අද සිට ලබන 15 වනදා තෙක් අහසේ හිරු වෙනස් වෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සියලුදෙනාට නිවේදනයක්

අද ඉදන් ලබන 15 වෙනිදා දක්වා ලංකාවට ඉහළින් කෙලින්ම ඉර මුදුන් වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

හෙට දහවල් 12.12 ට අලූත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා. මේ අතර හෙට සිට දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබුනා.

රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවේ රටම බලාසිටි අවසානයේ හිමිවූ ප්‍රතිඵලය මෙන්න

පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 ක්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වී තිබුනා.

 

122 ක් විපක්ෂව ඡන්දහිමිවුනා.

ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශ්‍රියාණි විජේවික්‍රම, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මුත්තු සිවලිංගම්, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මොහාන් ලාල් ගේ‍්‍රරු, ලක්ෂ්මන් සෙනවිරත්න, එම් ඒ එල් එම් හිස්බුල්ලා, ඒ එච් එම් ෆවුසි, ලසන්ත අලගියවන්න, සාරති දුෂ්මන්ත, මනුෂ නානායක්කාර, මලිත් ජයතිලක, වීරකුමාර දිසානායක, ආරුමුගම් තොන්ඩමන්, කේ කාදර් මස්තාන්, අතුරලියේ රතන හිමියන් සහ අංගජන් රාමනාදන් ඇතුලු 26ක් සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.

ටොන් 8.5ක් බර බස් රථයක් තරම් විශාල වස්තුවක් අද හෙටම පෘතුවියට කඩාගෙන වැටීමට නියමිත බව චීනයේ පවසයි.!

පිළිබඳව මීට මාස ගණනකට පෙර අපි ඔබව දැනුවත් කරා ඔබට මතක් ඇති. දැන් එය සිදුවීමට තිබෙන්නේ දවස් 2ක් වැනි කාලයක් පමණයි

පහතින් වීඩියෝව

මෙන්න සාමාන්‍යපෙළ ලියපු අපේ සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් අද දීපු අලුත්ම තීන්දුව. අලුත්ම සුභ ආරංචියක් මෙන්න

මෙම වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අසමත් සෑම පාසල් ශිෂ්‍ය ශීෂ්‍යාවකටම උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා තිබෙනවා…

කිසියම් විෂය ධාරාවක් යටතේ ඕනෑම පාසල් දරුවෙකුට 13 වන වසර දක්වා අධ්‍යාපනය හැදෑරීම අවස්ථාව අධ්‍යාපන අමාත්‍යංශ, විභාග දෙපාර්තමේන්තුව හා රජය එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කියා සිටියා

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටිය එම විෂය ධාරාව යටතේ වෘත්තීමය විෂයන් 26 ක් ඇතුළත් වන අතර සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ට මෙම විෂය ධාරාව යටතේ 13 වන වසර දක්වා සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යා හැකි බවයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම අවස්ථාව මෙරට සිසුන්ට හිමිවන බවයි.

සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යන කටයුතු සිදුකරනු ලබන පාසල් ද දිවයිනේ පවතිනවා. එවැනි පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුන් තමන්ගේ ප්‍රතිඵල අනුව වෙනත් පාසල් තෝරාගෙන සිය උසස් පෙළ අධ්‍යන කටයුතු ඉදිරියට සිදුකෙරේ

එහිදී ඔහු කියා සිටියේ එවැනි පාසල්වල සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට තමන් පඳිංචි ප්‍රදේශයට ආසන්න පාසලක් වෙත යොමු විය හැකි බවයි.

සාමාන්‍ය පෙළ විභායේ ගණිතය විෂය සමත් සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් එය 64 % ප්‍රතිශතය ඉක්මවා ඇති බව සනත් පූජිත මෙහිදී පෙන්වා දී තිබුනා

 

මෙන්න සියලුදෙනා පුනපුනා බලාසිටි සාමාන්‍යපෙළ ප්‍රතිපල මීට සුළු මොහොතක පෙර අන්තර්ජාලයට නිකුත් කළා

 

විභාග කොමසාරිස් සනත් බී.පුජිත මහතා www.doenets.lk වෙබ් අඩවියේ පළකර ඇති බවයි.

ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලන්න www.doenets.lk මෙම වෙබ් අඩවියට ඇතුළු වී ඔබේ විභාග අංකය අංකය ඇතුලත් කරන්න සියලු දෙනාටම සුභපැතුම්…….!

ප්‍රතිඵල බලන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න

https://www.doenets.lk/result/olexamresult.jsf

එක්වරම මුළු කොළඹ අඳුරු වෙයි – කාලගුණයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

ස්ත්‍රික් කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අපේක්ෂා කරන්නේ. විශේෂයෙන් බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වල තරමක් තද වැසි ( මි.මි 75 පමණ) ඇති විය හැකි බවද සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂිකාව රෝසි සේනානායක මහත්මියයි.

අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.

ඉන්දියාව සමග ඩිජිටල් තාක‍ෂණය පිලිබඳ වැදගත් ගිවිසුමක් ශ්‍රී ලංකා තාක‍ෂණයට විශාල ශක්තියක්

ශ්‍රී ලංකාවේ තාක‍ෂණයට විශාල ශක්තියක් ඉන්දියාවෙන් එක්වෙයි.
පසුගිය දා විදුලි හා සන්දේශ ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාත්, ඉන්දියානු රජයේ නීතිය හා සාමය, අදිකරණ හා ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක‍ෂණ පිලිබඳ අමාත්‍ය රවී ශංක ප්‍රසාද් අතර අවබෝධතා ගිම́සුමක් අත්සන් කෙරිනි.
සෙ̈වා අතර, තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට අයත් අවබෝධතා ගිම́සුමක්, ආදර්ශ ඉ- කාර්යාල ක්‍රමයක් හා දෙරටේ අධ්‍යාපන ආයතන අතර දුරස්ථ සේවා සහයෝගිතාව පිලිබඳ පුළුල් කතිකාවතක් ඇරඹීමට දෙරටේ අමාත්‍යවරුන් එකඟ වූහ. එහිදී අමාත්‍යවරුන් විදින් ඉතාම වැදගත් අදහස් ප්‍රකාශ කළ අතර, දැනට ආසියානු කලාපයේ කටයුතු සඳහා ඩිජිටල් තාක‍ෂණය යොදා ගැනීම වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.

මෛත්‍රිගේ අලුත් උපරේෂන් දෙකක් සමග මඩ මෙහෙයුම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෑස්ති

පසුගිය දා ජනපති නිල නිවසට රැස් වූ ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයේ ඉහළ පෙළේ පිරිස තම මැතිවරණ ව්‍යාපාරයේ අලූත්ම තත්ත්වය පිලිබඳ ජනාධිපතිතුමා දැනුවත් කර ඇතැයි රහසිගත ආරංචි මාර්ග වලින් වාර්තා වේ. දැනට පවතින සමීක‍ෂණ වාර්තා අනුව එක්සත් ජාතික පක‍ෂයට අති විශාල ජයග්‍රහණයක් ලැඛෙන බවත්, දෙවැනි ස්ථානය මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව ලබාගන්නා බවත්, තමන්ට හිමිව ඇත්තේ තෙවන ස්ථානය බවත්, එම ස්ථානයටද ජනතා විමුක්ති පෙරමුණ සමග කරටකර සටනක් ඇති බවත් මෙහිදි ප්‍රකාශ වීමත් සමප පිරිස කඩිගුලක් සේ ඇවිස්සී තිබේ.

බොහෝ ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ විජිතමුණි සොයිසා අමාත්‍යවරයා මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම ශී්‍ර ලංකා පක‍ෂයට පරාජය පුරුදු බව ප්‍රකාශකිරීම මගින් විශාල අගතියක් සිදු වූ බවයි. එසේම අමාත්‍යවරුන් පරස්පර විරෝධි කතා ප්‍රකාශ කිරීම, එකිනෙකාට එරෙහිව ප්‍රකාශ නිකුත්කර ගැනීම ආදිය නිසා ශී්‍ර ලංකා නිදහන් පක‍ෂයේ පදනම විශාල වශයෙන් නායගොස් ඇති බව මෙහිදි ප්‍රකාශ විය. පක‍ෂයේ උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රකාශයන්ද එයට හේතු වූ බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති අතර, තමන් විසින් වහාම පවතින තත්ත්වය වෙනස් කිරීමට උපක්‍රමයක් දියත් නොකළහොත් ශී්‍ර ලංකා නිදහප් පක‍ෂය පරාජය පත්වීම නොවැළැක්විය හැකියැයි ප්‍රකාශ කර තිබුනේ චන්දිම බණ්ඩාර අමාත්‍යවරයාය.

මෛති්‍රපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන පැවැත්ම තීරණය කරන්නේ මෙම මැතිවරණයේ ප්‍රතිඵලය බැව් එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමගම බොහෝ දෙනෙක් කලබල වී තිබේ. තමන් මුල පටන්ම මෛති්‍රපාල සිරිසේන මහතාට අවවාද අනුසාසනා කළද ඔහු ඒවා ගණන් නොගෙන කි්‍රයාකළ බවත්, ඔහු සිතන්නේ තාමත් තමා ග්‍රාම නිලධාරියෙක් වන බවත් කියමින් මෙහිදි චෝදනා එල්ල කළ චන්දි්‍රිකා මැතිණිය පැවසුවේ ඉක්මනින්ම මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු පක‍ෂයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එහිදි මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ පොහොට්ටුවට පමණක් නොව, එක්සත් ජාතික පක‍ෂයටත් එලෙසම ප්‍රහාර එල්ල කළ යුතු බවත්, සතුරන් දෙදෙනෙකුට එක්වර පහරදීමට ඇති අසීරුතාව ජයගන්නට කළ යුත්තේ මේ දෙකොට්ඨාසයටම හොරු යන ලේබලය අලවා හොරුන්ට පහරදීමේ පිලිවෙතක් දියත් කළ යුතු බවත්ය. එහිදි චන්ද්‍රිකා මැතිණිහ උපහාසයෙන් ප්‍රකාශ කර ඇත්තේ මහින්දගේ කාලේ හොඳට හොරකම් කළ හොඳම හොරු ටික සිටින්නේ තම පක‍ෂයේ බවයි.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක‍ෂයේ තරුණ නැවුම් දේශපාලඥයන් වන හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා වැනි පුද්ගලයන්ට චරිත ඝාතනය වන ආකාරයේ ප්‍රහාරාත්මක සටනක් දියත් කළ යුතු බවට මෙහිදී විජිතමුණි සොයිසා මහතා කළ යෝජනායට සියලූ දෙනාගේ එකඟතාවය හිමි විය.

කෙසේ වුවද උනුයි මුනුුයි දෙගොල්ලොම හොරු යන ශිර්ෂය යටතේ මෛති්‍රපාල සිරිසේන මහතා ඔපරේෂන් 2 ආරම්භ කරන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

ලංකාවේ ප්‍රථම පුරපතිනිය ලෙසට කොළඹ විජයග්‍රාහී සටන රෝසි අරඹයි

ලංකාවේ ප්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථීකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ. විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය.

නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක‍ෂිත වටපිටාවක්, සුරක‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි. මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක‍ෂා කරයි.