අලුත් අවුරුද්දට ඉක්මනින් ගම් බිම් වලට යන්න හිතාගෙන ඉන්න කට්ටියට මෙන්න විශේෂ නිවේදනයක්

පළමු අවුරුදු විශේෂ දුම්රිය අද පස්වරුවේ කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කිරීමට නියමිතයි.

අවුරුදු සමය වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද ඊයේ සිට විශේෂ අවුරුදු බස් රථ සේවාවක් ආරම්භ කර තිබුනා..

කොළඹ සිට විවිධ ගමනාන්ත කේන්ද්‍ර කරගෙන බස් ගමන් වාර 3500 යෙදවීමට කටයුතු යොදා ඇති බව එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කලා.

අඟහරුවාදා සිට විශේෂ බස් රථ සේවයක් ආරම්භ කිරීමට  පෞද්ගලික බස් සංගමය සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදු කිරීමට සුධානම්.

මැද පෙරදිග ගෘහ සේවයට යන ලාංකික ගෘහසේවිකාවන්ට බලහත්කාරයෙන් විදෙස් ගතවීමට පෙර උපත්!පාලන එන්නතක්

උපත් පාලනය කියන්නෙ වර්තමානයේ බහුලවම සාකච්ඡා වන නමුත් එළිපිට සාකච්ඡාවට ලක්නොවන දෙයක්. පුළුල් දැනුමක් අත්කරගෙන තිබිය යුතු නමුත්, අප බොහොමයක් දෙනාට එතරම්ම දැනුමක් නැති මාතෘකාවක්. මේ පිළිබඳව වෙනස්ම පුවතක් අපට වාර්තා වුනා ඒ ලාංකික ගෘහසේවිකාවන්ට බලහත්කාරයෙන් උපත්පාලන එන්නතක් ලබාදීමයි මෙන්න සම්පුර්ණ විස්තරය

අයිතිය www.wnow.lk

රියදුරු බලපත‍්‍ර විභාගය මැයි මාස සිට වෙනස්වෙයි – ලයිසන් ගන්න ඉන්න කට්ටියට සිදුවන දේ මෙන්න අනිවා බලන්න

ඔන්න රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට වැදගත් වන පුවතක් තමයි මේ කියන්න යන්නේ . ඔයාලා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී ප්‍රායෝගික පරීක්ෂණයකට මෙන්ම ලිඛිත පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා . ඉතින් මේ විභාගය මැයි මාසේ ඉදන් වෙනස්වන බවයි දැනගන්න ලැබෙන්නේ .

අද දවල් 12.00න් පසුව කාලගුණය ගැන ලංකාවේ ප්‍රදේශ රැසකට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ලංකාවේ බොහෝ පළාත්වල සවස දෙකෙන් පසු වැසි ඇතිවන බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනට දකුණු දෙසින් පවතින බවය

මේ හේතුවෙන් දකුණ නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ප්‍රකාශ කර තිබුනා.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුනා..

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ද අපේක්ෂා කෙරෙනවා.

මොකක්ද මේ ත්‍රිවිල් වලට වෙන්න යන දේ ලබන 20න් පස්සේ ලංකාවේ ත්‍රිවිල් වලට කරන්න යන දේ මෙන්න

 

ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

දැනට ලංකාවේ ලක්ෂ එකොළහකට වැඩි ප්‍රමානයක් ත්‍රීරෝද රථ ලියාපිදිංචි වී තිබෙන අතර එයින් නම ලක්ෂයක් මගී ප්‍රවාහනය සදහා යොදවා ඇත.

පසුගිය ඔත්තෝබර් මස පළමුවැනිදා පෙර ත්‍රීරෝද රථ වලට මීටර් සවිකර රිසිට් පතක් ලබිදීමට නියමිතව තිබුණද ත්‍රීරෝද රථ සංගම් වලින් කළ ඉල්ලීම් වලට අනුව කාලය දීර්ඝ කළා.

මාකඳුරේ මදුෂ්ට වැඩ වරදින ලකුණු – මදුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4දෙනෙකු පොලිසියෙන් මට්ටු වූ හැටි මෙන්න

 

පාතාලේ තවත් ලොක්කෝ දෙන්නෙක් වන මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන ප්‍රබල පාතාල කල්ලි නායකයින්ගේ ගෝලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

ඔවුන් සන්තකයේ තිබී ගංජා සහ අවි ආයුධ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා

අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනේ ගිනි අවියක් ද සමඟයි.

තවත් චෝදනා රැසක් මාකඳුරේ මධූෂ්ට සහ අංගොඩ ලොක්කාට එල්ල වී තිබෙන අතර පාතාල නායකයින මේ වන විට සිටින්නේ විදේශ රට වලය.

හුළු ගඟේ දියනෑමට ගිය තරුණ තරුණියන් කිහිපදෙනෙකු මුළු ගමක්ම කම්පා කරමින් පුදුම සහගත ලෙස ගඟට බිලිවූ හැටි

හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

තවත් දෙදෙනෙකු අතුරුදන්.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදන්වුවන් සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කරමින් තිබෙනවා.

මියගොස් ඇත්තේ තරුණයෙක් සහ තරුණියන් තුන්දෙනෙකුය.

පසුව පන්විල පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අතුරුදන්වූ පුද්ගලයින්ගෙන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

වාහන වැරදි සඳහා තිබූ රු25,000 ක දඩ මුදල අලුත් වෙයි මෙන්න පාරේදී වැරදි කරන අය වෙනුවෙන් නියම වූ අලුත්ම දඩය

රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කර තිබෙනවා.

මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට ගැනීමේ අවස්ථාවට ඊයේ (05) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා

මේ අතර, වායු විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබා ගැනීමට අසමත්වීමේ වරද පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙහිදී ප්‍රශ්න කර තිබුණා.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කලේ හඳුනාගත් රථ වාහන වැරදි 33 ක් සඳහා ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

අද මධම රාත්‍රියේ සිට රටේ පොඩි මනුස්සයාටත් විශේෂ සහනාධාරයක්. මෙන්න හෙට සිට ජනතාවට හිමිවන අලුත්ම සහනාධාරය

රටේ හැමදාම තිබෙන ප්‍රශනයක් තමයි මිනිසුන්ට සහනාදාරයක් ලැබෙන්නේ කවදද කියල.මෙන්න අද මධ්‍යම රාත්‍රියේ සිට ගොවීන්ට අලුත්ම සහනාදාරයක් ලැබෙනවා.ඇත්තටම මොනවද ඒ සහනාදාර..පහත වීඩියෝව තුලින් මෙන්න ඒ පිළිබඳව දැනගන්න.මිල ගණන් සහ ලැබෙන සහනාදාර මෙන්න.

 

 

රටම කලබල කරමින් වෙඩි තබා ඝා-තනය කල ශේරන් සියලුදෙනා පුදුමයට පත්කරමින් අවසන් ගමන් ගිය හැටි මෙන්න

ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්. වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු වන Sheron Sukhdeo ව්‍යාපාරිකයෙක්.

මෙම පුදුම හිතෙන අවමංගල්‍ය උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ සිරුර රත්‍රන් මිනී පෙට්ටියක තැම්පත් කර තිබීමයි. එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ආභරණ පළඳවා ඔහුගේ සිරුර ආදාහනය කිරීමයි. මේ අතර ඔහුගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙනගොස් ඇත්තේද අධි සුඛෝපභෝගී රථයකින්.