්‍යාකූලත්වය පිලිබඳව මහින්ද රාජපක‍ෂ මහතා දැනුවත් කර ඇත.

චතුරිකා සිරිසේන යනු මෛති්‍රපාල සිරිසේන මහතා තම අමාත්‍ය මණ්ඩලයේ සිටියදී පවා මහින්ද රාජපක‍ෂ දැඩිව ඇලූම් කළ චරිතයකි. දියණියන් නොමැති මහින්ද තම දේශපාලන දියණියන් වශයෙන් සැලකූ අය අතර සමන්මලි සකලසූරිය, මෙන්ම චතුරිකා සිරිසේනද ප්‍රධාන තැනක් ගනී. කෙදිනක හෝ චතුරිකා දේශපාලනයට පැමිණිය යුතු බැව් මුලින්ම ප්‍රකාශ කළේ මහින්දය.

මහින්ද වැන්නෙක් සමග සැසඳීමේදි තමාගේ පියා දේශපාලන වශයෙන් විශාල චරිතයක් නොවන බව චතුරිකා නොදන්නවා නොවේ. ඒ බැව් ඇගේ ජනාධිපති තාත්තා කෘතියේ කිහිප තැනකම ව්‍යාංගාර්ථයෙන් සඳහන් කර ඇත. ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයෙන් තරහනී යන සියලූ කොටස් නැවතත් කුමන පදනමකින් හෝ ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයට එක්වන බව ඓතිහාසික සත්‍යයකි. මේ අනුව තම පියාට වඩා මහින්ද අනාගතයේදි තමාගේ දේශපාලන ගුරුවරයා වනු ඇතැයි චතුරිකා අපේක‍ෂා කරන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *