මට අදටත් නම ලියන්නයි අත්සන් කරන්නයි විතරයි පුළුවන් කොම්පෝස්ට් නිෂ්පාදනයේන් ධනවතෙකු ගැනයි මේ කතාව

මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. මේ හැම සතෙකුටම මං නමක් දාලායි තියෙන්නේ. හැමදාම සත්තු නාවනවා. ආදරයෙන් කතා කරනවා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. හය වෙනකොට වල් කපලා අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට.

අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ.

අධිෂ්ඨානයත් උත්සාහයත් තිබේනම් කෙනෙකුට කළ නොහැකි දෙයක් නැති වග පසක් කරන කතා පුවතකි මේ.

සරත් විමලවීර යනු උත්සාහයෙන් ඉදිරියට පැමිණි මිනිසෙකි. මිනිසත්කමින් පිරිපුන් ඔහු ජීවිතය ජය ගත්තේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය.

ඔහුගේ ජීවිතයට නව මං පෙතක් විවර කෙරෙනුයේ කිරි ගව පාලනයත් සමඟය. තමන් සන්තකයේ සිටින කිරි ගවයන් සිය පණසේ සුරකින මොහු සතු කිරි ගව පට්ටියේ විශේෂතාව වන්නේ ඒ සතුන්ට ද රැයක් දවාලක් නොමැතිව විසිහතර පැයේම පිරිත් සජ්ඣායනාවේ මිහිරියාවට සවන් දීමට ඉඩ සලසා තිබීමය. මේ අපූරු කිරි ගව පට්ටිය දැක බලා ගැනීමට ලැබෙනුයේ වැලිමඩ, බණ්ඩාරවෙල පාරේ දිවිතොටවෙල ‘ෆැමිලි ෆාම්’ ගොවිපළේදීය.

මේ වෙද්දී කිරි ගවයන් 57ක් පමණ සිටින එම කිරි ගොවිපොළ අද මුළු ඌව පළාතේම ගොවීන් අතර ප්‍රචලිතය.“මගේ සත්තු හරිම අහිංසකයි. උනුත් දවසක නිවන් දකින්න ඕනෑ. මේ කිරි ගවයන් මගේ ජීවිතය හා සමානයි. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. ඔවුන් සියලු දෙනාටම මම නම් දාලා තියෙන්නෙ නාමලි, සුරතලි, කොමලි, පූජා, ගෞරවී, ලොකු කළු, පොඩි කළු ආදි නොයෙකුත් නම්. ඒ වගේම හැමදාම සත්තු ටික නාවනවා. දවසකට වතුර ලීටර් 5000ක් යනවා” යැයි පවසමින් 53 හැවිරිදි විමලවීර මහතා සිය කතාව පවසන්නට වුයේය.

“ඇත්තම කිව්වොත් මට අදටත් නම ලියන්නයි අත්සන් කරන්නයි විතරයි පුළුවන්. මට තියෙන්නෙ බුද්ධි දැනුම පමණයි.”සරත් විමලවීර එසේ පැවැසුවත් අද එම ගොවිපොළ මුළු ඌව පළාතටම පමණක් නොව රටටම සෙත සලසන දැවැන්ත ගොවිපොළකි.

කිරි ගවයන්ගෙන් ලබාගන්නා ගොම සහ මූත්‍ර ආශ්‍රයෙන් ඔහුගේ ගොවිපළෙහි කාබනික පොහොර සේම දියර පොහොර ද නිෂ්පාදනය කරයි. එහි මේ වෙද්දී සියයකට ආසන්න සේවක පිරිසක් ද සේවය කරති.

“අද මං මේ තත්ත්වෙන් සිටියත් මම බොහෝ දුක් වින්ද කෙනෙක්.

මේ සියලු දේවල් වෙනස් වෙන්න ගියේ තවම අවුරුදු හතක් වගේ කෙටි කාලයක්. මගේ කතාව කිව්වොත්, මං මුලින් රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියදී සෑහෙන්න මත්පැන් බිව්වා.

ඇත්ත කතාව තමයි මත්පැන් නිසා මිනිස්සු අන්ත හිඟන්නෝ වෙනවා කියන එක.

ඒක මං අත්දැකීමෙන් කියන්නෙ. මට ඒ දේවල් ඒ කාලේ තේරුණේ නෑ. මං ඉතින් එදා මත්පැන් නිසා අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කළ නිසා මගේ පවුලේ අනෙකුත් පිරිස අතරේත් අන්ත අසරණව කොන් වුණා. එක බඩවැල කඩාගෙන ආ සහෝදරයොත් මාව කොන් කළා. ඒක තමයි ඇත්ත. ඒවට මට ඕනැතරම් උදාහරණ කියන්න පුළුවන්. මගේ පවුලේ සහෝදරයෝ හත්දෙනයි.

ඉතින් ඔය දේවල්වලින් මගේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇතිවුණා කොහොමහරි මේ මත්පැන් බීම නතර කරලා මාත් මිනිහෙක් වෙනවා කියලා.”

එලෙස එම අභාග්‍යසම්පන්න ජීවිතයට ‘තිත’ තැබීමට සරත් දැඩි සේ අදිටන් කරගත්තෙ තමාගේ මිනිපිරිය මෙලොව උපන් දාය. යළි කිසි දිනක මත්පැන් කටේ නොතැබීමට ඔහු දැඩිලෙස තීරණය කරගත්තේ එදාය.එලෙස මීට අවුරුදු හතකට පෙර දැඩි අදිටනකට පැමිණි සරත් එම යහපත් චේතනාව යථාර්ථයක් කරගනිමින් ජීවිතයේ නව ගමනක් සඳහා යොමු වූයේ කිරි ගව පාලනයට අත තබමිනි.

“මුල්ම කිරි එළදෙන ගත්තෙ සමෘද්ධියෙන් රුපියල් 5000ක ණයක් අරගෙන. බීම නතර කිරීමත් සමඟ මගේ ඉහළ යෑමේ ලකුණු පහළ වුණා.

පස්සෙ ටිකෙන් ටික මට ලැබෙන පිළිගැනීමත් වැඩිවුණා. ඒත් මට මේ කිරි ගව පාලනය ගැන කිසිම දැනුමක් නම් තිබුණේ නැහැ. මුලින් ගෙනාව ගවයගේ පැටිය මැරුණා අපේ නොදැනුවත්කමින්. ඒකෙන් මට මේ වැඩේ එපා වුණා. එතෙන්දි මට උදවු කළේ පශු වෛද්‍ය යාපා මහත්මයා.”එලෙස ආරම්භයේදී පැමිණි බාධක ද ජයගෙන සරත් ඉදිරියට පැමිණෙද්දී ඔහුගේ සිහියට නැඟුණේ ගොවිපොළ සඳහා යෙදිය යුතු නම පිළිබඳවයි. ඔහු ඒ සඳහා අපූරු උපක්‍රමයක් යොදමින් නමක් තැබුවේය. ඒ අනුව ඔහු සිය ගොවිපොළ ‘ෆැමිලි ෆාම්‘ ලෙස නම් කළේය.

“මට ළමයි තුන්දෙනයි. මං කිව්වා ළමයින්ටයි බිරියටයි, ඔන්න මම ගොවිපොළ පැමිලි ෆාම් කියල නම් කළා. හැබැයි හැමෝම වැඩ කළ යුතුයි කියලා. කිව්ව වගේම අපේ ගෙදර සියලු දෙනාම අවසානයේ වැඩේට බැස්සා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. මම යනවා වල් කපන්න. හය වෙනකොට වල් අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට. අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ. මුළු ගමටම ඇහෙන්න පිරිත් දානවා. මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මුලින්නම් සල්ලියබාගෙ යහමින් තිබුණේ නැහැ. තිබුණ එකම දේ ධනාත්මක සිතිවිලි පමණයි.

හැබැයි එදා සිටම මගේ වැඩනම් හරිම කෙළින්. බොරුවට විරුද්ධයි. මං ඕනෑම තැනකට අඳින්නෙ සරම. කෙළින් කතා කරනවා වගේම කරන්නෙත් හරි දේ පමණයි.”

වර්තමානය වන විට කිරි ගවයන්ගෙන් ලැබෙන ගොම උපයෝගීකොට කොම්පෝස්ට් පොහොර කිලෝ අනූ ලක්ෂයකට වඩා නිපදවන අතර පොත-පතේ දැනුම නොතිබුණත් ඔහු සිය සහජ බුද්ධියෙන් ගව මුත්‍ර සහ ජීව වායු එක්කොට දියර පොහොර ද කෑන් ලක්ෂ ගණනක් නිපදවා මේ වන විට වගා සඳහා සාදා තිබේ.

“මං හදලා තියෙන දියර පොහොරයට කිසිම කෘමියෙකු එන්නෙ නෑ. මල්වලට, තේවලට, ලීක්ස්, බිට් ආදි ඕනෑම වගාවකට ඉතාම ගුණදායක දියරයක් කියලා මගේ දියර පොහොර සාන්ද්‍රණය ඔප්පු වෙලා අවසානයි. ඒ වගේම මට කොම්පොස්ට් පොහොර සාදන හැටි කිසිම දැනීමක් තිබුණේ නැහැ. මම තනිවම සීඩි බලලයි නියම ප්‍රමිතියට කොම්පොස්ට් හදන්න ඉගෙන ගත්තෙත්.”වාසනාව සහ උත්සාහය මතින් ඉදිරියට පැමිණි සරත්ගේ ගොවිපොළ නැරැඹීම සඳහා මේ වන විට පාසල් දරුවෝ මෙන්ම විවිධ පිරිස් ද වැල නොකැඩී දිවිතොටවෙලට ළඟා වෙති. ගොවිපොළෙහි ගවයන්ට සෙල්ලම් කිරීමට වෙනම පිටියක් ද තිබේ.

අකුරු ශාස්ත්‍රය නොදනිතත් වර්තමානය වන විට සරත් විමලවීර තමා ලබාගත් දැනුම අන් අයටද බෙදා දීම සඳහා ව්‍යවසායකත්වය සහ ධනාත්මක සිතිවිලි ඇසුරෙන් රටපුරා දේශන ද පවත්වයි.

“මට අදටත් නමවත් ලියන්න බැහැ. මනුස්සයකුට උගත්කම වගේම ධනාත්මක සිතිවිලිත් අවශ්‍යයි ජීවිතය ජයගන්න.

මට උගත්කම නැතිවුණාට ධනාත්මක සිතිවිලි තියෙනවා. කිරි ගව පාලනය අද අපේ රටට ජාතික අවශ්‍යතාවක්. මොකද මේ රටේ ජාතික ධනයෙන් වැඩිම කොටසක් පිටරටට යන්නෙ පිටිකිරි, රසායනික පොහොරවලට, බෙහෙත්වලටනේ. මේ සියල්ල නතර කරගත හැකියි වස-විසෙන් තොර රටක් නිර්මාණය කරගත්තොත්. ඒ නිසා පුළුවන් සෑම ගෙදරකම කිරි හරකෙක් හදන්න. ඒ මඟින් පැළයක් සාදා වස විසෙන් තොර ආහාර වේලක් ගන්න පුරුදු වෙන්න. ඒකට කරන්න තියෙන එකම විසඳුම කිරි ගව පාලනයයි.”

එලෙස සැමට ඔවදන් දෙන සරත් ඉතා කෙටි කලක් තුළ කළ වික්‍රමය වෙනුවෙන් ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රාශියක් දිනා තිබේ.“මගේ එකම අභිප්‍රාය මං පටන්ගත් දෙය රටපුරා ව්‍යාප්ත කරන එක. අපට වස විසෙන් තොර රටක් කියන එක මගේ තේමාව. මට මැරෙන්නට පෙර මේ රට වස විසෙන් තොර රටක් කරන්නට පුළුවන්නම්. ඒ සඳහා මට පුළුවන් උපරීම උත්සාහ ගන්නවා.”ඒ ඌව පළාතේ වැලිමඩෙන් බිහිවූ සිරිලක කොම්පොස්ට් රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනයයි.

තිදෙනෙකුට ජීවිතය අහිමි කල වේයන්ගොඩදී දුම්රියේ ගැටීමේ අවාසනාවන්ත පුවතක්

වේයන්ගොඩ – හීන්දෙණිය – පට්ටිගොඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කර ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක්.

බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන්දියන් සාගරය අවට රටවල් 11ක දරුණු භූකම්පන ඇතිවීමේ අවදානමක් ලංකාවටත් සුනාමි අවදානමක් ඇතිවේවිද මෙන්න සම්පුර්ණ විස්තරය

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයේ රටවල් 11 ක දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවධානම්ක් ඇතැයි ඉන්දියාවේ භූ විද්‍යා හා අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා ඇති බවට සඳහන් කරමින් අන්තර්ජාලය පුරාම පුවත් පැතිර යනවා.

මෙම භූ කම්පනය දෙසැම්බර් 31ට ප්‍රථම ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එහිදී එම රටවල් වල වෙරළබඩ ප්‍රදේශවලට දැඩි හානියක් ඇතිවීමේ අවධානමක් ඇති බවත් එම පර්යේෂණ ආයතනය පෙන්වා දී ඇති බවත් එහි දැක්වෙනවා.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත වාර්ථාවක් ලබාදෙමින් ඉන්දීය භූ විද්‍යා හා අභ්‍යවකාශ ආයතනයක් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇති අතර ශ්‍රීලංකාව, ඉන්දියාව, පකිස්තානය, චීනය, ජපානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ගල්ෆ් කලාපීය රටවල මෙම භූ කම්පනය ඇතිවිය හැකි බවයි එම පුවත්වල දැක්වුණේ. මෙම භූ කම්පනය ඇති වුවහොත් අදාළ රටවල මුහුදුබඩ සීමාව වෙනස්විය හැකි බවද සඳහන්. එමෙන්ම මෙම භූ කම්පනය ඇතිවන කාලයේ අධික වැසි පතිත වන බවත් පැයට කිලෝමීටර 120 -150 ත් අතර වේගයෙන් සුළං හමන බවත් එම වාර්ථාවේ සදහන්.මේ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු අප සමඟ පැවසුවේ භූ කම්පනයක් ගැන කල්තියා අනතුරු ඇඟවීමක් සිදු කළ නොහැකි බවත් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ලොව කුමන හෝ ස්ථානයක භූ කම්පනයක් සිදුවන බවත් අපට අදාල වන්නේ 6.5 කට වැඩි භූකම්පනයක් සිදුවුවහොත් පමණක් බවත්ය.

මේ දින කිහිපය තුලදීම මෙම පුවත් සම්බන්ධයෙන් නිරන්තරයේනම තම ආයතනයෙන් ජනයා විමසීම් කළ බවත් අනිසි බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබට බඩිගිනි ඇති වන්නේ නැද්ද?ඒ නිසා ගැස්ට්‍රයිටීස් මාරයා ඔබේ ජිවිතයට වදයක් ද?එහෙනම් මෙන්න සරලම විසඳුම

මොනව හරි සැර බීම ටිකක්‌ බොනවද? කිසිවකු ආරාධනා කළොත් ඇතැම් දෙනා එය ප්‍රතික්‍ෂේප කිරීමට හේතු ලෙස වර්තමානයේ බොහෝවිට පවසන්නේ අනේ බැහැ ගැස්‌ට්‍රයිටීස්‌ තියෙනවා……

උදේට තමයි අමාරු වෙන්නෙ යෑයි කියාය. වර්තමානයේ බාල මහලු කොයිකාටත් පවතින බහුල රෝග තත්ත්වයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ හැඳින්විය හැකිය. ආයුර්වේදයේ මෙය අම්ල පිත්ත රෝගය ලෙස හැඳින්වේ. පොදුවේ අපි මෙය බඩේදැවිල්ල ලෙස පවසන්නෙමු.

පියයුරු කුඩා වීම ඔබට ප්‍රශ්නයක්ද ? නැතිනම් තනකිරි වැඩීම හීනවීම ඔබට ප්‍රශ්නයක්ද ?

අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක් නැත. ඇතැම් විටක ඔබද මෙම පිරිසෙන් කෙනෙකු විය හැකිය. ඔබේ පියයුරු කිසිම බාහිර අනතුරු නොමැතිව විශාල කර ගැනීමට මේ තමයි ආරක්ෂිතම විදිය.

ආයුර්වේදයේ ළදරු පෝෂණය කිරීම මුල් කොට ඇති තන්ත්‍රය කුමාර තන්‍ත්‍ර කෞමාරභෘත්‍යය යනුවෙන් හැදින්වේ. එහි සරල අදහස වන්නේ කුමාරවරුන් පෝෂණය කිරිම යන්නයි. පෝෂණය ආහාර මුල් කර ගත් කෘත්‍යයකි. බටහිර හා ආයුර්වේද යන දෙඅංශයේම පිළිගන්නා පොදු මතය වන්නේ බිළිඳු මරණ සහ ළදරුවන්ගේ රෝගී බව සඳහා ප්‍රධානතම හේතුවක් වන්නේ පෝෂණ අක්‍රමිකතා සහ ජීර්ණ අක්‍රමිකතා යන්නයි. එබැවින් ළදරු පෝෂණය සඳහා ක්‍රියාත්මක වන්නෙකු ළදරුවන් ගන්නා ආහාර සහ ළදරු ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන් මනා පරිචයක් ලබා සිටිය යුතුය

දන්තාලේප මුහුණේ ආලේප කර සිදුවන වෙනස බලන්න ඔබ පුදුම වේවි

අපි ගොඩක් දෙනෙක් නොදන්නා දේවල් රැසක් තිබෙනවාඅපි හැමදාම ඔබ නොදන්නා පුදුම හිතෙන දේවල් ගැන දැනුවත් කරනවා..අදත් ඔබව දැනුවත් කරන්නේ ඒ වගේ දෙයක් ගැන..ඔබ දත් මදින්න දන්තාලේප භාවිතා කරනවා නේද? නමුත් මේවා භාවිතා කර වෙන දෙයක් ඔබට කරන්න පුළුවන්…දන්තාලේප මුහුණේ ආලේප කර සිදුවන වෙනස හරියටම දැනගන්න පහත video එක බලන්න..

මෙවර අයවැයෙන් ඔබට සහන ලැබෙන්නේ මෙන්න මෙහෙමයි 2018 සදහා වූ සම්පුර්ණ අයවැය මෙන්න

2018 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවෙදී ඉදිරිපත් කිරීම මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් අද (9) සිදුකරනු ලැබුවා. මේ තුළින් 2018 වසර සඳහා සහන රැසක් ජනතාවට හිමි වූ අතර හරිත රටක් යන සංකල්පය යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල විවිධ සැලසුම් රැසක්ම ක්‍රියාත්මක කිරීමට නව අයවැයෙන් යෝජනා ඉදිරිපත් වුණා.

ඒ අනුව රජයේ වාහන සියල්ල 2025 වන විට විදුලියෙන් ධාවනය වන රථයන් ලෙසින් පරිවර්ථනය කිරීමට නියමිත අතර 2040 වන විට ඛණිජ තෙල් භාවිතයෙන් තොර වාහන රටපුරා ධාවනයට සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අය වැය යෝජනා ඉදිරිපත් කිරීමේ කතාව පැය දෙක හමාරකයට පමණ පසු මංගල සමරවීර මහතා අවසන් කළ අතර පහතින් දැක්වෙන්නේ එලෙසින් ඔහු ඉදිරිපත් කළ අයවැය යෝජනා ලැයිස්තුවයි.

* 2040 වන විට ඛණිජ තෙල් භාවිතයෙන් තොර වාහන රටපුරා ධාවනයට යෝජනා

* රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලියෙන් භාවිත වාහන පමණයි.

* එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්දක්

* විදුලියෙන් ධාවනය කෙරෙන වාහනවල බදු රු. ලක්ෂ 10කින් අඩු කිරීම

* ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා. විදුලියෙන් ධාවනය කරන ත්‍රීරෝද රථ සඳහා සහන.

* දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන

* එයාර් බෑග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා

* විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක්

* සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා

* විදුලි ත්‍රි රෝද රථ හා බස් රථ සඳහා වටිනාකම් ණය අනුපාතය 90:10 යි

* ලංගම හරිතකරණයට ලක්කිරීමට කටයුතු

* යතුරු පැදි, මොටර් රථ හා බස් රථ සඳහා කාබන් බද්දක්.

* පොලිතීන් කිලෝවක් නිශ්පාදනයට රුපියල් 10ක නිශ්පාදන බද්දක්.

* ආරුවක්කාලු කසළ මධ්‍යස්ථානයට රුපියල් මිලියන 3000ක්

* සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශකයම ඇවිදීමේ පහසුකම් සහිත ශරීර සුවතා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 1500ක්.

* දෙහිවල කූඩු කළ සතුන් විවෘත කූඩු සංකල්පයට පරිවර්තනයක්. පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංවිධානය සඳහා මිලියන 75ක්

* ජංගම දුරකතන කුළුණු ඉදිකිරීම අධෛර්යමත් කිරිමට නව බද්දක්.

* 2018දී මීගමුව රැකව පුත්තම ඇතුළත් කලපු 10 සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක්

* විද්‍යා තාක්ෂණ හා නවොත්පාදන සම්බන්ධතා ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 25ක්

* වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීම කුඩා හා මධ්‍යම වැව්වල රොන් මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක්

* කාලගුණ දර්ශන මත පදනම් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක්. බෝග වර්ග 6ක් සඳහා අක්කරයකට රුපියල් 40000ක මුදලක්. දායකත්ව රක්ෂණය සඳහා රුපියල් මිලියන 3000ක්

* කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදියුණු කර කාලගුණ දත්ත මහජනතාවට නොමිලයේ ලබාදීමට පියවර

* බහුදින යාත්‍රා වල පසු අස්වනු තාක්ෂණය වැඩි කිරීමට පියවර

* ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට අඩි 55ට වැඩි බහුදිර ධීවර යාත්‍රා වෙනුවෙන් වැය වන මිලෙන අඩක් රජය දරයි.

* වෙල්ලමංතර නව ධීවර වරායක්

* වැවක් සහිත ගමක් වැඩසටහන තව දුරටත්

* මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හා සැකසීම සඳහා විශේෂිත මධ්‍යස්ථානයක්.

* සුළු ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම ව්‍යාපාරිකයන් සඳහා පහසුකම්අ

* සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරික යෝජනාවේ සක්‍යතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට ණය ලබාගැනිමට අවස්ථාව. ආනයන අපනයන සංවර්ධන බැංකුවක්.

* ආනයන අපනයන සංවර්ධන බැංකුව ඉදිකිරීමට රැපියල් මිලියන 10000ක්.

* කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට සහන. ව්‍යාපාරික කුසලතා දියුණු කරීම සඳහා ආධාර වෙනුවෙන් මිලියන 2200ක්.

* කොටස්කරුවන් සහිත කුඩා ව්‍යාපර ඇති කිරීම සඳහා මිලියන 500ක්.

* කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිය ලබාදීමට කාන්තා ව්‍යවසායකයන් සඳහා පොලී අනුපාත සහනයක්.

* විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ව්‍යාපාර සඳහා යොමුවීමේදී පොලී සහන.

* කුඩා හා මධ්‍යම ව්‍යාපාර ණය ලබා ගැනීමට ඇපකර අරමුදලකට රුපියල් මිලියන 500ක්.

* තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්.

* තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලින් පාඨමාලා.

* අපයනය කරන දේශීය කර්මාන්ත ශාලා බල ගැන්වීමට කටයුතු.

* ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ආයතන (ප්‍රමිති ආයතනය වැනි) සංවර්ධනය කිරිමට කටයුතු

* කිරි, ඹෟෂධ වැනි නිෂ්පාදයන් සඳහා කර්මාන්ත උපකරණ ආනයන කිරීමේදී බදු සහන.

* කුළු බඩු කර්මාන්ත සඳහා සහන. ගුණාත්මක අතින් ඉහළ නිශ්පාදන සඳහා නීති රීති. කුරුඳු හා ගම්මිරිස් අගය එකතු කිරීම වර්ධනය කිරීමට පියවර.

* කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායිතාවය නැංවීමට රුපියල් මිලියන 250ක්.

* පොල් තෙල් හා පොල් මද ආශිත නිශ්පාදන සඳහා ජාතිය ගොනැගීමේ බද්ද වසරකට ඉවත් කෙරේ.

* රබර් කර්මාන්තයේ අගය එකතු කිරීමේ නිශ්පාදන සඳහා සහන.

* කුකුළු පාලනය – දේශීය බඩ ඉරිඟු ආනනය ලිහිල් කිරීමට පියවර. කුළුලු ගහණය මිලියන 500ක් දක්වා වැඩි කිරීමට පියවර

* කෙසෙල් හා අන්නාසි අපනයනය කිරීම දිරිමත් කරමින් ඉහළ නිශ්පාදන ඵලදාවක් සහිත පැළ නිශ්පාදනය දිරිමත් කිරීමට පියවර

* ශ්‍රී ලංකාවේ මල් නිශ්පාදනය විදේශ වෙළඳපොළට ප්‍රවේශවීමට දියුණු කිරීමට යටිතල පහසුකම්.

* මැණික් කර්මාන්තය නැංවීම සඳහා කැපීමට ගෙන්වන මැණික් සඳහා ජාතිය ගොඩ නැගීමේ බද්ද ඉවත් කරයි

* දැව හා දැව ආශ්‍රිත නිශ්පාදන වර්ධන අවකාශය ප්‍රමාණවත් පරිදි භාවිතයට ගෙන නොමැත. ඒ සඳහා නිර්මාණ සැකසුම් මධ්‍යස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග ස්ථාපිත කිරීමට පියවර.

* සංචාරකයන් සඳහා පහසුකම් සපයන නිවාස හිමියන්ට ණය ක්‍රමයක්.

* සංචාරක ව්‍යාපාරයෙන් සිටින බදු නොගෙවන්නන් බදු දැළට හසුකර ගැනීමට පියවර.

* සංචාරකයන් අභිමුඛ වන පරිදි මත්පැන් බලපත්‍ර ලබාදීම වෙනස් කිරීමට පියවර

* දුම්රිය ස්ථාන කොළඹ කෙටුව, නානුඹය දුම්රිය කෞතුකාර ලෙස සංවර්ධනයට පියවර.

* අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් පෞද්ගලික අංශයේ සහාය ඇතිව සංවර්ධනයට පියවර.

* මාදුරු ඹය හා ගල් ඔය සෆාරි පහසුකම් සහිතව සංවර්ධනය කරනවා.

* සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නව පොලිස් ස්ථාන ඉදිකරනවා.

* ඕෆ් රෝඩ් ක්‍රීඩා විදුලි වාහන සඳහා බදු සහන.

* ත්‍රීරෝද රථ ව්‍යවසායකයන් බිහිකිරීමට පියවර. සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හදුන්වා දෙයි.

* ත්‍රිරෝද රථ රියදුරන් සංචාරක මඟ පෙන්නන්වන් වශයෙන් පුහුණුකරනවා. ඔවුන්ට නොමිලයේ පුහුණුව දෙනවා.

* ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා.

* ව්‍යාපාර ලියාපදිංචිය පහසු කිරිමට එක් ආයතනයක්.

* ලියාපදිංචි සමාගම් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී ඇති සීමා ඉවත් කිරීමට යෝජනා

* රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

* රැකියා සඳහා සූදානම් කිරිමේ අරමුදලට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.

* යොවුන් සේනාංකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් .

* නව වෘත්තීය පුහුණු පාසල් පහක්.

* වසර 13ක අධ්‍යාපනක් ලබාදීමේ අරමුණ ඇතිව අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන ව්‍යුහගත කර ඇත. ඒ සඳහා මිලියන 3500ක්.

* ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිසංවිධානය කරනවා.

* අවශ්‍යතාවට ගැලපෙන පරිදි විෂය වෙනස් කරනවා. අධ්‍යාපන ක්‍රමය අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමයක් ස්ථාපනය කරනවා.

* ගුරුවරුන් පුහුණු කිරිමට මිලියන 1200ක්. ස්මාට් පංති කාමර සඳහා මිලියන 750ක්.

* විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍යයින් සඳහා අවධානය යොමුකරනවා. විද්‍යාපීඨ සිසුන් සඳහා දීමනාව වැඩිකරනවා

* වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට රුපියල් මිලියන 1250ක්.

* සම්ප්‍රදායික නොවන උපාධි පාඨමාලා හඳුන්ව දීමට කටයුතු.

* දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාවක් හදුන්වාදෙනවා.

* මහපොළ නිර්නායක සඳහා සලකා බලන ආදායම් මට්ටම ලක්ෂ 3 සිට ලක්ෂ 5ට වර්ධනය කරනවා.

* ග්‍රාමීය ක්‍රීඩාංගණ 100ක් සංවර්ධනය කිරීමට මිලියන 100ක්

* පැණි බීමවල ඇති සීනී ප්‍රමාණය අනුව සීනි ග්‍රෑමයකට ශත 50ක බද්දක්

* ක්‍රීඩා සපත්තු ආනයනයේදී තීරු බද්ද ඉවත් කෙරේ.

* නව වකුගඩු ඒකක තුනක්.

* බෝනොවන රෝග (ඒඩ්ස්/වකුගඩුරෝගය ආදී) මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

* මධ්‍යසාර බදු ව්‍යුහය යථාවත් කරනවා.

* මත්පැන් මත ජාතිය ගොඩ නැගීමේ බද්ද 2018/4/01 සිට පනවනවා.

* අඩු ආදයම් ලාභීන් වෙනුවෙන් නිවාස ඒකක 20000 ක් 2020 දී ලබාදෙනවා.

* නාගරික ජනාවාස වෙනුවෙන් රුපියල් බිලියන 17.5ක් ලබන වසරට වෙන්කරනවා.

* උතුරු නැගෙනහිර යළි පදිංචි කිරිමේදි නිවාස ඉදිකිරීමට තවත් මිලියන 3000ක් වෙන්කරනවා.

* වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙනුවෙන් නිවාස 25000කට රුපියල් මිලියන 2000ක්.

* මැදි ආදායම් ලාභීන් වෙනුවෙන් සාධාරන මිලකට නිවාස මිලදී ගැනීමට රජය මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර තිබෙනවා. මෙය පුළුල් කිරිමට කටයුතු කරනවා.

* ඒකාබද්ධ ගංවතුර පාලන ක්‍රමයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් සඳහා හඳුන්වාදෙනවා.

* කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගය ඉදිරියට ගෙන යනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරනවා. ගංවතුරෙන් මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මිලියන 4000ක්.

* සහසර වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය ගන්නවා. ඒකාබද්ධ කාලසටහන් ස්ථාපිත කරනවා.

* ප්‍රජාපොලිස් කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා. පොලිස් හා අපරාධ කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඉදිකරනවා

* ශ්‍රී ලංකා පොලීසියේ අන්තර්ජාල විමර්ශන අංශය බලාත්මක කරනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා වැඩි අවස්ථා ලබාදී තිබෙනවා.

* අධිකරණ තුළ ගොඩගැසි ඇති මූල්‍ය, දූෂණ ඇතුළු අඩු විශාල නඩු ප්‍රමාදවීම් වැළැක්වීම සඳහා අධිකරණ පරිපාලන කටයුතු වේගයත් කිරිමට නවීන ශව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ විශේෂ උසාවියක් වෙනුවෙන් මිලියන 25ක්.

* බාල අපරාධකරුවන් හා වින්දිතයන් අධිකරණය රැගෙන යාමේදී ගැටලු සඳහා පිළියමක් ලෙස ඔවුන්ව වෙන්ව ප්‍රවාහනය කිරීමට වාහන මිලදී ගන්නවා.

* ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට රුපියල් බිලියන 2.5ක ප්‍රාග්ධනයක් ලබාදෙනවා.

* ආගමික ස්ථාන සංරක්ෂණය කරනවා. කලාව හා කලා ශිල්පීන් ආරක්ෂා කරනවා.

* බෞද්ධ පුස්තකාලයක් අරඹීමට මිලියන 50ක් වෙන්කරනවා. ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 250ක්. අනුරාධපුර, ශ්‍රී පාදය, මඩු, නල්ලූර් විශ්‍රාම ශාලා ඉදිකිරීමට මිලියන 100ක් වෙන්කරනවා.

* නැගි එන මැදි හා ඉහළ ආදායම් ලබන ජනතාව සිටින නගර ආශ්‍රිතව විනෝදාත්මක පහසුකම් ලබාදෙනවා. ජාත්‍යන්තර මට්ටමේ මධ්‍යස්ථානයක් මොරටුවේදී ඉදිකරනවා.

* ඩිජටල්කරණය තුළින් රජයේ සේවා විධිමත් කරනවා.

* ICTA වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.

* රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක්.

* රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සඳහා පූර්ණ අධ්‍යනයක් කරනවා.

* රාජ්‍ය සේවකයන් 500ට වැඩි ආයතන වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකරනවා.

*2016න් පසු විශ්‍රාමිකයන්ට ජීවිතාන්තය තෙක් අග්‍රාහාරය ලබාදෙනවා

* රජයේ සේවයකයන්ට වාහන සඳහා ලබාදෙන බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

* උතුරට තවත් නිවාස 50000ක් ඉදිකරනවා.

* යාපනයේ නවීන ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකර එය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා සම්බන්ධ කරනවා

* ගාසතුවකින් තොරව පොදු ස්ථාන වල සිල්ලර වෙළඳසැල් ස්ථාපනය කරනවා. පෞද්ගලික අංශයේ මූලිකත්වයේ ආරම්භ කරනවා.

* පාරිභෝගික අධිකාරිය හා පනත ශක්තිමත් කරනවා.

* රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවන්න වෙනවා.

* 2018 වසරට ණය ආපසු ගෙවීමට බිලියන 1970ක් තිබෙනවා.

*2018 වසර සඳහා සිදුකිරිමට නියමිත රාජ්‍ය අයෝජන අඩු කරන්නේ නෑ.

* 2018/4/1බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් ගෙවීමට යෝජනා කරනවා.

* නිර්බාධක වෙළඳාම දියුණු කරනවා. නව රේගු පනතක් හඳුන්වා දෙනවා.

* 2018/1/1 සිට ආනයනට අදාළ සියලු ලියකිලිවිලි මෙහෙයවීම ස්වයංක්‍රීය සිදුකරනවා.

* දුම්වැටි ආනයන හා සුරුට්ටු ආනයන බලපත්‍ර නිකුත් කරනවා.

* සුරාබදු ආදායම් කළමනාකරන පද්ධතියක් හඳුන්වා දෙනවා.

* පානීය නොවන මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 15ක බද්දක් අයකරනවා.

* 2018/4/1 සිට කෙටි පණිවිඩ අලෙවි ප්‍රචාරයන් සඳහා පණිවිඩයකට ශත 25ක ගාස්තුවක් අයකරනවා.

ඔන්න ඉතිහාසයේ පළමු වතාවට කාබන් බද්දක් ලෙස අමුතුම විදියේ බද්දක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇත

මොටර් බයිසිකල් කර් හා මගී බස්රථ සඳහා කාබන් බද්දක් හඳුන්වා දෙන බව මුදල් ඇමැති වරයා පැවසීය

මේ අනුව අවුරුදු 5කට අඩු මොටර් බයිසිකලයක් සඳහා දිනකට ශත 17ක බද්දකුත් මොටර් කාර් රථයකට දිනකට රු.1.78කුත් බස් රථයක් සඳහා දිනකට රු. 2.74ක් ද පැනවීමට තීරණය කර ඇත.

මේ මගින් එකතු වන අරමුදල් පරිසරය ආරක්ෂා කිරීමට යොදවන බව මුදල් ඇමැතිවරයා පැවසීය.