දියණියගේ ලික් වූ වීඩියෝව නිසා iphone සමාගමේ ඉංජිනේරු පියාට රැකියාවත් අහිමි වෙයි

තමාගේම දියණිය කළ ක්‍රියාවක් හේතුවෙන් ඇපල් සමාගමේ සේවය කළ ඉංජිනේරුවරයෙකුට සිදුවූ ඇබැද්දියක් පිලිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ. මීට හේතුවී ඇත්තේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත IPHONE X දුරකථනය පිළිබඳව ඇය විස්තරාත්මක වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැරීම හේතුවෙනි.

බෘක් අමේලියා නැමති මෙම තරුණිය නිකුත් කළ වීඩියෝවේ සමාගම විසින් ඉදිරියේදී කිරීමට නියමිත ව්‍යාපෘතීන් කිහිපයකම දත්ත හා කේත නාමයන් සඳහන් වී තිබේ. අයි ෆෝන් උන්මාදයෙන් පෙළෙන බොහෝ දෙනා මෙම වීඩියෝව නරඹා තිබෙන අතර,සමාගෙමෙන් ලැබුණු නියෝගයක් මත ඇය එම වීඩියෝව යූ ටියුබ් වෙබ් අඩවියෙන් ඉවත්කරගෙන තිබේ.

කෙසේ වෙතත් ඇගේ මෙම ක්‍රියාවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඇගේ පියාවන අදාළ ඉංජිනේරුවරායටයි.ඔහුගේ නොසැළකිළිමත් බව නිසා රැකියාවද අහිමි වී තිබේ. ” දවස අවසානයේ ඔබ කොතරම් දක්ෂයෙක් ලෙස වැඩ කළත් වැඩක් නැහැ ඔබ ආයතනයේ නීති කඩ කළා. ඒ නිසා ඔබට රැකියාව අහිමි වෙනවා. ඔබ හොද සේවකයෙක් නමුත් මේ දේ කරන්න අපිට සිදු වෙනවා..” යැයි එම සමාගම අවසාන වශයෙන් එම ඉංජිනේරුවරායාට පවසා තිබේ..

කවදාවත් කැඩපත ඉදිරියේ මෙන්න මේ දේ කියන්න එපා ඇග කිලිපොල්ලා යන අරුම පුදුම කතාවක්

කවදාවත් කැඩපත ඉදිරියේ මෙන්න මේ දේ කියන්න එපා ඇග කිලිපොල්ලා යන අරුම පුදුම කතාවක්. කැඩපත කියන්නේ ඔබට නුහුරු වදන් පෙළක් නෙමෙයි. විවිධ පුරාවෘත වල ඇඟ කිලි පොලා යන අන්දමේ නොයෙක් කතා වස්තු ඇති නමුදු ඇත්තටම කඩපතකට යම් කිසි අද්භූත බලයක්වත් තියේද යන්නත් ඔබට සිතෙනු නොඅනුමානයි.

ඉදින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ කැඩපත ගැන ඕන මෙතෙක් නොදැන සිටි අමුතුම කථාවක් මෙන්ම ඇඟ කිලිපොලා යන කථා වස්තු රැසකට ප්‍රස්ශුතය වී තිබෙන්නේද මෙන්න මේ කැඩපතයි. ඉදින් මේ දේ ගැන දන්නා අයද සිටින්නට පුළුවන්. ඉතින් විශේෂයෙන් රෑට බයවෙන අය නම් මේක බලන්න යන්න එපා

ඔබේ නිවස තුල දවුල් කුරුදු පත්‍රයක් පුලුස්සන්න සිදුවන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි

අපි හැමදාම ඔබව දැනුවත් කරන්නේ ඔබට ගොඩක් වටිනා දේවල් ගැන..ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැති දේවල් ගැන නිතර නිතර අපි ඔබව දැනුවත් කරනවා..මේ video අකෙන් අපි කියලා දෙන්න යන්නේ ඔබට පුදුම හිතෙන දෙයක් ගැන ..ඔබේ නිවස තුල දවුල් කුරුදු පත්‍රයක් පුලුස්සන්න සිදුවන දේ දැනගන්න පහත video එක බලන්න..

තිබහට දිව ගිලුනත් කවදාවත් වාහන ඇතුලේ තියන බෝතල් වලින් වතුර බොන්න එපා ඇඟේ ලේ වතුරවෙන හෙළිදරව්ව මෙන්න

අපි සාමාන්‍යයෙන් එදිනෙදා ගමනක් බිමනක් යනකොට වාහනය ඇතුලෙදි වතුර තිබහක් ආවොත් වාහනය ඇතුලේ තියන වතුර බෝතලයකින් අපේ තිබහ නිවාගන්න උත්සහ කරනවා. නමුත් ඔබ දැනගෙන සිටියද වාහන ඇතුලේ තියන වතුර බෝතල් වලින් වතුර බොන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා

අපි සුලභව කරන මේ වැරැද්දේ තියන භයානක කම මෙන්න අදවත් බලාගන්න පහත වීඩියෝව නරබන්න යාලුවන්ටත් බලන්න Share කරන්න

පාඩම් කලාට මතක තියෙන්නේ නැද්ද මෙන්න රහස් කෙමක් සති 2ක් කරන්න ඉබේම මතක හිටිනවා

පාඩම් කරන්න කියල පොත අතට ගත්තට හිත පොතට යන්නෙ නැද්ද? පාඩම් කරන්න කම්මැලිද? නැත්නම් කොච්චර පාඩම් කළත් කිසිම දෙයක් මතකේ රැඳෙන්නෙ නැද්ද? විභාගේ ඇණගන්න වෙයි කියල බයයිද? මොකක්ද මේකට කරන්න ඕනෙ? ගුරුකමක්ද? අපොයි නෑ. ඒකට තමයි අනිවා අපි ඉන්නෙ ඔයාලගෙ උදවුවට…

ගොඩක් ඉගෙන ගන්න ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් මතකේ හිටින්නේ නැති කම..ඉතින් අපි ඔබට කියලා දෙන්න යන්නේ පොඩි කෙම් ක්‍රමයක් ගැනයි. මේක කරලා බලන්න ඔබටත් ඔබේ මතක ශක්තිය හොදට වර්දනය වෙයි…පහත video එක බලලා මේ ගැන දැනුවත් වෙන්න…

සතුටක් ඇත්තෙම නැද්ද කරදරවලින් මිදෙන්න මේ විදියට පත්තිනි මෑණියන් නමදින්න – දෙවියන් විශ්වාස කරන්න

දේශමාන්‍ය – දේශබන්දු, රංජන් සිසිර කුමාර, සටහන – ධම්මික හේවාවසම්

පත්තිනි දෙවියන් හෙවත් පත්තිනි මෑණියන් අප රටේ ජනතාව අතර ගෞරව භක්‌ත්‍යාදරයට පත්වූ ඉන්දියානු සම්භවයක්‌ ඇති මහා බලසම්පන්න දේවාත්මයකි. ඈත අතීතයේ ඉන්දියානු ජනතාවගේ වන්දනාමානයට පමණක්‌ සීමාවී තිබූ පත්තිනි ඇදහීම ශ්‍රී ලාංකීය ජනයා අතර ප්‍රකටව ඇත්තේ එකල රජ කළ ගජබා රජ සමයේදී බව කියෑවේ.

කේරළ දේශය අතිශයින් සශ්‍රීකත්වයට පත් වූයේ පත්තිනි දෙවියන් ඇදහීමෙන් බව තරයේ විශ්වාස කළ සෙන්ගුත්තවාන් රජු විසින් පත්තිනි දේවිය වෙනුවෙන් ඉතා රමණීය මාළිගාවක්‌ තනවා එම මාළිගය එතුමිය නමින් කැපකර හිමාල අඩවියේ ගල්කුළකින් පත්තිනි දේවියගේ පිළිරුවක්‌ නෙළවා එම පිළිරුව ගංගා නදියේ ශුද්ධවූ ජලයෙන් දෝවනය කොට මාළිගයේ තැන්පත් කොට එය ආරම්භ කිරීමේ දේව මංගල්‍යයට සහභාගිවන මෙන් ගජබා රජුටද කළ ආරාධනය පිළිගෙන දේව මංගල්‍යයට සහභාගි වූ ගජබා රජුට සෙන්ගුත්තවාන් රජු විසින් පත්තිනි සළඹක්‌ ත්‍යාග වශයෙන් ලබාදුන් බව ජනප්‍ර්‍රවාදයේ සඳහන්ය.

යුද්ධයෙන් දකුණු ඉන්දියාව ජයගත් ගජබා රජු සොළීන් මෙරටට ගෙන ආ බව ඉතිහාසයේ දැක්‌වෙන අතර ඔවුන් අතර පැතිරෙමින් තිබූ නොයෙක්‌ රෝග මර්දනය කර ගැනීම පිණිස ගජබා රජු තෙමේ සෙන්ගුත්තවාගේ රජු විසින් තෑගි දෙන ලද සළඹද උපයෝගී කරගනිමින් පත්තිනි දේවිය පිදීමට කටයුතු කර ඇති අතර එම කන්නලව් අසා පත්තිනි දේවිය ඉමහත් අනුකම්පාවෙන් යුතුව බෝවන රෝග නිවාරණයෙහි යෙදී ඇත.

පත්තිනි දේවියගේ ආත්ම චාරිකාව අනුව මෙලොව නරයින්ගේ දුක්‌ඛ දොaමනස්‌සයන් නසා පිහිට ආධාර වීම පිණිස සත්වාරයක්‌ පත්තිනි නමැති ආත්මයේ උපන් බැවින් සත් පත්තිනි ලෙසද දොළොස්‌ වාරයක්‌ පත්තිනි නමැති ආත්මයේ ඉපදුණු බැවින් දොළෙDස්‌ පත්තිනි ලෙසද හැඳින්වේ.

පින් රැස්‌කරමින් බුද්ධත්වය ප්‍රාර්ථනා කරන දේවාත්මයක්‌ ලෙසද බෞද්ධ ජනයා ඉමහත් ගෞරවයෙන්, භක්‌තියෙන් අදහන පත්තිනි දෙවඟනගේ පිහිට ආශිර්වාදය පතා ඇය වෙත එන ඕනෑම කෙනෙකුට පිහිටවන ඇය තදබල නියං කාලවලදී වර්ෂාව ඉල්ලා බාරහාර වීමෙන් වර්ෂාව ලබාදී කෙත්වතු සාර කිරීම, බෝවන රෝග වසංගත පැතිර යන කාලවලදී ඒවා මර්දනය කිරීම, දරුවන් අහිමි කාන්තාවන්ට දරු සම්පත් හිමිකරදීම, කිරි දරුවන් ආරක්‍ෂා කිරීම, අවිවාහකයන්ගේ මංගල සිහින සැබෑ කරදීම වැනි උදාතර ප්‍රාර්ථනා ඉෂ්ට කරදී ලෝවැස්‌සන් ආරක්‍ෂා කරනු ලබන බව අත්දැකීමෙන් පැවසිය හැකිය.

එබැවින් එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණපෑමට සිදුවන දුක්‌ කරදර රෝ බිය සමනය කර ගැනීම උදෙසා පත්තිනි දෙවඟනගේ පිහිට ආරක්‍ෂාව ශාන්තිය බලාපොරාත්තු වන ඔබ තම නිවසේදී හෝ පත්තිනි මෑණියන් වෙනුවෙන් වෙන් වූ දෙවොලකදී මල් පැන් පහන් සුවඳදුම් පූජාකර තිසරණ සහිත පංචශීSලයෙහි පිහිටා බුඳුන් වැඳ සෙත් පිරිසත් ගායනා කර පත්තිනි මෑණියන් වෙනුවෙන් ගිතෙල් හෝ රන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා කහමල් සුවඳ දුම් පූජා කර දෙවියන්ට පිං අනුමෝදන් කර එතුමිය බැල්ම හෙළන 12.06 සිට 12.36 දක්‌වා දිවා රාත්‍රී දෙකටම පොදු මෙකී වේලාව අතරතුර ඔබේ දුක්‌ ගැනවිලි සඳහා සහනය ප්‍රාර්ථනා කරමින් මෙම ගාථා රත්නය ගායනා කරන්න.

නානා සුන්දර ජන වනිතා ගණ

තාරපතී ඉව ශ්‍රී දේහං

නානා වර්ණක ශාටක ධාරණ

මාලා දාමං විලන්දකං

නානා ශාස්‌ත්‍ර පූජාන විජානන

ඥන විශාරද කීර්ති ධරං

නානා ශෝභිත රත්න නිරන්තර

දදාතු තේ පත්තිනි මාතා

සමල්කා පුව් නිසා මට අනුහස් එක්ක කතා කරන්න එපා කියනවා චුට්ටක් කතා කලාම ඇති කියනවා

රසික හදවත් ආදරයෙන් වැළඳගත් අංක එකේ ටෙලි සිත්තම තමයි දෙවැනි ඉනිම. දෙවැනි ඉනිමේ කාගෙත් අවධානය දිනාගත්තු චරිතයක් තමයි ලිහිනි එහෙමත් නැත්නම් චූටි මැණිකෙගේ චරිතය. මේ චරිතය හරහා ඔබේ ආලින්දයට එන සොඳුරු නිළිය තමයි ශලනි ප්‍රනාන්දු. ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අදහස් දක්වලා තිබුණා.

චුටි මැණිකේ කියන්නද, ලිහිණි කියන්නද නැත්නම් ශලනි කියලා කතා කරන්නද?

ගොඩක් අය කතා කරන්නේ නම් චුටි මැණිකේ කියලා. ඔයා ශලනි කියලා කතා කරන්න.

හරි, එහෙනම් ශලනි ගැන මුලින්ම කියන්න ?

මම ශලනි ප්‍රනාන්දු. මම පාසල් ගියේ St.Nicholas International College එකට. අම්මයි, අයියයි එක්ක මම ඉන්නේ. තාත්තා මම චූටි කාලේදීම නැති වුණා. එදා ඉඳන් අයියා තමා අපි දෙන්නව බලා ගත්තේ.

ශලනිට ‘චුටි මැණිකේ’ වෙන්න ලැබුණේ කොහොමද?

චුටි මැණිකේ වෙන්න ලැබුණේ ‘දෙවෙනි ඉනිම’ටෙලි නාට්‍යයෙන්. මට දෙවෙනි ඉනිම නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ මේ අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගන්න මට අවස්ථාව ලැබුණා. එතැනදී දෙරණ අවුරුදු කුමරිය තරගයට ආපු අවසන් තරගකරුවන්ට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. ඒකට අපි සහභාගී වුණා. එතැනදී චරිත් කොතලාවල සර් කතා කරලා කිව්වා ‘‘ඔයා චරිතයකට තෝරගෙන ඉන්නවා කියලා.‘‘ ඒ විදියට තමා ‘චුටි මැණිකේ’ වුණේ.

අවුරුදු කුමරිය වගේ තරගවලට යන්න කැමැත්තක් තිබුණද?

මම කැමැත්තකින් නෙමෙයි හිටියේ. පුංචි අම්මා තමා තරගයට අයදුම්පත් යැව්වේ. අභියෝගයන්ට මුහුණ දෙන්න බය හිතුණා. ඇත්තටම 1 st time එන්න කියනකොටත් මම අකැමැත්තෙන් පුංචිත් එක්ක රණ්ඩු කරලා ගියේ. අන්තිම 12 දෙනා අතරට තේරුණාට පස්සේ නම් හිතුවා දිනයි කියලා. අනිත් අයත් එක්ක බලද්දී මම තමා බාලම කෙනා. අන්තිමට මම පළමුවැනියා වුණා. ලොකු සතුටක් දැනුණා.

අර කලින් තිබුණු බය දැන් නැද්ද?

මෙහෙමයි. කැමරාවක් ඉදිරියේදී මම රඟපාන පළමුවැනි ටෙලි ඩ්‍රාමා එක ‘දෙවෙනි ඉනිම’. මම චුට්ටක් කැමරාවට හුරුවෙලා හිටියේ. ඒ දෙරණ අවුරුදු කුමරිය වෙද්දී. ඒත් අපිට ඒකේ ෆේස් කරන්න තිබුණේ නැහැ. නමුත් රඟපාන්න ආවට පස්සේ කැමරාව කෙලින්ම මාව focus කරද්දී ගොඩක් බය වුණා. දැන් ලොකු බයක් නැහැ කැමරාවට.

ජනප්‍රිය ‘චුටි මැණිකේට’ ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් ප්‍රතිචාර තියෙනවා.මම හිතුවේ නැහැ මම මෙච්චර ප්‍රසිද්ධ වෙයි කියලා. අවුරුදු කුමරියට වඩා දෙවෙනි ඉනිමෙන් මම ප්‍රසිද්ධ වුණා. අවුරුදු කුමරියට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. හැබැයි මම ගැන කතා වුණා.

වැඩිපුරම ලැබෙන ප්‍රතිචාර මොනවද?

මට අනුහස් දිහා බලන්න එපා කියනවා , සමල්කා පව් කියලා කියනවා, චුට්ටක් කතා කරන්න කියලා කියනවා. මේ දවස්වල අඬන ඒවා වැඩි නිසාද මන්දා අඬන්න එපා කියලත් කියනවා.ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ මම අඬනවාට කැමැති නැහැ.

චුටි මැණිකේ අනුහස් දිහා බලන බැල්මෙන් නම් අනුහස් ගැන කැමැත්තෙන් ඉන්නවා වගේ?

අපි දන්නේ නැහැ මොකද්ද අන්තිමට වෙන්නේ කියලා. එදා එවන පිටපතට අපි චරිතේ හදාගන්නවා. චුටි මැණිකේ නැත්නම් ලිහිණි කියන චරිතේ තව කෙනෙක්ව කපලා ඉදිරියට යන චරිතයක් නෙමෙයි. අහිංසක චරිතයක්.

ලබන වසරේ උසස් පෙළ සදහා සුදානම් වෙනවා නේද?

ඔව්. මම උසස් පෙළ London Syllabus එක යටතේ කරන්නේ. වාණිජ විෂය ධාරාව යටතේ මැයි මාසේදී exam කරන්න සුදානමින් ඉන්නේ.

අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ රංගනය පැත්තෙන් ඉදිරියට යන්න ද කැමැත්ත තියෙන්නේ?

A/L අවසන් වුණාට පස්සේ මම ඉගෙන ගන්න එක නවත්වන්නේ නැහැ. අයියා මට කියලා තියෙන්නේ මොන දේ කළත් ඉගෙනීම තියාගන්න කියලා. එයා ඒ මතේ ඉන්නේ හැමදාම. මම ඒකට ගොඩක් ගරු කරනවා. මගේ හීනයක් තියෙනවා Fashion Design පැත්තෙන් ඉදිරියට යන්න. මම ඒ පැත්තෙන් ඉදිරියට යනවා. එහෙම කියලා මම රංගනයෙන් ඈත් වෙන්නේ නැහැ. මම නිතරම පේන්න එන්නේ නැහැ. මට හොඳයි කියල හිතුණු, මම කැමැති නිර්මාණ භාර අරගෙන කරනවා.

ඇය ඔබට බොරු කියනවද මෙන්න දැනගන්න

එහෙම බැලුවාම තවමත් විවාහ නොවී සිටින කෙල්ලන් ගැන කවර කතාද? බ්රෝ සංහතියේ වාසනාවට විවිධ පර්යෙශන මගින් විවිධ මිනුම් හොයාගෙන තියෙනව ඇය ඔබට බොරු කිරීමේ සම්බාවිතාවය කොපමනද කියලා බලන්න.

බොරු කරන්නියක්

මගින් හොයාගෙන තියෙනවා ඇය බොරුවට සුරාන්තයට පත්වුවා යයි පෙන්වනවා නම් – පොන් ස්ටාර් කෙනෙක් වගේ කැගහනවා නම්,ඇයගේ ශරීරයෙන් එ බවක් දිස්නොවී ඉක්මනින් සියල්ල ඉවරකරන්න හදනවා වගේ නම් ඇය විශ්වාසය කඩකරන්නියක් වීමේ සම්බාවිතාව ඉතා ඉහලයි.මේ රිසච් එක සදහා කාන්තාවන් 138ක් සහබාගී වී ඇති අතර එයින් 80%ක් බොරු සුරාන්ත වලට පත්වී ඇතිබව සදහන්.එමෙනම ඔවුන් සොයාගෙන ඇති අනෙක් දෙය අඩු ලිංගික තෘප්තියක් ලබන කාන්තාවන් ඉතා ඉක්මනින් වෙනත් අකාරයකට එය ලබාගැනිමට උත්සහ කරන බවයි.එක නිසා බ්රෝ හොදම දේ ඔබේ කාර්ය හරියට කරන එක.උපරිම සෙක්ස් ලයිෆ් එකක් ඔනේ නම් කරන්න තියෙන දෙවල් බලන්න

අම්මා වගේමයි දුවත්

ඩෙටිං වෙබ්සයිට් එකක් ආශ්‍රිත කරන ලද තවත් පර්යේශනයකින් සොයාගෙන තිබෙන දෙයක් තමයි මෙසේ තම හස්බන්ඩ්ගේ හෝ බොයිෆ්රෙන්ඩ්ගේ විශ්වාසය කඩකල කාන්තාවන්ගෙන 3/4ක්ම පිලිගෙන තියෙනවා තම මවද එ විදියටම විශ්වාසය කඩකල අය බව.එ වගේම ඔවුන් කියන්නේ තම මවදකල නිසා එහි වරදක් නොදකින බවයි.ඔන්න ඕකයි තත්වේ බ්රෝ.බදින්නම යනවා නම් හොදම දේ අම්මගෙන්ම පටන් ගන්න එක.ලොල්

ඔක්කොම කරන්න ගියාමත් සොරී

කාන්තාවන් 10,000ක් යොදාගෙන කරන ලද තවත් පරීක්ශනයකින් හෙලිවෙලා තියෙනවා ඔවුන්ගෙන් 3/4ක් පිලිගෙන තියෙනවා ඔවුන්ගේ හස්බන්ඩ්ලා ගෘහශ්‍රිත කටයුතු වලදී දැරියයුතු බර අවශය පරිදි නොදැරීම හේතුවෙන් කාන්තාවන් විශ්වාසය කඩකර වෙනත් ඇසුරකට යන බවත්ය.එ වගේම එතනින් 84%ක් කියන පරිදී මේ හේතුව නිසා බොහො විට පවුල තුල අයහපත් වාදයන් ඇතිවු බව පිලිගෙන තියෙනවා.

කොන්ඩේ පාටත් සම්බන්ධයිලු.

මේක නම් පොඩ්ඩක් අමුතුයි තමයි.හොයාගෙන තියෙන විදියට කොන්ඩයේ වර්නය ලා පැහැයක් වෙන්න වෙන්න ඇය ඔබට බොරු කිරීමේ සම්බාවිතාව වැඩිලු.එ අනුව මුලු විශ්වාසය කඩකරන කාන්තාවන්ගෙන් 42% කහ,සුදු,අලු පැහැ හිසකෙස් තියෙන අය වන අතර,23% ක් දුඹුරු පැහැ අය සහ 11%ක් කලු පැහැ කෙස් ඇති අයලු.මේ රිසච් එකට නම් අපි එතරම් එකඟ නැති උනත් කවුද දන්නේ හරියන්නත් බැරි නෑනේ.

ඕනවට වඩා ශොපින් යනවා නම් සොරි.

කාන්තාවන් 50,000ක් යොදාගෙන කරන ලද හොයාගෙන තියෙනවා එම කාතාවන්ගෙන 1/3 ක් ඔවුන් තම හස්බන්ඩ්ගේ හෝ බොයිෆ්රෙන්ඩ්ගේ විශ්වාසය කඩකර තවත් සම්බන්දයක් පටන් ගන්නා විට තම බාහිර පෙනුමට වෙන්දාට වඩා වැඩි වියදමක් දරන බවයි.එමෙන්ම ඔවුන්ගෙන් 27% පිලිගෙන තියෙනවා ඔවුන් එ සඳහා රහස් ක්රෙඩිට් කාඩ් එකක් පවා පාවිච්චි කරන බව.අනේ මන්දා මේවා නම්?

ඔනවට වඩා රූපේ අගේද?

තමන්ගේ රූපයට අදීක ආශාවක් ඇති,ආඩම්බර,අනෙක් අය කෙරේ අනුකම්පාසගත් නොවීම,අගය කිරීම් හැමතිස්සෙම බලාපොරොත්තුවෙන,කලබල,නිතරම තම වාසියියට කටයුතු කරන යන සියලු ගති ලක්ශන තියෙන කෙල්ලෙක් නම් ඔබ ඉන්නේ බ්රෝ ඇය ඔබට බොරු කිරීමේ හැකියාව බොහොම වැඩිබව අලුතෙන් හොයාගන්න දෙයක් නම් නෑ. න් මේක ඔප්පු කරලා තියෙනවා.මේකට කියන්නේ නාර්සීසිසම් පසනලිටි ඩිස්සොඩර් කියලා.එක නිසා පොත්තට රැවටෙන්නේ නැතුව චරිතෙත් පොඩ්ඩක් බලලා වැඩකරන්න බ්රෝ.

ඕනවට වඩා ට්රැවලින්ද?

පෞර්ශත්වය හා සමාජ මනෝවිද්‍යා පිලිබද ජර්නල් එකකින් කරන ලද. හොයාගෙන තියෙනවා නිතර ගමන් කරන කාන්තාවන් තම සම්බන්ධ වලදී ඇය ඔබට බොරු කිරීමේ හැකියාව වැඩි බවයි.මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ නිතර ට්රැවලින් කරන කාන්තාවන්ගේ පුද්ගල චරිත නම්යබව වැඩි නිසා ඔවුන් එය කරනබවයි.එ කිව්වේ නිතර අලුත් මිනිසුන් මුනගැසීමේන් ඔවුන් සැමකෙනාටම ඉක්මනින් තම සියල්ල ලබාදීමට නොපැකිලෙන බවයි.

ඇය පූසොන්ට ආසයිද?

එහෙනම් පොඩ්ඩක් පරිස්සම් කරගන්න වෙයි බ්රෝ. අනුව සියලුම සුරතල් සතුන් ඇතිකරන කාන්තාවන් අතරින් පුසන් ඇතිකරන කාන්තාවන් තම සම්බන්දයහිදී වැඩිපුර විශ්වාසය කඩකිරීම් කරන බව සොයාගෙන තියෙනවා.එ වගේම බල්ලන් තම සුරතලුන් ලෙස ඇතිකරන කාන්තාවන් පුසන් ඇතිකරන්නියන්ට වඩා විශ්වාසවන්ත බව සොයාගෙන තියෙනවා.පර්යේශන වලින් හෙළිදරව් උන පමනින්ම එක හැමදේටම ඇප්ලයි කරන්න බැ බ්රො.එක නිසා තීරනයකට එන්න කලින් හොදට සොයලා බලන්න.මොකද වැඩේ කෙල උනාට පස්සේ දුක්වෙලා වැඩක් නෑ.

රැට නින්දට ගියාම මන් මේකිගේ ඇග ඇතුලට රිංගල මන් ඒ මිනිහට මේකිව එපා වෙන විදියට හැසිරුනා

යමක් පිළිබඳ ඇලීම, කැමැත්ත, අයිති කර ගැනීමට සිතීම, ලෝභය, ආශාව ආදිය ඇතිවීම කාම ලෝකයේ ස්වභාවයයි.

එසේම අනුන්ට රිදවීම, තරහව, පළිගැනීම, ද්වේෂයන් කිරීම සඳහා ද මිනිස් සිත දිවයයි.

අනුන්ගේ සැප සම්පත්, ලස්සන, ප්‍රසන්නතාව දුටු විට එය ඉවසා දරාගත නොහැකිව සිත තුළ ඇතිවන ඊර්ෂ්‍යා කිරීම ද මානසික අකුසල සිතුවිල්ලක් වේ.

කෙනෙක් ලස්සන වි ප්‍රසන්න වී උපදින්නේත් සැප සම්පත් ලබන්නේත් පෙර කරන ලද කුසල කර්මයක් ඉෂ්ට වීම නිසා බව නොදන්නා, මෙනෙහි නොකරන්නා මෝඩයෙකි.. මෝහයෙන් අන්ධ වූවෙකි.

පන්විල සචිනි තිස් අට හැවිරිදි පාසල් ගුරුවරියකි. ඇයට රාත්‍රී කාලයේ නින්ද නොයෑම නිසා මහත් අපහසුතාවකින් පෙළෙයි.

ඇසට නොපෙනෙන යමෙක් ළඟ සිටින බව ඇයට දැනෙයි. ශරීරයේ වේදනා හට ගනී. දැනට මාස හතරක පමණ කාලයක සිට සචිනි හිටි හැටියේ කෑ ගසාගෙන අවදි වෙයි.

වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගියත් ඇයට විශාදය යැයි කියමින් මානසික ප්‍රතිකාර දුන්නද ඉන් කිසිදු සුවයක් හෝ සහනයක් ලැබී නැත. ඇගේ ස්වාමිපුරුෂයා ද ඇගේ අසාමාන්‍යතා විඳ දරාගත නොහැකිව ඇය අත්හැර ගොසිනි.

පසුව ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ඇයට ඇති රෝග තත්ත්වය පැහැදිලි කළේය.

ප්‍රථම රෝග පරීක්ෂාවේදී ම භූතාත්මයක් දිෂ්ටි ගැන්වී සචිනි කෑ ගසන්නට වූවාය. ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා සති තුනකට පසු නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඇය බෝධි පූජා අවසන් කොට සහෝදරයා සමඟ නැවත පැමිණියාය. එදින ගවේෂකවරයා රෝග පරීක්ෂා කරන විට සචිනිට භූතාත්මය ආවිශ්ට විය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ආවිශ්ට වෙලා ඉන්නේ?”

“මම මංගලා”

භූතාත්මය කීවාය.

“කවුද මංගලා කියන්නේ?”

“මේකිගෙ මාමගෙ පුතාගේ නෝනා”

“මෙනවා වෙලාද මැරුණේ?”

“පිළිකාවකින්”

“කොයි කාලෙද?”

“මීට මාස අටකට කලින්”

“කවදාද මේ ශරීරයට ඇතුල් වුණේ?”

“මගේ අවසන් කටයුතුවලට කනත්තට ඇවිත් ඉන්දැද්දී”

“ඔය තරම් සෙනඟක් සිටියදී ඇයි මෙයාගෙම ඇඟට රිංගුවේ?”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“ඒ වෙලාවේ මට වෙන කාවත් පෙනුණෙ නෑ. මේකිමයි පෙනුණේ.” මංගලාගේ භූතාත්මය මෙසේ ද කීවාය.

“මේකී එක්ක මම තරහින් හිටියේ. මේකී එදත් බොහොම උජාරුවට ඇඳලා රත්තරන් මාල, වළලු, මුදු, කරාබු දාලා හරිම ආඩම්බරයෙන් හිටියෙ.

මට මගේ මහත්තයාවත්, දරුවාවත් වෙන කිසිම කෙනෙක් පෙනුණෙ නෑ. ඉරිසියාවට, තරහට, මේකිවමයි පෙනුණේ.”

“මීට කලිනුත් තරහෙන්ද හිටියේ?”

“ඔව්. මම අසනීපයෙන් ඉන්දැද්දි දවසක් මාව බලන්න ගෙදරට ආවා. එදත් මේකී මඟුල් ගෙදරක යනවා වගෙ සැරසිලා ආවේ. ලෙඩ ඇදේ ඉඳගෙනත් මම මේකිට වෛර කළා.”

භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ කීවාය.

සචිනිට පියවි සිහිය ලබා දුන් ගවේෂකවරයා මේ කතාව ඇත්ත දැයි ඇගෙන් ඇසීය.

“ඔව් මහත්තයා අපේ පවුල්වල ගැහැනු තරගෙට වගේ අඳිනවා.

මංගලා හරිම ලස්සනයි. එයාට වඩා ලස්සන වෙන්න මම ඇඳුම් පැළඳුම්වලින් මගේ ආඩම්බරය පෙන්නුවා.

එතකොට මගේ හිතට ඇත්තටම සතුටක් ආවා. මංගලාට පිළිකාව හැදිලා මංගලා මැරෙන්න දවස් තුනකට කලිනුත් මම එයාව බලන්න ගියා.

මංගලා කතා කළේ ඇස් දෙක වහගෙන. මංගලාගෙ මුහුණ වැහැරිලා වගේ තිබුණා.

මගේ හිත යට ඊර්ෂ්‍යාව එක්ක සතුටකුත් ආවා කියලා මට දැන් මතක් වෙනවා. ඊට දවස් තුනකට පස්සේ මංගලා මැරුණා. මම හොඳට ඇඳලා කනත්තටත් ගියා.”

සචිනි ගවේෂකවරයාට ඇත්තම කීවාය.

ගවේෂකවරයා ඇයට නැවත භූතාත්මය දිෂ්ටි ගැන්වීය.

“මංගලාට මොනවාද වුවමනා?” ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මට මොනවත් එපා. මට ඕනෑ මේකිගෙන් පළිගන්නමයි. මම ලෙඩ ඇඳේ ඉන්දැද්දිත් උජාරුවට ඇඳගෙන ආවා. කනත්තට ආවෙත් එහෙමමයි. මම මේකිව ලෙඩ කරලා මරනවා.”

“ඔබේ සැමියා, ඔබේ පුතා ………?

“මට එපා. ඒ අය ගැන වැඩක් නැහැ. මේකිවමයි මට මතක් වෙන්නේ. මම මේකිගෙ පවුල් ජීවිතෙත් නැති කළා. මිනිහවත් පන්නා ගත්තා.”

“ඒ කොහොමද?”

“මුන් දෙන්නා රෑට කෑම කාලා නින්දට ගියාම මම මේකිගෙ ඇඟට රිංගලා ඒ මිනිහට මේකිව එපා වෙන විදිහට හැසිරුණා. ඒ මිනිහා එපා වෙලා යන්න ගියා.”

“තමුන්ට වුවමනා විදිහටම වැඩ කරන්න දෙන්න බැහැ. තමුන් දැන් මංගලා නෙවෙයි. දැන් ප්‍රේතියක්. වෛරය නිසා පළිගන්න ඉපදුණු ප්‍රේතියක්. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නෑ. මේ අයට කරදර කරල නැවතත් පව් කර ගන්නේ නැතුව ඔය දුක්ඛිත පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න කල්පනා කරන්න.”

“බැහැ…… බැහැ…. මේකි මම ලෙඩ ඇදේ ඉන්දැදිත් මට රිද්දුවා. මේකිගෙන් තව පළිගන්න ඕනෑ.”

පන්සලට හීල් දානයක් පිරිනමා මංගලාට පින් අනුමෝදන් කොට තවත් දවස් දහ හතරක් බෝධි පුජා පවත්වන ලෙස ද බෝධි පූජාව අවසානයේ අවංකවම මංගලා මේ දුගතියෙන් මිදී ඉහළ තලයකට යන්න කියලා පින් අනුමෝදන් කරන ලෙස ද ගවේෂකවරයා සචිනිට උපදෙස් දෙමින් කීවේය.

බෝධි පූජා හතරක් පමණ පවත්වාගෙන යනවිට ඇය අතහැර ගොස් සිටි සැමියා කිසිම කැඳවීමකින් හෝ ආරාධනාවකින් හෝ තොරව ආපසු නිවෙසට පැමිණියේය. ඔවුන් යළිත් “පවුල් ජීවිතය” ආරම්භ කළ අතර ඉතුරු බෝධි පූජාවලට ඔහු ඇය සමඟ ද ගියේය. ඒ බෝධි පූජා අවසන් කොට නැවත ප්‍රතිකාර සඳහා ගවේෂණ මධ්‍යස්ථානයට ද ඔහු ඇය සමඟ පැමිණියේය.

එදින ද භූතාත්මය සචිනිට දිෂ්ටි ගන්වා කතා කළේය.

“දැන් ඉතින් මේ ශරීරය අතහැර ඉවත් වෙලා යන්න ඕනෑ.”

“බැහැ… බැහැ… මේකිගෙන් පළිගත්තා මදි. මම යන්නේ නෑ.”

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවාලන්නට විය.

“එපා…. එපා…. පුච්චන්න එපා…. දැවිල්ලයි දැවිල්ලයි”

ප්‍රේතිය අඬන්නට වූවාය.

“එහෙම නම් ඉවත් වෙලා යන්න.”

“හොඳයි. මම යන්නම්. මහත්තයා පුච්චන නිසා මම යනවා. ආයෙත් ඉඩක් ලැබුණොත් එනවා.”

එසේ කියමින් ප්‍රේතිය ඉවත්ව ගියාය.

“හොඳයි. මම යන්නම්. මහත්තයා පුච්චන නිසා මම යනවා. ආයෙත් ඉඩක් ලැබුණොත් එනවා.”

“තමන්ගේ ශරීරයේ ඕරා එක (ශරීරයේ ශක්ති වළල්ල) තමන්ගේ අවංක යහපත් ගතිගුණ අනුවයි පවතින්නේ. බොරු අහංකාරකරම් හා අනුන්ට ඊර්ෂ්‍යා කිරිම් නිසා නැවත ශක්ති ශරීරය කඩතොලු වී දුර්වල විය හැකි බව ද ගවේෂකවරයා සචිනිට වටහා දුන්නේය.

ගමට එන්න පලාමක් තැනු ධෛර්යයමත වයස අවුරුදු 20ක තරුණිය තිදෙනෙක් ගැනයි මේ අපුරු කතාව

“නෙළුවේ සිට අපේ ගමට එන්නට ළඟම පාර බෙල්ලන ගඟ හරහා එන එකයි. ඒත්, ඒකට තිබුණෙ ඒදණ්ඩක්. මේ බෙල්ලන ගඟ දිගට ඒදඬු විස්සක් විතර කාලෙන් කාලෙට දාන්න ඇති. මොනම ඒදණ්ඩක්වත් වැඩි කලක් තිබ්බෙ නැහැ. වැහි කාලෙට අප ගංවතුරට දින ගණන් කොටු වෙනවා. හප්පිටියේ පවුල් 350ක මිනිසුන්ට හදිසියකට ලෙඩෙකුවත් රෝහලකට අරගෙන යන්නට හැකියාවක් තිබුණෙ නැහැ.“

එහෙම කිව්වෙ, නෙළුව හප්පිටිය ගමේ කාන්තාවක්. අප ඇගේ ගමට ගිය ඒ ගිනි මද්දහනේ ඇය කට පුරා සිනා සලමින් අලුත හදපු පාලම දිගේ ඇවිදගෙන අප ඉදිරියට ආවෙ උස තඹලේරුවලට පුරවපු සීතල කුරුම්බා වතුර සහිත බන්දේසියකුත් දෑතින් අරගෙනයි.

ජාතික තරුණ සේවා සභාවේ සහ ස්වාධීන රූපවාහිනියේ අනුග්‍රහයෙන් පැවැත්වුණු ‘යූත් විත් ටැලන්ට්‘ තරගයේදී ජයග්‍රහණය කරමින් රුපියල් කෝටියක මුදලක් ගමට ගෙන ආ නෙළුව, හප්පිටිය රිදීතරු පාලම ප්‍රජා ව්‍යාපෘතිය ගැන මේ වන විට ඕනෑ තරම් මාධ්‍යවලින් ලියැවී තිබෙනවා. අප එහි ගියේ ඒ කතාව පිටුපස තිබුණු වාර්තා නො වුණ කතාව සොයන්නටයි.

තරුණයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාව අනුව, සෑම මට්ටමකම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී යෞවන නියෝජනය වැඩි කරන්නැයි ලෝකයේ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.

“ශ්‍රී ලංකාවේ තරුණ ජනයාගෙන් 71.5%ක් ම දේශපාලනිකව අක්‍රිය ය. කිසියම් දේශපාලන කටයුත්තක යෙදී සිටින්නේ 1.9%ක් පමණි. වෘත්තීය සමිති හා සම්බන්ධ 1.3%ක් පමණි,” යි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් 2015 වසරේ පළ කරන ලද 20.4 Million නම් ග්‍ර‍න්ථයෙහි දැක්වේ. එමගින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණයන්ගේ සහභාගිත්වයෙහි පවත්නා යථාර්ථය සංකේතවත් වේ.

වයස අවුරුදු 20 අවට හිරිමල් යොවුන් වියේ කෙල්ලන් තිදෙනෙකුගේ මුලපිරුමෙන්, ජාතික තරුණ සේවා සභාවෙන් ලැබුණු රු. 75,000ක් වැනි මුදලකින් පටන් අරගෙන රු. මිලියන තුනකටත් වඩා වටිනා ව්‍යාපෘතියක් ලෙස ගමට පාලමක් හදන්නට පුළුවන් වුණ කතාවේ වැදගත්කම අප දකින්නේ මෙම සංදර්භය තුළයි.

හැම හොඳ දෙයක් ම කාගේ හරි හොඳ මග පෙන්වීමක්. නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරි ඩබ්ලිව්. සී. දීපලාල් මෙම ව්‍යාපෘතිය පසුපස සිටි මාර්ගෝපදේශකවරයායි.

“තරුණ සේවා සභාව විසින් දිවයින පුරා තෝරා ගන්නා ලද ව්‍යාපෘති 1500ක් වෙනුවෙන් යෞවන සමාජවලට 2016 අගෝස්තු මාසයේදී රු. 75,000 බැගින් ලබා දුන්නා. ශ්‍රම හා සෙසු දායකත්වයන් ප්‍රජාවෙන් ලබා ගනිමින් ඉතිරි කාර්යයන් සපුරා ගැනීමේ දක්ෂතාව තමයි මේ තරගයේදී පරීක්ෂා කළේ,” දීපලාල් පෙන්වා දුන්නා.

හප්පිටිය ගමේ ජනතාව රිදීතරු යෞවන සමාජයේ මෙම ව්‍යාපෘතියට උර දුන්නේ දැවැන්ත වගකීමකින්. ගම්වැසියන් අපට කීවේ ගමේ හැම ගෙදරකින් ම මේ ව්‍යාපෘතියට මුදලින් හා ශ්‍රමයෙන් දායක වූ බවයි. ගමෙන් පිට ඈත ප්‍රදේශවල පදිංචි වුණ ඔවුන්ගේ නෑයින් පවා මුදලින් ආධාර කළ බව අපට කිව්වේ පාලම ළඟ ගෙදර කාන්තාවයි. ගමේ මිනිසුන්ගේ මේ දැවෙන අවශ්‍යතාව රිදීතරු යෞවන සමාජයට මේ ව්‍යාපෘතිය ජයග්‍රාහී ලෙස මාස තුනකින් සම්පූර්ණ කරන්න ආධාරක වුණා. ඒක අවශ්‍ය ම තැනක සිදු වන අවශ්‍ය ම සංවර්ධනයක්.

හැබැයි, අප එහි දකින වඩාත් වැදගත් කාරණය වන්නේ මේ ව්‍යාපෘතියට සාර්ථක ලෙස නායකත්වය දෙන්නට රිදීතරු යෞවන සමාජයේ සභාපති එස්. ඩී. එල්. දිල්කි මධුෂානි, ලේකම් සඳනි ළහිරුකා, භාණ්ඩාගාරික බී. එල්. ජේ. නිලූ කියන යෞවනියන් තිදෙනාට හැකි වීමයි. ගම්වැසියන්ගේ සහයෝගයත් ගොනු කරගෙන, දේශපාලනඥයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, සුබ පතන්නන්ගෙනුත් අනුග්‍රාහකත්වය ලබා ගන්නට නොබෝදා උසස් පෙළ විභාගයට මුහුණ දුන්, ගමේ හා ගම අවට පාසල්වල ඉගෙනුම ලබන මේ තරුණියන් තිදෙනා සමත්වීම ඔවුන්ගේ පමණක් නොවෙයි ලංකාවේ ම තරුණ තරුණියන්ගේ ජයග්‍රහණයක්.

“තරුණියන් නිසා අපට මේ දේ කරන්නට බැහැ ය කියමින් අධෛර්යය කරපු අයත් හිටියා. එහෙත්, වැඩි දෙනෙක් අපව දිරි ගැන්වූවා. ඒක නිසායි අපට මේ කාර්යය මේ අන්දමින් සාර්ථකව කරන්නට පුළුවන් වුණේ,” යි අප සමග කීවේ රිදීතරු යෞවන සමාජයේ සභාපති එස්. ඩී. එල්. දිල්කි මධුෂානි.

දිල්කිගේ මව අලුත හදපු පාලම උඩදි අප සමග දුක්බර කතාවක් බෙදාහදා ගත්තා. දිල්කිට වයස අවුරුදු හයක් විතර වෙද්දි, මව දිල්කිගේ නැගනිය ප්‍රසූත කරන්නට රෝහල්ගතව සිටියදී, ඇය බලන්නට රෝහලට ගොස් එමින් සිටි දිල්කිගේ පියා ඒදණ්ඩෙන් වැටී මිය මිය ගියා. අවුරුදු 13කට පසුව, ඒ පියාගේ දියණිය ඒදණ්ඩෙන් ගඟ තරණය කළ මිනිසුන් වෙනුවෙන් පාලමක් හදන්නට මුල පිරුවා.

“අපට පුළුවන්!” ඒ තමයි දිල්කිගේ පණිවුඩය. අප කියන්නේ මේ රටේ කාන්තා පරපුර. තරුණ පරපුර.