අම්මෝ පිස්සු හැදෙනවා මෙයාලගේ ඇඟක් මෙච්චර වටිනවද.? ලොව වැඩිම මිලට ඇඟ විකුණන කාන්තාවන් 10 දෙනා මෙන්න

අම්මෝ පිස්සු හැදෙනවා මේ අයගෙ ගනන් ඇහුවම ..එක රැයකට ලක්ශ ගනන් ගන්නවා
බලලම ඉන්නකෝ වීඩියෝ එක

ලංකාවම කතාවෙන කොල්ලො කෙල්ලො පාරේ දනගහගෙන කරපු වැඩේ මොකද්ද.? ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව මෙන්න

කොල්ලො කෙල්ලො පාරේ දනගහගෙන කරපු වැඩේ ලංකාවම කතාවෙයි
මෙන්න ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව
පන්තියෙන් එලියට දාන එකේ extended version එක තමා දනගහගෙන ඉන්න එක. සමහර වෙලාවට සර් හරි මැඩම් හරි අපිට පාඩම් කරගෙන එන්න දෙන පාඩමක් කවියක්, එහෙම පාඩම් කරන්න අමතක උනාම, ඒ මදිවට ගෙදර වැඩත් කරගෙන එන්න අමතක උනාම තමා මෙහෙම දඬුවම් හම්බවෙන්නේ, ඒ කාලේ අපි මෙහෙම දනගහන්න වෙන එකට එක එක කෙටි ක්‍රම පාවිච්චි කළා, අහල පහල පත්තර රෙදි කෑලි එහෙම හංගලා තිබ්බා, බැරිවෙලාවත් පන්තියෙන් එලියට දාලා දන ගහන්න කිව්වොත් අර පත්තරයක් හරි රෙදි කෑල්ලක් හරි අරගෙන ආතල් එකේ දනගහගෙන ඉන්නයි තියෙන්නේ.
මෙන්න මේ දනගැහිල්ල බලන්නකෝ පහත වීඩියෝවෙන්

ටොන් 8.5ක් බර බස් රථයක් තරම් විශාල වස්තුවක් අද හෙටම පෘතුවියට කඩාගෙන වැටීමට නියමිත බව චීනයේ පවසයි.!

පිළිබඳව මීට මාස ගණනකට පෙර අපි ඔබව දැනුවත් කරා ඔබට මතක් ඇති. දැන් එය සිදුවීමට තිබෙන්නේ දවස් 2ක් වැනි කාලයක් පමණයි

පහතින් වීඩියෝව

රටම හොල්ලන දකුණේ පාතාලේ මහ කෙරුමා මාකදුරේ මධූෂ්ගේ පාතාලේ කෙරුම් සහ මිනිස් දඩයම පටන්ගත් හැටි

රටම හොල්ලන දකුණේ පාතාලේ මහ කෙරුමා මාකදුරේ මධූෂ්ගේ පාතාලේ කෙරුම් සහ මිනිස් දඩයම පටන්ගත් හැටි

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නකු සතුව ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්නට නම් යම් මැර බලයක් අවශ්‍ය වේ. පාතාලය ඔවුන් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙනි. එසේම නීතියෙන් පැමිණෙන බාධා ඉවත් කරගැනීමට නම් දේශපාලන හයියක් අවශ්‍ය වේ. දේශපාලකයකු ළංකර ගන්නේ ඒ වෙනුවෙනි.

දේශපාලකයා සමඟ ගනුදෙනු පවත්වාගෙන යාමට ඔවුහු මුදල් වැය කරති. දේශපාලකයාට ද තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයන් වෙනුවෙන් වැය කිරීමට කොපමණ මුදල් තිබුණත් ප‍්‍රමාණවත් නැති තරම්ය. ඒ නිසා ඔවුන්ට කාගෙන් මුදල් ලැබුණ ද භාරගනු ඇත. එසේම දේශපාලකයාට ද ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් මර්දනය කරගැනීමට පාතාලයේ සහාය අවශ්‍ය වේ. ඇතැම් දේශපාලක​ෙයා් ද යහමින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති.

පාතාලයේ උදව් ලබාගන්නා දේශපාලකයන්ට ඔවුන්ගේ රහස් වැඩි ප‍්‍රමාණයක් දන්නා පාතාලයන් අභියෝගයක් වන අවස්ථා ද මතු වේ. ඔවුන්ගෙන් තමන්ගේ රහස් හෙළිවනු ඇතැයි යන බියක් ද ඇතැම් අවස්ථාවල ඇතිවේ. ඒ නිසා දේශපාලකයන් විසින් තමන්ට උදව් කළ පාතාලයන් ඝාතනයට පෙළඹුණ අවස්ථා ද පවතී. ඒ සඳහා ඔවුන් නැවත වෙනත් පාතාල කණ්ඩායමක සහාය ලබාගනු ඇත. මේ ආකාරයට දේශපාලකයෙක් පාතාලයේ පිහිට ලබාගැනීම කොටි වලිගයක් අල්ල ගත්තා වැනිය අත්ඇරිය නොහැකිය.

අත්ඇරීමට නම් තවත් එවැනිම කෙනකු ළං කරගත යුතුය. කෙසේ වුව ද සදාකාලිකවම පාතාලය ළඟින් සිටිනු ඇත. එසේම පාතාලයන්ට දේශපාලකයන් ඇණයක් වන අවස්ථා, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය දේ ඉටුකරගන්නට නොහැකි අවස්ථා ද මතු වේ. එවැනි දේශපාලකයකු ඝාතනය කිරීමට එවිට අදාළ පාතාල නායකයන් කටයුතු කරනු ඇත. මෙලෙස විවිධ හේතු මත එකිනෙක බැඳී පවතින මේ සබඳතාව බිඳීම පහසු නැත. දේශපාලකයාගේ රැකවරණය හා ආශිර්වාදය ලැබෙන තාක් පාතාලය සම්පූර්ණයෙන් නැති කිරීම සිහිනයක් පමණක් වනු ඇත.

කලින් කලට අපේ රටේ සාමාන්‍ය ජනතාවට විවිධ භීෂණයන්ට ලක්වන්නට සිදුවිය. වසර තිහක්ම යුද්ධය නිසා භීතියට පත් වූ ජනතාව අසූව දශකයේ ජවිපෙ හා එකල පැවැති ආණ්ඩුවේ ගැටුම මත ඇති වූ භීෂණයට ද මුහුණ දුන්හ. මේ සියලු භීෂණයන් අවසන් කළ පසු සුදු වෑන් සංස්කෘතිය තුළ සමාජය භීෂණයට ලක්වූහ. එය ද අවසන් විය. එහෙත් දැන් යළිත් භීෂණයක් පැමිණ තිබේ. ඒ පාතාල භීෂණයයි. පාතාල භීෂණය අද ඊයේ ඇති වූවක් නොවුණ ද එය යටපත්ව තබාගැනීමට ඇතැම් ආණ්ඩු සමත් විය. පසුගිය කාලය තුළ උදෑසනට අවදිවන්නකු ගුවන් විදුලියට සවන් දෙන්නේ අද කවුරු මරලා ද දන්නේ නෑ යනුවෙන් ඝාතනයට ලක්වූවන් ගැන දැනගැනීමේ අදහසින් යැයි කිවහොත් එහි වරදක් නැත.

අද දවසේ පාතාලය ගැන කතා කරන විට කාගෙත් මුවගට නිතැතින් නැඟෙන නාමය මධූෂ්ය. මධූෂ්ට ද අවශ්‍යව ඇත්තේ එයමය. ලාංකීය පාතාල ලෝකයේ ‘ගෝඩ් ෆාදර්’ වීම ඔහුගේ සිහිනය වී ඇති බව පෙනෙන්නට තිබේ. කලක් ඔහු දකුණ හොල්ලාගෙන සිටියේ දකුණේ අණසක පතුරුවාගෙන සිටි කොස්ගොඩ සුජී සමඟ ගැටෙමිනි. මේ දෙදෙනාම තමන්ගේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කළේ විදේශගතව සිටිමිනි. ඒ සඳහා මධූෂ් දකුණේ තවත් පාතාල කණ්ඩායම්වල සහාය ලබාගත්තේය. කොස්ගොඩ සුජී ද තමන්ගේ බලය පතුරා ගැනීම සඳහා සමයංගේ සහාය ලබාගත්තේය.

දෙදෙනාම හොරොයින් ජාවාරම තදින්ම පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. දකුණේ බලය අල්ලා ගැනීම සඳහා දෙදෙනා අතර පැවැති ගැටුම නිසා කලක් දකුණ භීතියෙන් ඇලළී ගියේය. සමයංගේ ඝාතනයත් සමඟ මේ ගැටුම් තවත් උත්සන්න විය. එහෙත් දැන් ඒ ගැටුම් පරාජය කරමින් ඉහළට එසවී සිටීමට මධූෂ්ට හැකියාව ලැබී තිබේ. අද රටේ සිදුවන පාතාල ක‍්‍රියාකාරකම් හා ඝාතනයන් බොහොමයක් පිටුපස සිටින්නේ කඹුරුපිටියේ මධූෂ් බව පොලිස් වාර්තා මගින් කියැවේ.

පොලිසියට ද තර්ජන එල්ල කරන තරමටම තර වී සිටින කඹුරුපිිටියේ මධූෂ් හෙවත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත උපතින් පාතාලයෙක් නොවන බව කවුරුත් දන්නා ඇත්තය. එසේ නම් ඔහු පාතාල නායකයකු වුණේ කොහොම ද? ඩැනී හිත්තැටිය ඝාතනයේ සිට කොස් මල්ලී ඝාතනය දක්වා මධූෂ්ගේ ගමන කුමක් ද? ඔහුට පාතාලයකු සේ හැදී වැඩෙන්නට කිරි පෙව්වේ කවුද? මේ ඇත්ත තිත්ත වුණත් අපට එය කතා කිරීමට සිදුව තිබේ. ඒ යළිත් වතාවක් රට පාතාලයන්ට යන්නට ඉඩ හැර තිබේ ද? යන ගැටලුවක් දැන් දැන් මතුවෙමින් පවතින නිසාය.

මධූෂ් උපන්නේ මාතර කඹුරුපිිටියේය. ඔහු සිය මව, පියා හා එකම සහෝදරයා සමඟ අගහිඟකම් පිරී ගියත් සතුට රැඳී තිබුණ තම පුංචි කැදැල්ලේ සුරතල්ව හැදී වැඩුණේය. පාසල් යාමට පටන් ගත් තැන් පටන් හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඔහු ඉඳහිට දඟකාරකම් ද නොකළා නොවේ. මේ පුංචි කැදැල්ලට කණ කොකා හැඬුවේ 88-89 භීෂණ සමයත් සමඟය.

මධූෂ්ගේ මව එකල තහනම් දේශපාලන කාර්යයක නියැළී සිටිතැයි ආරක්ෂක අංශවලට ඔත්තු ලැබිණ. සැබැවින්ම ඇය එවැනි දේශපාලනයක නිරත වූ බවට තොරතුරක් නැතත් ආණ්ඩුවට එරෙහිව දේශප්‍රෙ‌්මී සංවිධානය විසින් සංවිධානය කළ රැස්වීමකට ගමේ අය ද සමඟ ඇයට ද සහභාගී වන්නට සිදුවිය. එයට සහභාගී වී ආපසු එමින් සිටියදී රජයට එරෙහිව ගියැයි රජයේ ආරක්ෂක අංශ විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් මධූෂ්ගේ මව ඝාතනයට ලක්වන්නේ අට හැවිරිදි මධූෂ්ට හා තවමත් අවුරුදු හයක්වත් නොවූ ඔහුගේ මල්ලීට ද මවකගේ රැකවරණය ආදරය අවශ්‍යම මොහොතකය.

එතැන් සිට මධූෂ් හා මල්ලි ගැන සොයා බැලුවේ පියා හා ලොකු අම්මාය. පියා නිශ්චිත රැකියාවක් නොකළ අතර කුලී වැඩ කරමින් ඉපයූ සොච්චම් මුදලින් ඔහු දරුවන් රැක බලාගත්තේය. මවගේ මරණින් වසර කීපයකට පසු පියා වෙනත් විවාහයක් කරගත් පසු මධූෂ්ලාගේ සම්පූර්ණ වගකීම ලොකු අම්මා මත පැටවිණ.

මධූෂ් ඉගෙන ගැනීමට ද අදක්ෂ දරුවෙක් නොවීය. එසේම ඔහු අහිංසක තැන්පත් දරුවකු ද නොවීය. නිතරම අනෙකුත් දරුවන් සමඟ රණ්ඩු කරගත්තේය. ඒ නිකම්ම නොවේ. තමන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිවය. තමන්ට කරන හතුරුකම්වලට එරෙහිවය. පියාගේත් මවගේත් රැකවරණය අහිමි වූ ඔහු ටිකෙන් ටික හිතුවක්කාර දරුවකු වන්නට පටන් ගත්තේය. එහෙත් ලොකු අම්මා ඔහුව පාසල් යැවීම නැවැත්වූයේ නැත. ඔහු ද ඉගෙනීම අත්හලේ නැත.

එහෙත් ලොකු අම්මාට ඇගේ පවුලේ ප‍්‍රශ්නත් තිබියදී තමන් හා මල්ලි වෙනුවෙන් වැය කිරීම අපහසු බව මධූෂ්ට වැටහිණ. ඒ නිසා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මධූෂ් පසුව කුලී වැඩ කර ජීවිකාව ගැටගසා ගන්නට වෑයම් කළේය. පාසල් දිවිය හමාර කළ ඔහු ලී මඬුවක කුලියට වැඩ කරන්න පටන් ගත්තේය. කලක් මෙසේ කුලී වැඩ කළ මධූෂ් පසුව ලී ඉරන කුඩා මැෂිමක් අත් කරත්තයක පටවාගෙන තැනින් තැනට ගොස් ලී ඉරන්නට විය. ඔහු ජංගම ලී ඉරන පට්ටලය ලෙස කා අතරත් ප‍්‍රසිද්ධ වූයේ මේ නිසාය.

ගම්වල එදිනෙදා කටයුතුවලට පොඩි ගසක් කපා ගන්නා අයෙක් ඒ ලී ටික ඉරාගන්න නගරයේ මෝලට අරන් යනවාට වඩා මධූෂ්ගේ ජංගම පට්ටලයෙන් ලී ඉරා ගැනීමට පුරුදු විය. එය නගරයට යනවාට වඩා ඔවුන්ට ආර්ථික වශයෙන් ලාභයක් ගෙන දෙන්නක් වගේම කාලය ද ඉතිරි කරන්නක් විය. මේ වැඩේට මධූෂ්ට ලී මෝල් හිමියන්ගෙන් තර්ජන ගර්ජන ද එල්ල නොවූවා නොවේ. එසේම ඔහුට උදව් කළ මෝල් හිමියෝ ද වූහ. මධූෂ් තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්නට තරම් ශක්තිමත් විය.

පාසල් වයසේදී ද එතරම්ම අහිංසකයෙක් නොවූ මධූෂ් මේ අභියෝගවලට මුහුණ දෙන්නට ද සැරසුණේය. ඒ තමන්ට චණ්ඩි පාට් දාන අයට බය නැතිව පෙරළා චණ්ඩි පාට් දැමීමෙනි. එසේම තමන්ට උදව් කළ අයට ද ඔහු දෙවියන්ට මෙන් සැලකුවේය. එදා මධූෂ්ට අවශ්‍ය වුණේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට පමණි.

මෙවැනි කටයුතුවල නිරත වීම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම තරුණ වයසේදීම මෙතරම් භාරදූර කාර්යයක නියැළීම තුළින් ඔහුව අත්දැකීම්වලින් පෝෂණය වන්නට ඇත. ඒ අත්දැකීම්වලින් තෙම්පරාදු වන ඔහුට තව තවත් සමාජයට මුහුණ දෙන්නට ශක්තිය ලැබෙන්නට ඇත. එසේම මෙවැනි වෘත්තියක නියැළෙන තරුණයකු ලෙස ඔහුට සමාජයේ විවිධ තරාතිරමේ අය ආශ‍්‍රය කරන්නට සිදුවන්නට ද ඇත.

මධූෂ් විවාහකයකු නොවන බවටත් ඔහු වැඩියෙන්ම කැමැති අනියම් සබඳතාවලට බවටත් බොහෝ දෙනා අතර මතයක් පවතී. එහෙත් ඇත්තටම මධූෂ් අවිවාහකයකු නොවේ. ජංගම ලී මෝලක හිමිකරුවකු වූ මේ කඩවසම් තරුණයාගේ ආදරය දිනා ගන්නට සමත් වූ තරුණියක් ද ගමේ සිටියාය. කඩවසම් තරුණයකු වූ මධූෂ්ට අකැමැති වීමට හේතුවක් ඇයට නොවිණ.

එසේම ඒ වනවිටම ගමේ කාගෙත් මඟුලකට මරණයකට සම්බන්ධ වූ කාගෙත් දුකට සැපට ළඟින් සිටි මධූෂ්ගේ අත ගන්නට ඇතැම් කෙල්ලෝ පොරකන අවස්ථාවක ඇය කුමකට පස්සට යන්න ද? එකල පාසල් යන වයසේ පසු වූ ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව රජයේ රැකියාවක් ලබාගන්නට සමත් වූවාය. අනතුරුව ඇය මාතර මහරෝහලේ සාත්තු සේවිකාවක වූවාය. මධූෂ් හා ඇය විවාහ වූයේ ඉන් අනතුරුවය. ඒ ජීවිතය ද හොඳින් ගත විය.

තම රැකියාවේදී ඇතැමුන් සමඟ ගැටුම් ඇති කරගන්නට සිදුවුව ද ඒවා ඔහු පුංචි කැදැල්ලට ප‍්‍රශ්නයක් වන්නට ඉඩ තැබුවේ නැත. ආදරයෙන් පිරි කැදැල්ල ඔහුට සැනසුම ගෙන දුන්නේය. ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමින් කැදැල්ලට පුංචි කුරුලු පැටියෙක් ද එක් විය. කැදැල්ල සතුටින් පිරී ගියේය.

මධූෂ්ට යාළුවන්ගෙන් ද අඩුවක් නොවිණ. විවිධ තරාතිරමේ යහළුවන් ඒ අතර විය. ඇතැමෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සම්බන්ධ වී සිටියහ. ඇතැමෙක් චණ්ඩීන් වූහ. ඒ අතර සමහරෙක් බස්රථවලින් කප්පම් ගැනීමට පුරුදුව සිටියහ. මේ ඇසුරේ කෙළවර වූයේ මධූෂ් ද බස්රථවලින් කප්පම් ගන්නා කල්ලියක සාමාජිකයකු වීමෙනි. මෙලෙස කප්පම් කල්ලියක සාමාජිකයකු බවට පත්වීමත් සමඟ මධූෂ්ගේ ජීවිතය වෙනස්ම පැත්තකට ගලායන්නට විය.

මධූෂ් සතුව වූ ආක‍්‍රමනශීලී හැකියාව නිසාම කෙටි කලකින් ඔහු තමන්ගේම කප්පම් කණ්ඩායමක් මෙහෙයවන නායකයකු බවට ද පත් විය.

එකල කප්පම් කල්ලි අතර ගැටුම්වලට ද මධූෂ් මැදිහත් විය. ක‍්‍රමයෙන් මධූෂ් ප‍්‍රදේශයේ නම ගිය චණ්ඩියකු බවට පත් විය. මුදල් ලැබෙන්න ලැබෙන්න තව තවත් ඒ කෙරෙහි ලොබ බැඳගත් මධූෂ් සිය කණ්ඩායම් මෙහෙයවා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් ද කප්පම් ගන්නට පටන් ගත්තේය. එපමණකින් නොනැවතී අවි ආයුධ පෙන්වා මිනිසුන් බිය ගන්වා කොල්ලකෑමේ ද නිරත විය.

මේ හැසිරීම් නිසා මධූෂ්ට නිතර නිතර අත්අඩංගුවට පත් වන්නට සිදු විය. එකල මධූෂ්ගේ නමින් අධිකරණවල නඩු නොපැවරූ පොලිසියක් නොමැති තරම්ය. රක්ෂිත බන්ධනාගාරගත වන මධූෂ් යළි එළියට එන්නේ තමන්ගේ කාර්යය කරගෙන යා හැකි තවත් චණ්ඩියකු දෙන්නකු හඳුනා ගනිමිනි. ඉන්පසු ඔවුන්ගේ ද සහාය තම කණ්ඩායමට එක්කර ගැනීමට මධූෂ් සමත් විය. මධූෂ් අතින් සිදුවූ පළමු ඝාතනය ගැන චෝදනාව නැගෙන්නේ මෙලෙස සිය කප්පම් කල්ලිය වැඩිදියුණු කරගනිමින් එය යහමින් පෝෂණය කරගනිමින් යද්දීය.

මධූෂ් අතින් මිය ගිය පළමු පුද්ගලයා කවුද? ඒ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතා යැයි සිතෙන්නට පුළුවන. ඒ මධූෂ්ගේ නමට තිබෙන ප‍්‍රසිද්ධම පළමු ඝාතන චෝදනාව එය වන නිසාය. එහෙත් ඔහුගේ පළමු ඝාතනය එය නොවේ. එලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කප්පම් ඉල්ලා සිටියදී ඒවා ලබාදීමට මැළි වූ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවය පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් ද මධූෂ් අත්අඩංගුවට පත්විය. එහෙත් ඔහු ඒ සියලු චෝදනාවලින් නිදහස් විය. ඒ ඇසින් දුටු සාක්ෂි නොමැති වීමෙනි.

ඒ වනවිට මධූෂ්ට දේශපාලන සම්බන්ධතා ද ගොඩනැගී තිබිණ. ඒ දේශපාලන සබඳතා ද ඔහුගේ සහායට සිටියා වන්නට ඉඩ ඇත. අදත් දේශපාලනයේ නියැළෙන දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෝ කීපදෙනෙක්ම මධූෂ් සමඟ සබඳතා පවත්වන බව කඹුරුපිටියට පමණක් නොව දකුණටම ප‍්‍රසිද්ධ රහසකි.

මධූෂ් ඇයි ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළේ? ඒ පිළිබඳව අප ලබන කලාපයෙන් කතා කරමු.

මුදිතා දයානන්ද

“ඒ විදියට රඟපාන්න අපේ අකමැත්තක් නෑ” වොල්ගා සමග රඟපාන විදිය අපූරුවට කියපු හැටි මෙන්න

”වොල්ගයි මමයි රඟපාද්දී හරිම රිලැක්ස්”
”ආදරය කියන දේ අවංකව කරන්න පුළුවන්”
මීට බොහෝ කාලයකට ඉහත දි නිර්මාණ තුළින් පෙම්වතුන් ලෙස ඔබ දුටු වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ සැබෑ ජීවිතයේ දී ද පෙම්වතුන් බවට පත් විය. එසේ ම ඔවුන් දෙදෙනා කාලයාගේ ඇවෑමෙන් අඹු සැමියන් බවට ද පත් විය. ඉතිං ඔවුන්ගේ අලුත් තොරතුරු කිහිපයක් සම්බන්ධයෙන් හර්ෂණ පුවත්පතකට තොරතුරු කියලා තිබෙනවා.

හර්ෂණයි වොල්ගයි අලුත් ටෙලියක පේන්න අරගෙන?
ඔව්. ඒ “අපේ ආදරේ” ටෙලි නාට්‍ය. වොල්ගාටයි මටයි කාලයකට පස්සේ එකට රංගනයට දායක වෙන්න ලැබුණු ටෙලි නාට්‍යයක්. ගැමි සුන්දරත්වය, කොළඹ පරිසරය ගැන වගේම සමාජ තත්ත්ව කිහිපයක් ගැන කතා කරන වෙනස්ම වින්දනාත්මක තේමාවක් යටතේ ගලා යන ටෙලි නාට්‍යයක් තමයි මෙය. එය ජනක චාමින්ද අධ්‍යක්‍ෂණය කරන්නේ. ලක්‍ෂ්මන් පුෂ්පකුමාර මහත්මයා තමයි එය රචනා කරන්නේ. එය සෑම සතියේ දිනකම සියත ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රි 08.30ට විකාශය වෙනවා.

 

හර්ෂණ ඉබේම ඇමති පුතෙකුත් වෙලා?
ඔව්. මම මේ නාට්‍යයේ නිරූපණය කරන්නේ ඇමති පුතෙකුගේ චරිතයක්. අපි ඇමති පුත්තු ගැන අහලා තියෙන කතාන්දර එක්ක බලද්දී විනෝජ් කියන ඇමැති පුතා වෙනස්ම චරිතයක්.

දැන් ඔය කියන ඇමැති පුතාගේ වෙනස මොකක්ද?
මේ ඇමති පුතා වෙනස් ජාතියේ ඇමති පුතෙක්. ගැහැනු ළමයෙක්ට අවංකවම ආදරය කරන, ඒ නිසා ඇතිවෙන හැලහැප්පීම් එක්ක ඉදිරියට යන කතාවක් තමයි මෙහි තියෙන්නේ. සෙල්ලක්කාරයෙක් වුණත් ආදරයේ දී අවංක වෙන තරුණයෙක්.

සැබෑ ජීවිතේ සැමියා – බිරිය වුණු
හර්ෂණයි වොල්ගයි තිරය ගළපන අවස්ථා දැන් වැඩියි නේද?
ඔව්. අපි මීට කලිනුත් පෙම්වතා පෙම්වතිය විදියට එකම නිර්මාණයේ රඟපාලා තියෙනවා. තව චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා අපිට එකට රඟපාන්න. ඒ සනත් ගුණතිලක මහත්තයාගෙ. ඒ චිත්‍රපටයේ රූගත කිරීම් මැයි මාසයේ දී විතර ආරම්භ කරනවා.

ඒ ගැළපීම කරන්නේ හර්ෂණගෙයි වොල්ගාගෙයි වුවමනාවටද?
ඇත්තටම අපි කවදාවත් කියලා නැහැ අපි දෙන්නව එක නිර්මාණයකට සම්බන්ධ කර ගන්න කියලා. මම සම්බන්ධවන නිර්මාණයට වොල්ගා පෙම්වතිය කරන්න කියලාවත් වොල්ගා පෙම්වතියවන නිර්මාණයක මම පෙම්වතා කරන්න කියලාවත් අපි කවදාවත්ම ඉල්ලීම් කරලත් නැහැ. කරන්නෙත් නැහැ. ඒත් අධ්‍යක්‍ෂවරු අපිව නිර්මාණවලටත් ගළපනවා.

ඒ ගැළපීමට හර්ෂණත් කැමැති ඇති?
ඇත්තටම මගේ බිරියත් එක්ක රඟපාද්දී ඒක මට පහසුයි. ආදරය කියන දේ අවංකව කරන්න පුළුවන්. අපි රඟපාද්දී ඒ හැඟීම හරිම ලස්සනට එනවා. වොල්ගයි මමයි රඟපාද්දී හරිම රිලැක්ස්. ඉතින් ඒ විදියට රඟපාන්න අපේ අකැමැත්තක් නැහැ.

 

මම චතුරිකාගෙන් අයින් වෙනවා – ඉන්න බැරිනම් අයින් වෙන එක තමයි හොඳ – ගයාන් වික්‍රමතිලකගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු ආදරණීය නළුවෙක්.
ගයාන් චතුරිකා සමඟ පෙමින් බැදුනට පස්සේ විවිධ කතා හැමතැනම පැතිරුණා.

ඉතිං පැතිරෙන කතා ගැනත් ගයාන්ගේ ජීවිතේ අලුත් විස්තර ගැනත් අහලා බලන්න අපි ගයාන්ට කතා කළා.

ගයාන් කොහොමද මේ දවස්වල ජීවිතේ. මොනවාද අලුත් තොරතුරු?

රංගන ජීවිතේනම් අලුතින් බාරගත්තු වැඩ ටිකක් කරනවා.. ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් කරනවා.

ඒ දේවල් තමයි ඉතිං.. සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවනවා.

විවාහ වෙලා එකට ජීවත්වෙන්න බැරිනම් වෙන්වෙන එකද හොඳ?

අනිවාර්යෙන්ම.. හොඳම දේ තමයි කලබල වෙන්නේ නැතිව ඉන්න එක. කලබලය පසුතැවිල්ලට හේතුවෙනවා කියලා කියමනක් තියෙනවනේ.
විවාහ වුණාට පස්සේ දරුවා නිසා හරි වෙන දෙයක් නිසා හරි මරාගෙන කොටාගෙන ලෝකෙට පේන්න අත අල්ලගෙන ඉඳලා වැඩක් නෑනේ.
පිටට පේන්න ඉඳලා ගේ ඇතුලට ආවම මරාගන්නවනම් අයින් වෙන එක තමයි හොඳ.

ගයාන්ට චතුරිකා එක්ක ඉන්න බැරිවුණොත් එයාගෙනුත් අයින් වෙනවාද?

ඔව්.. මම චතුරිකාගෙන් අයින් වෙනවා. ඉන්න බැරිනම් අයින් වෙන එක තමයි හොඳ.
ඒත් අද වෙනකං අපි දෙන්නට දෙන්නා නැතිව ඉන්න බැහැ.. ඒ තරමට අපිට අපි ඕනේ.

Living together ගැන ගයාන් දරන්නේ මොනවගේ අදහසක්ද?

මම හිතන්නේ හුගක් අය ඒ විදිහට ජීවත් වෙනවා. ඉතිං ඒක නරක දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නේ.
මම හිතනවා අනිත් කෙනාව තේරුම් ගන්න ඒ දේ හොඳයි කියලා.

මොකද බදින්න කලින් හොඳට ඉන්න අය ටික කාලයක් යද්දි යක්කු වගේ වෙනවා.
වයිෆ් වයිෆරේ වෙනවා. මනුස්සයා කනමදයා වගේ බොන්න පටන් ගන්නවා. ගෑණු එක්කෙනා නයිටියක් ඇඳගෙන කුණුකෙල පෙරාගෙන ඉන්න තත්ත්වෙට එනවා. ඉතිං මේ හැමදේම Living together ඉන්නකොට තේරුම්ගන්න පුළුවන් වෙනවා.

රංගන ශිල්පීන්ගේ විවාහ ජීවිත ඉක්මනින්ම අවුල්වෙලා යන්නේ ඇයි?

රංගන ශිල්පීන්ගේ විතරක් නෙවෙයි. බහුතරයක් සමාජයේ අද දික්කසාදය වෙනවා.
ඒත් රංගන ශිල්පීන්ගේ ඒවා එළියට එනවා වැඩියි.
පත්තරවල් මීඩියාවලින්හරි කටකතාවලින් හරි එළියට එනවා වැඩියි. එකට ඉන්න බැරිනම් අයින් වෙන එක සාමාන්‍ය දෙයක්.

ගයාන්ගේ ජීවිතයට විරහව කියන දේ කොච්චර දැනිලා තියෙනවාද?
විරහව කියන දේ ඇත්තටම මට දැනිලා නැහැ. ඒ ගැන කතා කරන්න තරම් ලොකු දෙයක් නෙවෙයි..
එකිනෙකා ඈත්වීම ගැන දුක හිතට දැනිලා තියෙනවා. ඒත් ඒක නිර්වචනය කරන්න දන්නේ නෑ.. රංගන ශිල්පියෙක් විදිහට විරහව නිරූපනය කරලා තියෙනවා.

ජීවිතේ වැඩියෙන්ම දුක හිතුනු දවස මතකද.?

එක කුස උපන් නංගිගේ ලොකු පුතා නැතිවුණා. අවුරුදු දෙක හමාරයි පුතාට. එදා මට ජීවිතේ අදහාගන්න බැරි දවසක්..
මම වැඩියෙන්ම දුක් වුණේ එදා.

ආදරේ ඇතුලේ රාගය කොච්චරක් තියෙන්න ඕනේද..?

එහෙම කියන්න බෑ.. සම්පූර්ණ රාගයවත් ආදරේවත් නෙවෙයි.. ඒ දෙකම සමබරව තියෙන්න ඕනේ. සමහරු කියන්න පුළුවන් බැදීමක් ශක්තිමත් වෙන්න රාගය තියෙන්න ඕනේ කියලා. බැඳීම් ඇතිවෙන්න රාගය මුල්වෙනවා.
ඒත් රාගය කියන්නේ රාගයට ලංවෙන්න බැරි තරම් උඩකින් තියෙන දෙයක්.

ආදරේට රාගය එකතු වුණාම කලාත්මක බවක් නැවුම් බවක් දැනෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

ලංකාවේ ජීවත්වෙන රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටට හොඳ පුරවැසියෙක් වෙන්න.

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි මට වඩා කොටට අදින අය කොච්චරනම් ලංකාවේ ඉන්නවද – පියුමි හංසමාලි

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි මට වඩා කොටට අදින අය කොච්චරනම් ලංකාවේ ඉන්නවද පියුමි හංසමාලි

කාලෙන් කාලෙට විවිධ සිද්ධි හරහා පියුමි කරළියට එනවා. අඩ නිරුවත පිළිබද පියුමි මාධ්‍යයට කියලා තිබුණේ මේ වගේ කතාවක්.

පියුමි අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාන එක දරුවෙක් ඉන්න මවක් විදිහට ගැලපෙනවද..?

මම කරන්නේ මට හරි කියලා හිතෙන දේ.. අනිත් අයට ඕන විදිහට මම මගේ දේවල් කරන්න ඕනද..? මම විතරද කොටට අඳින්නේ.. මට වඩා කොටට අදින අසංවර අය කොච්චර ඉන්නවද..

ඒ අය ගැන කවුරුත් කතා වෙන්නේ නෑ.. හැබැයි මම ප්‍රසිද්ධ නිසා මම ගැන තමයි කතා වෙන්නේ.

ඒත් දරුවට ඒ දේවල් ගැලපෙන්නේ නෑ නේද..? දරුවට මේවා නිසා විවිධ කතා අහන්න වෙනවා ඇතිනේ..

නැහැ.. එයා යන්නේ ජාත්‍යන්තර පාසලකට.. එයාට ඒ දේවල් ගැටලුවක් නැහැ. එයත් කියනවා මම කොටට අදිනකොට අම්මි මේවා කොටයි නේද කියලා.. එතකොට මම කියන්නේ ඔයාගේ අම්මා අවුරුදු 25 ක පුංචි කෙල්ලෙක් කියලා. ඒවට එයා හිනා වෙනවා.

දැන් අඩනිරුවත් මියුසික් වීඩියෝස් දකින්න ලැබෙනවා වැඩියි.. මේ ගැන පියුමි දරන්නේ මොන වගේ මතයක්ද..?

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි.. මම කොටට අඳිනවා. හැබැයි මම කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්නේ නැහැ..

හපොයි අම්මයි දුවයි ඔන්ලයින් ඇවිල්ල දුව අම්මට කරපු වැඩ බලන්නකො බලන්නකෝ මේ මිරිකන්නේ කොතනද කියලා

දුව ඔන්ලිනෙ ඇවිල්ල හැඩවැඩ දානකොට මැදට ආපු අම්මට දුව කරපු කැත වැඩේ ලීක් වෙලා බලන්නකො යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න අම්මයි දුවයි ඔන්ලයින් ඇවිල්ල දුව අම්මට කරපු වැඩ බලන්නකො අම්මත් ගානක් නැතුව ඉන්න හැටි

O/L විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගත් දියණිය නිසා විමල් වීරවංශට ඇප ලැබුන හැටි මෙන්න

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබුනා.

ඇය ඉගෙනුම ලබමින් සිටින්නේ කොළඹ විශාඛා විද්‍යාලයේය.

විමල් වීරවංශ ඇමති ධුරයක් දැරූ සමයේ නීත්‍යනුකූල ආදායම ඉක්මවා නීති විරෝධී ආකාරයට ඥාතීන්ට වාහන ලබාදී රජයට පාඩුවක් සිදු කළ නිසා ඔහු
පසුගිය වසරේ බන්ධනාගාර ගත කෙරුණ අතර මාස 3 ක් පමණ ඔහුට ඇප නොලැබ සිටියදී දියණිය විමාශා විශ්වාදරී ක්ලාන්තව ඇදවැටීමේ සිද්ධි, රෝහල් ගතවීමේ සිද්ධි මාධ්‍ය මගින් වාර්තා කළා…

පියා නිවසේ නැති නිසා ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට මානසික තත්වය අවුල්ව ඇති බවත් එය සැකසීමට ඇප ලබා දෙන ලෙස නීතීඥයින් පෙන්වා දුන්නා.

ඒ අනුව විමල්ට ඒ දිනවල ඇප ලැබුණ අතර විමාශා හොඳින් පාඩම් වැඩ කරගෙන විභාගය ඉහළින්ම සමත්ව තිබුණා.

පාතාලේ රන් කරන කට්ටියට තරු විසිවෙන්න පොලිසිය සහ STF කොල්ලෝ එකතුවෙලා දෙන්න යන සුපිරි ගේම මෙන්න

විවිධ රටවල සිටිමින් ලංකාව තුළ අපරාධ ජාවාරම් මෙහෙයවන පාතාල සාමාජිකයින්ගේ සංවිධාන ජාලය මැඩලීම සඳහා මේ වනවිට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කරමින් සිටිනවා.

ඊට අදාළව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විශේෂ ජංගම සංචාර ද ක්‍රියාත්මක අතර පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් ද මෙහෙයුමට එක්ව සිටිනබව වාර්තා වෙනවා.

මෙම මෙහෙයුමට සමගාමීව පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ එක්ව සිටින පාතාල සාමාජිකයෙකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ සිව් මහල් නිවස ද ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂාවට ලක්කර තිබුනා.

ඔහු ඩුබායි සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අපරාධ මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, නිවසේ තිබී ජීව උණ්ඩ තොගයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කලේ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැණුනු අතර, සැකකාරිය කෙසෙල්වත්තේ දිනුකගේ පුංචි අම්මා බවයි.