මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනා මහේල සහ මාලිංග මල් මාලා දමා මුම්බායිදී පිළිගත් හැටි මෙන්න

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සහ වේග පන්දු උපදේශක ලසිත් මාලිංග ඉන්දියන් ප්‍රිමීයර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පසුගිය දින මුම්බායි නගරයට පැමිණියා.

ඉන්දියානු ප්‍රිමියර් ලීගය ඇරඹි දින සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග , මෙවර තරගාවලියට ක්‍රීඩකයෙක් වශයෙන් මිලදි නොගත්තත් , මුම්බායි කණ්ඩායම ඔහුට පන්දු යැවීමේ විශේෂ උපදේශක තනතුරක් ලබා දී තිබෙනවා.

මුම්බායි ඉන්ඩියන්ස් කළමණාකාරීත්වය විසින් මල් මාලා දමමින් ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙපල පිළිගත්තා.

ඡායාරූප පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *