මගේ අම්ම තවමත් බෝධිය ළඟ වැඳගෙන අඬ අඬ ඇති.බොක්සිං ක්‍රීඩාවෙන් ඉතිහාසය වෙනස් කල ක්‍රීඩිකාවගේ සංවේදී කතාව.

ඒ බොක්සිං තරඟාවලියකින් ලංකාවට පදක්කමක් ගෙන ආ ක්‍රීඩිකාවක්.නමින් අනුෂා.ඇය දෙස බලාගෙන හිටපු හැම කෙනෙක්ගෙම ඇසට කඳුලක් එකතු කළා ඒ ඇය කිව්ව සංවේදී කතාවක් නිසා.මෙන්න බලන්නකෝ හැමෝම සංවේදී කල එම අවස්තාව පහතින් නරඹන්න.

ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව අනූෂා හැඟුම්බරව රටට හා ජාතියට කල කතාව…

Posted by Ceylon Sports on Saturday, April 7, 2018

ක්‍රිකට් පිටිය තුල සිදුවූ වූ අහබු මෙන්න. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ ඔබ නොදත් අමුතුම සිදුවීම් 10 ඇත්තටම පුදුමයි

දැනට දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ආරම්භ වන්නේ දහසය වන සියවසේ අග භාගයේ දී ය. මේ ඔබට  ගෙනෙන්නේ  ක්‍රිකට් ලෝකයේ සිදු වූ ඔබ නොදත් අහබු සිදුවීම් දහයක් මෙන්න ඇසුවාම ඇත්තටම පුදුමයි.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනා මහේල සහ මාලිංග මල් මාලා දමා මුම්බායිදී පිළිගත් හැටි මෙන්න

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සහ වේග පන්දු උපදේශක ලසිත් මාලිංග ඉන්දියන් ප්‍රිමීයර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පසුගිය දින මුම්බායි නගරයට පැමිණියා.

ඉන්දියානු ප්‍රිමියර් ලීගය ඇරඹි දින සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග , මෙවර තරගාවලියට ක්‍රීඩකයෙක් වශයෙන් මිලදි නොගත්තත් , මුම්බායි කණ්ඩායම ඔහුට පන්දු යැවීමේ විශේෂ උපදේශක තනතුරක් ලබා දී තිබෙනවා.

මුම්බායි ඉන්ඩියන්ස් කළමණාකාරීත්වය විසින් මල් මාලා දමමින් ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙපල පිළිගත්තා.

ඡායාරූප පහතින්

ගොඩක් දුකයි ආයේ කවදා දකින්නට ලැබේද.? මෙන්න අපේ ඩිල්ෂාන් ගහපු මුල්ම Dilscoop එක බලන්න වටිනවා

දිල්ශාන් කියන්නේත් ක්‍රිකට් ලොවේ මුතු කැටයක් ගොඩක් දුකයි ආයේ කවදා දකින්නට ලැබේද.? මෙන්න අපේ ඩිල්ෂාන් ගහපු මුල්ම Dilscoop එක බලන්න වටිනවා ඇත්තටම

පහතින් වීඩියෝව

තීන්දුවට පැය 24යි, ස්මිත්, වෝනර් සහ බැන්ක්‍රොෆ්ට් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නැවත ඕස්ට්‍රේලියාවට කැඳවයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මොවුන්ට පනවනු ලබන දඩුවම් ඉදිරි පැය 24 තුළ දී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා

මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් ලෝලීන් රැසක් සිය අප්‍රසාදය පළකර තිබෙන අතර මීට පෙරද ඔවුන් මෙලෙසින් ක්‍රීඩා කරන අතර වංචා සිදු කරන්නට ඇතැයි දෝෂාරෝපණ එල්ල වී තිබෙනබැවි වාර්තා වෙන්නේ.

මාධ්‍ය විසින් නගන ප්‍රශ්නවලටද පිළිතුරු නොදී ස්ටීව් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින් පසුගියදා නැවතී සිටි හෝටලයෙන් පිටව ගියේ මේ ආකාරයටත්.

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූවන් එදා සහ අද ඉන්න හැටි බලන්න ඇත්තටම පුදුමත් හිතෙනවා අද දැක්කම

96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූවන් එදා සහ අද ඉන්න හැටි
වර්තමාන ශ්‍රී ලංකා කන්ඩායාමට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ සිහිනය බොහෝ අවස්ථාවල බොද විය .නමුත් 1996 දී ලෝක කුසලානය ප්‍රථම වරට ශ්‍රී ලංකාව දිනාගත් පසුව ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වන්නට විය.එදා ඔවුන් ලෝක කුසලානය දිනාගත් කාලය සහ අද වනවිට ඔවුන් සිටිනා තත්වය කෙසේ වී ඇත්ද ..

මෙන්න එම වීඩියෝව පහතින්

මොදී දිනනවා කිව්ව නැවකි කරුගෙන් තවත් අනාවැකියක් 2023 ඉන්දියාවේ තියන ලෝක කුසලානය ලංකාව ජයගන්නවලු

2023 ඉන්දියාවේ පැවැත්වීමට ලෝක කුසලාන තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේද පැවැත්වීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.ඔවුන්ගේ තීරණය වී ඇත්තේ 2023 න් පසුව ශ්‍රී ලංකාවට පමණක් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අවසර ලබා දීමය.

කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබද අනාවැකියක් නිසා ඉන්දියාව ජෝතිර්වේදියෙකු සමග අමනාපයෙන් පවසුවෙන බව වාර්තා වනවා.

 

සුරේෂ් ශ්‍රීමාලි නම් මෙම ජෝතිර්වෙදියා ඉන්දියාව තුල හොදම ජෝතිර්වේදීන් 10 දෙනා අතර සිටින්නෙකි.ඔහු පවසන්නේ 2023 ඉන්දියාවේ පවත්වන ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජය ගන්නා බව අනාවැකියක් වශයෙන් ප්‍රකාශ කරන බවය.

මෙම ප්‍රකාශය නිසා ඉන්දියාව තුල ඔහු තරමක් දුරට අප්‍රසාදයට පත්ව තිබෙන බවත් වාර්තා වනවා.කෙසේ වෙතත් ඔහු මෙම ප්‍රකාශය එමනිසා ඉවත් කර ගැනීමට බලාපොරොත්තුවක් නැතැයිද වාර්තා වනවා.

මිට පෙර ඉන්දියාවේ පැවතී මැතිවරණයේදී ඉන්දියාවේ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදී පත්වන බවටද ඔහු අනාවැකියක් පළකර අතර එය ඒ අකාරයෙන්ම සිදු විය.

සුපිරි පන්දු රැකීමක් සමග මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවා කඩුලු දවා ගනිමින් PSL ගිය තිසර පිටිය දෙවනත් කළහැටි මෙන්න

පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස සුපර් ලීග් තරඟාවලියේ Peshawar Zalmi සහ Quetta Gladiators කණ්ඩායම් අතර පසුගියදා පැවති තරඟය වෙතයි මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලානයේදී තරඟයේදී බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම්වල නායකත්වය දැරූ තිසර සහ මහමුදුල්ලා මෙම තරඟයේදී එක් කණ්ඩායමකට ක්‍රීඩා කලා. ඔවුන් දෙදෙනාම නියෝජනය කරන්නේ Quetta Gladiators කණ්ඩායමයි.

මෙහිදී තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Peshawar Zalmi කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 157කි.

එහිදී Rahat Ali කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවා. තිසර පෙරේරා කඩුලු 2 දවාගත්තා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Quetta Gladiators කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 156ක්. ඒ අනුව මෙම තරඟයේ ජයග්‍රහණය Peshawar Zalmi කණ්ඩායමට එක් ලකුණකින් ජයග්‍රහණය හිමිවුණා.

පහතින් වීඩියෝව නරඹන්න

OUT! 12.4 Hasan Khan to Saad Nasim

OUT! 12.4 Hasan Khan to Saad NasimWatch ball by ball highlights at http://cricingif.com/match/3549#PZvQG #HBLPSL #PSL2018 @_cricingif

Posted by Pakistan Super League on Tuesday, March 20, 2018

2019 ලෝක කුසලානෙට අපේ කොල්ලන්ට මෙන්න මේ තරග වලින් ජය ගන්නම වෙනවමයි

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීමේ තරගාවලිය ලබන වසරේ මාර්තු මාසයේ සිම්බාබ්වේ හිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනය කළා.

පසුගිය සැප්තැම්බර් 30 වන දා කාලවිරාමය අවසන් වන විට අයි.සී.සී. එක්දින දර්ශකයේ මුල් ස්ථාන 8 හිමි කර ගත් කණ්ඩායම් ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව ද එහිදී අවදානමකට ලක්ව සිටිය ද බටහිර ඉන්දීය කොදෙව් පිළ එංගලන්ත සංචාරයේදී අපේක්ෂිත දස්කම් දැක්වීමට අපොහොසත්වීම නිසා මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීමට සිදුවනවා.

කොදෙව් පිළ මෙන්ම අයි.සී.සී. එක්දින දර්ශකයේ අවසන් ස්ථාන හිමිකරගෙන සිටින සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත කණ්ඩායම්වලට සිම්බාබ්වේ හි පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට සිදුවනු ඇති. ලෝක ක්‍රිකට් ලීග් තරගාවලියේ ඉදිරියෙන් සිටින නෙදර්ලන්ත, පැපුවානිව්ගිනියා, ස්කොට්ලන්ත සහ හොංකොං කණ්ඩායම් ද මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.

මේ අතර ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ලීග් තරඟාවලි පැවැත්වීම සඳහා ICC අනුමැතිය පසුගියදා හිමිවුණා.

එම අනුමැතිය හිමිවූ නව එකඟතාවට අනුව ඉදිරි ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව වසර දෙකක් පුරා ටෙස්ට් කණ්ඩායම් 9 ක් තරඟවැදීමෙන් අනතුරුව ටෙස්ට් ශුරතාවය සඳහා තරඟයක් පැවැත්වෙනු ඇති.එම ටෙස්ට් ලීග් තරඟ සඳහා සුදුසුකම් ලබන්නේ ඒ වනවිට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් හි පළමු කණ්ඩායම් 9 යි.එහිදී 2021 වසරේ අප්‍රේල් මාසයේ ටෙස්ට් ශූරතාවය සඳහා වූ අවසන් තරඟය පැවැත්වෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබන්නේ එම වසර දෙක තුළ පැවැත්වෙන තරඟ වලට අනුව මුල්තැන හිමිකරගන්නා කණ්ඩායම් දෙකයි.

මෙහිදී අදාළ වසර දෙක තුළදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරඟාවලි 6 ක්‍රීඩා කළයුතු වනවා.ඒ තම රටේදී තරඟාවලි 3 ක් සහ විදෙස් සංචාරයන් හිදී තරඟාවලි 3 ක් බැගින්.මෙම එක් ටෙස්ට් තරඟාවලියක් සඳහා අවම වශයෙන් තරඟ 2 ක් තිබිය යුතු අතර එහි උපරිමය තරඟ 5ක්.එක්දින ලීග් තරඟාවලිය සඳහා රටවල් 13 ක් වසර දෙකක් ක්‍රීඩා කරනු ඇති අතර ඉන් සුදුසකම් ලබන කණ්ඩායම් 2023 ලෝක කුසලානයට තරඟවදිනු ඇති.මෙහිදී එක් රටක් එම කාලය තුල තරඟාවලි 8 ක් ක්‍රීඩාකලයුතු වනවා.එම එක් තරඟාවලියක අවම වශයෙන් තරඟ තුනක් ක්‍රීඩා කලයුතු බවයි නව එකඟතාවයේ සඳහන් වන්නේ.