චෝදනාවකට වරදකරු ලෙස ඔප්පු වීමෙන් අනතුරුව 53 හැවිරිදිසනීගේ හිස ගසා දැමීමට සෞදි බලධාරීන් කටයුතු කර ආකාරය

 

සෞදි අරාබියේ සේවය කළ ආසියාතික සංකමණිකයෙකු මිනී මැරීමේ චෝදනාවකට වරදකරු ලෙස ඔප්පු වීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාගේ හිස ගසා මරා දැමීමට සෞදි බලධාරීන් කටයුතු කර තිබේ.
මෙන්න එම අවස්තාවේ වීඩියෝව පහතින්

ආමර් වීදිය ප්‍රදේශයේ මෝටර් රථයකින් යමින් සිටි යුවලකට සිදුකල වෙඩිතැබීමෙන් එක් අයෙකුට මරු කඳවු හැටි

මෙමෙ බිහිසුණු වෙඩිතැබීම සිදුකල සැකකරුවන් අවට තිබූ cctv කැමරාවක සටහන්ව තිබූ අයුරු පහත වීඩ්යෝවෙන්

මෙම සිද්දියෙන් ජිවිතක්ෂයට පත්වුණේ දෙමටගොඩ ප්‍රදේශයේ ඇන්ටන් රාජ් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

මට අදටත් නම ලියන්නයි අත්සන් කරන්නයි විතරයි පුළුවන් කොම්පෝස්ට් නිෂ්පාදනයේන් ධනවතෙකු ගැනයි මේ කතාව

මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. මේ හැම සතෙකුටම මං නමක් දාලායි තියෙන්නේ. හැමදාම සත්තු නාවනවා. ආදරයෙන් කතා කරනවා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. හය වෙනකොට වල් කපලා අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට.

අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ.

අධිෂ්ඨානයත් උත්සාහයත් තිබේනම් කෙනෙකුට කළ නොහැකි දෙයක් නැති වග පසක් කරන කතා පුවතකි මේ.

සරත් විමලවීර යනු උත්සාහයෙන් ඉදිරියට පැමිණි මිනිසෙකි. මිනිසත්කමින් පිරිපුන් ඔහු ජීවිතය ජය ගත්තේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය.

ඔහුගේ ජීවිතයට නව මං පෙතක් විවර කෙරෙනුයේ කිරි ගව පාලනයත් සමඟය. තමන් සන්තකයේ සිටින කිරි ගවයන් සිය පණසේ සුරකින මොහු සතු කිරි ගව පට්ටියේ විශේෂතාව වන්නේ ඒ සතුන්ට ද රැයක් දවාලක් නොමැතිව විසිහතර පැයේම පිරිත් සජ්ඣායනාවේ මිහිරියාවට සවන් දීමට ඉඩ සලසා තිබීමය. මේ අපූරු කිරි ගව පට්ටිය දැක බලා ගැනීමට ලැබෙනුයේ වැලිමඩ, බණ්ඩාරවෙල පාරේ දිවිතොටවෙල ‘ෆැමිලි ෆාම්’ ගොවිපළේදීය.

මේ වෙද්දී කිරි ගවයන් 57ක් පමණ සිටින එම කිරි ගොවිපොළ අද මුළු ඌව පළාතේම ගොවීන් අතර ප්‍රචලිතය.“මගේ සත්තු හරිම අහිංසකයි. උනුත් දවසක නිවන් දකින්න ඕනෑ. මේ කිරි ගවයන් මගේ ජීවිතය හා සමානයි. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. ඔවුන් සියලු දෙනාටම මම නම් දාලා තියෙන්නෙ නාමලි, සුරතලි, කොමලි, පූජා, ගෞරවී, ලොකු කළු, පොඩි කළු ආදි නොයෙකුත් නම්. ඒ වගේම හැමදාම සත්තු ටික නාවනවා. දවසකට වතුර ලීටර් 5000ක් යනවා” යැයි පවසමින් 53 හැවිරිදි විමලවීර මහතා සිය කතාව පවසන්නට වුයේය.

“ඇත්තම කිව්වොත් මට අදටත් නම ලියන්නයි අත්සන් කරන්නයි විතරයි පුළුවන්. මට තියෙන්නෙ බුද්ධි දැනුම පමණයි.”සරත් විමලවීර එසේ පැවැසුවත් අද එම ගොවිපොළ මුළු ඌව පළාතටම පමණක් නොව රටටම සෙත සලසන දැවැන්ත ගොවිපොළකි.

කිරි ගවයන්ගෙන් ලබාගන්නා ගොම සහ මූත්‍ර ආශ්‍රයෙන් ඔහුගේ ගොවිපළෙහි කාබනික පොහොර සේම දියර පොහොර ද නිෂ්පාදනය කරයි. එහි මේ වෙද්දී සියයකට ආසන්න සේවක පිරිසක් ද සේවය කරති.

“අද මං මේ තත්ත්වෙන් සිටියත් මම බොහෝ දුක් වින්ද කෙනෙක්.

මේ සියලු දේවල් වෙනස් වෙන්න ගියේ තවම අවුරුදු හතක් වගේ කෙටි කාලයක්. මගේ කතාව කිව්වොත්, මං මුලින් රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියදී සෑහෙන්න මත්පැන් බිව්වා.

ඇත්ත කතාව තමයි මත්පැන් නිසා මිනිස්සු අන්ත හිඟන්නෝ වෙනවා කියන එක.

ඒක මං අත්දැකීමෙන් කියන්නෙ. මට ඒ දේවල් ඒ කාලේ තේරුණේ නෑ. මං ඉතින් එදා මත්පැන් නිසා අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කළ නිසා මගේ පවුලේ අනෙකුත් පිරිස අතරේත් අන්ත අසරණව කොන් වුණා. එක බඩවැල කඩාගෙන ආ සහෝදරයොත් මාව කොන් කළා. ඒක තමයි ඇත්ත. ඒවට මට ඕනැතරම් උදාහරණ කියන්න පුළුවන්. මගේ පවුලේ සහෝදරයෝ හත්දෙනයි.

ඉතින් ඔය දේවල්වලින් මගේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇතිවුණා කොහොමහරි මේ මත්පැන් බීම නතර කරලා මාත් මිනිහෙක් වෙනවා කියලා.”

එලෙස එම අභාග්‍යසම්පන්න ජීවිතයට ‘තිත’ තැබීමට සරත් දැඩි සේ අදිටන් කරගත්තෙ තමාගේ මිනිපිරිය මෙලොව උපන් දාය. යළි කිසි දිනක මත්පැන් කටේ නොතැබීමට ඔහු දැඩිලෙස තීරණය කරගත්තේ එදාය.එලෙස මීට අවුරුදු හතකට පෙර දැඩි අදිටනකට පැමිණි සරත් එම යහපත් චේතනාව යථාර්ථයක් කරගනිමින් ජීවිතයේ නව ගමනක් සඳහා යොමු වූයේ කිරි ගව පාලනයට අත තබමිනි.

“මුල්ම කිරි එළදෙන ගත්තෙ සමෘද්ධියෙන් රුපියල් 5000ක ණයක් අරගෙන. බීම නතර කිරීමත් සමඟ මගේ ඉහළ යෑමේ ලකුණු පහළ වුණා.

පස්සෙ ටිකෙන් ටික මට ලැබෙන පිළිගැනීමත් වැඩිවුණා. ඒත් මට මේ කිරි ගව පාලනය ගැන කිසිම දැනුමක් නම් තිබුණේ නැහැ. මුලින් ගෙනාව ගවයගේ පැටිය මැරුණා අපේ නොදැනුවත්කමින්. ඒකෙන් මට මේ වැඩේ එපා වුණා. එතෙන්දි මට උදවු කළේ පශු වෛද්‍ය යාපා මහත්මයා.”එලෙස ආරම්භයේදී පැමිණි බාධක ද ජයගෙන සරත් ඉදිරියට පැමිණෙද්දී ඔහුගේ සිහියට නැඟුණේ ගොවිපොළ සඳහා යෙදිය යුතු නම පිළිබඳවයි. ඔහු ඒ සඳහා අපූරු උපක්‍රමයක් යොදමින් නමක් තැබුවේය. ඒ අනුව ඔහු සිය ගොවිපොළ ‘ෆැමිලි ෆාම්‘ ලෙස නම් කළේය.

“මට ළමයි තුන්දෙනයි. මං කිව්වා ළමයින්ටයි බිරියටයි, ඔන්න මම ගොවිපොළ පැමිලි ෆාම් කියල නම් කළා. හැබැයි හැමෝම වැඩ කළ යුතුයි කියලා. කිව්ව වගේම අපේ ගෙදර සියලු දෙනාම අවසානයේ වැඩේට බැස්සා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. මම යනවා වල් කපන්න. හය වෙනකොට වල් අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට. අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ. මුළු ගමටම ඇහෙන්න පිරිත් දානවා. මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මුලින්නම් සල්ලියබාගෙ යහමින් තිබුණේ නැහැ. තිබුණ එකම දේ ධනාත්මක සිතිවිලි පමණයි.

හැබැයි එදා සිටම මගේ වැඩනම් හරිම කෙළින්. බොරුවට විරුද්ධයි. මං ඕනෑම තැනකට අඳින්නෙ සරම. කෙළින් කතා කරනවා වගේම කරන්නෙත් හරි දේ පමණයි.”

වර්තමානය වන විට කිරි ගවයන්ගෙන් ලැබෙන ගොම උපයෝගීකොට කොම්පෝස්ට් පොහොර කිලෝ අනූ ලක්ෂයකට වඩා නිපදවන අතර පොත-පතේ දැනුම නොතිබුණත් ඔහු සිය සහජ බුද්ධියෙන් ගව මුත්‍ර සහ ජීව වායු එක්කොට දියර පොහොර ද කෑන් ලක්ෂ ගණනක් නිපදවා මේ වන විට වගා සඳහා සාදා තිබේ.

“මං හදලා තියෙන දියර පොහොරයට කිසිම කෘමියෙකු එන්නෙ නෑ. මල්වලට, තේවලට, ලීක්ස්, බිට් ආදි ඕනෑම වගාවකට ඉතාම ගුණදායක දියරයක් කියලා මගේ දියර පොහොර සාන්ද්‍රණය ඔප්පු වෙලා අවසානයි. ඒ වගේම මට කොම්පොස්ට් පොහොර සාදන හැටි කිසිම දැනීමක් තිබුණේ නැහැ. මම තනිවම සීඩි බලලයි නියම ප්‍රමිතියට කොම්පොස්ට් හදන්න ඉගෙන ගත්තෙත්.”වාසනාව සහ උත්සාහය මතින් ඉදිරියට පැමිණි සරත්ගේ ගොවිපොළ නැරැඹීම සඳහා මේ වන විට පාසල් දරුවෝ මෙන්ම විවිධ පිරිස් ද වැල නොකැඩී දිවිතොටවෙලට ළඟා වෙති. ගොවිපොළෙහි ගවයන්ට සෙල්ලම් කිරීමට වෙනම පිටියක් ද තිබේ.

අකුරු ශාස්ත්‍රය නොදනිතත් වර්තමානය වන විට සරත් විමලවීර තමා ලබාගත් දැනුම අන් අයටද බෙදා දීම සඳහා ව්‍යවසායකත්වය සහ ධනාත්මක සිතිවිලි ඇසුරෙන් රටපුරා දේශන ද පවත්වයි.

“මට අදටත් නමවත් ලියන්න බැහැ. මනුස්සයකුට උගත්කම වගේම ධනාත්මක සිතිවිලිත් අවශ්‍යයි ජීවිතය ජයගන්න.

මට උගත්කම නැතිවුණාට ධනාත්මක සිතිවිලි තියෙනවා. කිරි ගව පාලනය අද අපේ රටට ජාතික අවශ්‍යතාවක්. මොකද මේ රටේ ජාතික ධනයෙන් වැඩිම කොටසක් පිටරටට යන්නෙ පිටිකිරි, රසායනික පොහොරවලට, බෙහෙත්වලටනේ. මේ සියල්ල නතර කරගත හැකියි වස-විසෙන් තොර රටක් නිර්මාණය කරගත්තොත්. ඒ නිසා පුළුවන් සෑම ගෙදරකම කිරි හරකෙක් හදන්න. ඒ මඟින් පැළයක් සාදා වස විසෙන් තොර ආහාර වේලක් ගන්න පුරුදු වෙන්න. ඒකට කරන්න තියෙන එකම විසඳුම කිරි ගව පාලනයයි.”

එලෙස සැමට ඔවදන් දෙන සරත් ඉතා කෙටි කලක් තුළ කළ වික්‍රමය වෙනුවෙන් ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රාශියක් දිනා තිබේ.“මගේ එකම අභිප්‍රාය මං පටන්ගත් දෙය රටපුරා ව්‍යාප්ත කරන එක. අපට වස විසෙන් තොර රටක් කියන එක මගේ තේමාව. මට මැරෙන්නට පෙර මේ රට වස විසෙන් තොර රටක් කරන්නට පුළුවන්නම්. ඒ සඳහා මට පුළුවන් උපරීම උත්සාහ ගන්නවා.”ඒ ඌව පළාතේ වැලිමඩෙන් බිහිවූ සිරිලක කොම්පොස්ට් රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනයයි.

ලංකාවේ කැලෑ ප්‍රදේශයකින් ජපනුන් විසින් සොයාගත් බුදුපිළිම වල අරුම පුදුම රහස්

ශ්‍රී ලංකාව බුදු දහම සමග දැඩි සම්බන්ධතාවක් ඇති රටක් ලෙස සැලකෙන අතර ඊට අප අසල්වැසි ඉන්දීය රාජ්‍යයේ බලපෑම් සහ ඓතිහසික වශයෙන් රාජ්‍ය තන්ත්‍රවල සිදුවූ සිද්ධීන් මගින් මහා වංශය සක්‍ෂි දරයි. අනුරපුර හා පුලතිසිපුර රාජධානි කාලවලදී සිට ලංකාවේ සතර දිග්භාගය පුරා බුදු දහම ව්‍යාප්ත වීම සහ එ් ආශ්‍රිත ජන සමාජයේ ගොඩනැගීම හෙළ රාජ වංශයේ විවිධ පරිචයන් තුළින් මනාවට පැහැදිලි වේ. විශේෂයෙන්ම බුදු පිළිම නෙළී​මේ කලාව ලාංකේය ජන ජීවිතය හා සමීප වීම තුළ ආගමික නැඹුරුව වැඩි වීමට හේතු සාධක විය. ලංකාවේ විවිධ ප්‍රදේශවල බුදු පිළිම නෙළා ඇති අතර අතීතයේ රජ දරුවන් පාෂාණ කුට්ටි මත නොදියුණු යුගයක හරි අපූරුවට ඒවා නෙළුෑ බව ප්‍රශංසනීය ව​ෙග්ම පුදුමය දනවන සුලුය.

මෙම හෙළ බුදුපිළිම කලාව බොහෝ විට ථෙරවාදී බුදුදහට උරුමකම් කීවද යම් යම් ස්ථානවල මහායාන බුදුදහමේ ආභාෂය හුවා දක්වන බුදු පිළිමද හුමුවී ඇත. ඉන් බුදුරුවගල ඉමහත් ප්‍රචලිත වන අතර ඊට සමගාමීව වෙනත් සැලකිය යුතු සාක්‍ෂියක් ​ෙබාහෝ විට බොහෝ දෙනෙක් නොදනිති. ‘‘බුදු පටුන’’ යනු එලෙස මහායාන බුදුදහම පිළිබඳ වැදගත් සාක්‍ෂියක් හමුවන ස්ථානයකි. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කට්ටුව ඇති වට්ටාරම විහාරස්ථානයට නුදුරින් පිහිටි කොටියාගල ගම්මානය ශුෂ්ක කලාපීය පරිසරයක් ඇති ලාහුගල හා යාල වනභූමි සීමාවලට සමීප ගම්මානයකි. විලඔය මගින් පෝෂණය කරන, ගොයම් හා බඩ ඉරිඟු ජීවනෝපාය කරගත් ගැමි දිවි​ෙ​පවෙතක් ඇති එම ප්‍රදේශයේ ජනතාව පවා නොදන්න අබිරහස් ඔවුන් අසල තිබේ. එය නමින් ‘‘බුදු පටුන’’ වේ. විලඔය ඝන කැලයක් මැදින් ගලාගෙන ගොස් පානමින් මුහුදට වැටන අතර අලි, කොටි, වලසුන් සේම වල් ඌරන්, මුවන්, ගෝනුන් වාසය කරන සක්‍රීය ශුෂ්ක වන පියස තුළ එක් ඉසව්වක පිහිටි දැවැන්ත ගල් පර්වතයක් මත නෙළුෑ පිිළිම වහන්සේ තුන් නමක් පිහිටි ඉසවුව ‘‘බුදු පටුන’’ යැයි හඳුන්වයි.

ඈත අතීතයේ මහායාන දහම පිළිබඳ ප්‍රසිද්ධ වූයේ අභයගිරිය වූ අතර චීන ජාතික ෆා-හිං භික්‍ෂුව සිරිලකට පැමිණි පසු ප්‍රථමයෙන් වැඩම කළේ අභයගිරියට බව සඳහන්ය. මන්ද චීනය හා ජපානය මහායාන ධර්මය ආශ්‍රිත වැදගත් දේ වන හෙයිනි. එකල අභයගිරියේ භික්‍ෂුන් වහන්සේලා 5000 ක් පමණ වැඩ සිටි බව සඳහන්ය.

අනුරාධපුර හා පොලොන්නරු යුගවල වැඩි වශයෙන් හිටි පිළිම, සැතපෙන පිළිම, ඔත් පිළිම, වැඩහිද පිළිම දක්නට ලැබුණද ඒවා බෙ​ාහෝ විට ථේරවාදී දහමට නැඹුරු එ්වා විය. නමුත් 2014 වර්ෂයේදී අනුරාධපුර අශෝකාරාම පුරාවිද්‍යා භූමියෙන් ඕවාලාකාර මැටි ඵලකය ඉතා සියුම්ව නෙළුෑ මහායාන බුදුපිළිමයක් හමුවූ අතර එය භූම් ස්පර්ශ මුද්‍රාවෙන් පද්මාසන ඉරියව්වෙන් නිරූපණය විය. එය මහායාන ධර්මයට අයත් ඉන්දියාවේ අමරාවතී කලා ශෛලිය පිළිඹිබු කරන්නක් වූ අතර ඇතැම්විට එය පූජා භාණ්ඩයක් ලෙස අතීතයේදී මෙරටට ගෙන එන ලද්දක් බව නිගමනය කර තිබුණි.

ඊට අමතරව ලංකාවේ මහායාන දහම වඩාත් දැකිය හැක්කේ මොනරාගල වැල්ලවායේ පිහිටි ‘‘බුදුරුවගල’’ වේ. ක්‍රි.ව. 7-9 වර්ෂවලට අයත් මහායාන පිළිම ලෙස පිළිගත් මේවා සප්ත මහායාන මූර්ති ලෙස හඳුන්වයි. මෙහි මධ්‍යයේ ප්‍රධාන බුදුරුවට අමතරව දෙපසින් පරිවාර පිළිම තුන බැගින් පිළිම සයක් දක්නට ලැබේ. අඩි 50ක් පණ උසැති ප්‍රධාන බුදු රුවට පසෙකින් අවලෝකීතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට තාරා දේවියගේ හා සුධන බෝසතුන්ගේ ප්‍රතිමා දෙකක්ද, අනෙක් පසින් මෛත්‍රී බෝසතුන් මැදිකොට වජ්රුපාණි බෝසත් රුවක් හා හඳුනා නොගත් වෙනත් රුවක්ද දක්නට ලැබේ. පවතින තනි කළුගලක ඉදිරියට නෙලා ආ ලෙස නෙළා ඇති මෙම බුදු පිළිම අතර මධ්‍යයේ පිහිටි පිළිමය අර්ධ උන්නතියට ගලෙහි ඉස්මතු​ෙකට හුණු බදාමයෙන් සිවුර රැළි ගන්වා නෙලා ඇත.

මිනිසා අදහන දෙවියන් වැඳුම් පිදුම් කිරීමේ අදිටනින් පිළිම නෙළීම ඇරැඹි අතර ලොව පළමු බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමා නෙළීමේ ගෞරවය හිමිවන්නේ භාරතීය කලාකරුවාටයි. භාරතය බුද්ධ ප්‍රතිමා නෙළීම ඇරඹූ අතර ඊට එවකට පාලකයන් වූ බිම්බිසාර සහ අශෝක රජු ඉමහත් දායකත්වයක් සපයන ලදී. බුදුන් පරිනිර්වාණයෙන් සියවස් 5 ක් පමණ යනතුරු කිසිඳු බුදුරුවක් පිළිමයකට ගොඩ නැගුනේ නැති නමුත් ඉන්පසු මිනිස් රුවට සමාන අයුරින් බුදු පිළිම නෙළීමට පටන්ගෙන ඇත. ගන්ධාර හා මථුරා කරා සම්ප්‍රදායන් සමාරම්භය භාරත ඉතිහාසයේ වැදගත් කාලයන්වන අතර ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් පසු කනිෂ්ක රජුගෙන් ඊට මහත් රුකුලක් අත්විය. කෙසේ නමුත් බුදු පිළිම නෙළීම කලාවට ග්‍රීක පිළිමවල යම් සම්භවයක් ඇති බව බුද්ධ ප්‍රතිමා අධ්‍යයනයේදී පැහැදිලි වෙයි. ඇපලෝ දෙවියාගේ හිසට සමානකම් ලෙසත්, කෙස් ​ෙරාද, අස්වාභාවික කෙටි පාද හා අත් සංවරව සිරුරට ළංව තිබීම හා කෝමල සිරුර ආදී ලක්‍ෂණ පහසුවෙන් හඳුනාගත හැක. නමුත් ඇෆ්ගනිස්තාන් හා තලේබාන් හි සොයාගත් පිළිම ඊට යම් විරුද්ධ වෙනසක් සහිත විය.

මහායාන සංකල්පයට අනුව බුදුරදුන් අනෙක් පුද්ගලයන්ට වඩා ශරීරයෙන් විශාලය. ඒ අනුව ගන්ධාර කැටයම්වල ඒවා මානව රූප අතුරින් පැහැදිලිව හඳුනාගත හැකි ලෙස තිබුණි. තවද පරිවාර පිළිම දෙකක් හෝ වැඩි ගණනක් පිහිටා තිබීම තවත් ලක්‍ෂණයක් විය. බුදුදහම මහායාන ලෙස බෙදීමට හේතු වූයේ කාලාශෝක රජු සමයේ පැවැති දෙවැනි සංගායනාවේදී වජ්ජි දේශයේ විසූ ඇතැම් භික්‍ෂු පිරිසක් අකැප කරුණු 10 ක් කැප යැයි ප්‍රකාශ කිරීමෙනි. මෙම කරුණු අකැප බව දෙවැනි සංගායනාවට සම්බන්ධ වූ මහරහතන් වහන්සේලා විසින් තීරණය කෙරුණද ඊට ප්‍රතිපක්‍ෂ වූ භික්‍ෂූන් වහන්සේ දහසක් නමක් විසින් වෙනම සංගායනයක් පැවැත්වූ බවත් එම අවස්ථාවට මහායාන බුදු සමයේ මූලාරම්භය බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. තවද පසුකලෙක වෛතුල්‍යවාදය මත පදනම් වූ වෛතුල්‍යවාදීන් මහායානික බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා අදහස් දක්වා ඇති අතර ලාංකේය මහායාන දහම අධ්‍යනයේදී අපට හමුවේ.

ථෙරවාදී බුදු දහම ප්‍රකට අප දේශය තුළ මොනරාගල ආශ්‍රිතව පිහිටි බුදුරුව වලත් බුදුපටුනත් අතර යම් ඓතිහසික අබිරහසක් සඟවා ඇති බව නිගමනය කළ හැක. තවද බුදු පටුන යනු තවමත් සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණය නොකෙරූ ස්ථානයක් වන අතර එම ස්ථානයට ළඟාවීමද විටෙක මරණාසන්න අත්දැකීම් ලැබිය හැකි ගමනකි. කොටියාගල ගම්මානය කෙළවරින් ගලායන විල ඔයට පැමිණ ගඟ දිගේ ගඟ ගලන දකුණු දෙසට කි.මී. 15ක් පමණ යා යුතුය. වර්ෂා කාලවලදී ගංදිය පිරී පවතින බැවින් ළඟා වීම කළ නොහැක. නමුත් වැසි රහිත කාලවලදී වැල්ල පෑ​ෙදන තෙක්ම විල ඔය සිඳෙන නමුත් බොහෝ ස්ථානවල අඩි දෙක තුන ගැඹුරට ගඟේ වතුර පිරුණු ස්ථාන දක්නට ලැබේ. ගඟ දෙපස මහා වනාන්තරය වන අතර එහි ප්‍රධාන මාංශ භක්‍ෂක සතුන් යුගලයක්වන වලසා සහ කොටියා (පන්තෙර පර්දාස් කොටියා) වාසය කර ඇති තවත් වන අලි බහුලවන අතර ගංදියේ මිනීමරු කිඹුලන්ද වාසය කරන බව මතක තබා ගන්න.

කොක්කුන්ගේ ආර පසු කොට තවත් ගඟ දි​ෙග් යනවිට පැහැදිලිව හඳුනාගත හැකි ගලක් ප්‍රබල මං සලකුණක් ලෙස හමුවේ. ‘‘ගොයම් කොලේ ගල’’ ලෙස හඳුන්වන එම ස්ථානය ගමනේ අවසානය වන අතර ඊට නුදුරින් පිහිටි කැලයට පිවිස ‘‘බුදු පටුන’’ නම් බුදුපිළිම පිහිටි මෙම ස්ථානය දැකගත හැකිය. වර්ෂ 1985 දී ප්‍රථම වරට මෙම පිළිම ගවේෂණයේ යෙදුණේ ජපන් කණ්ඩායමක් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසක් පමණි. එම ජපන් කණ්ඩායම යනු හෝ සෙයි සරසවියේ පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් වූ අතර ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්වය මත බුදුපටුන ගවේෂණයේ එවකට ඔවුන් යෙදුණි. එහිදී එම බුදු පිළිම තුනෙහිම හිස් පැහැදිලිව තිබූ අතර, ගල් පර්වත නෙරා එන ලෙස නෙළා තිබූ එම පිළිම පිහිටි ප්‍රදේශය පිරිසිදු ​ෙකාට ලබාගත් ඡායාරූපවලින් පැහැදිලි වේ. තවද එහිදී පරිවාරි පිළිම දෙක බඳ කොටස හා දෑත් යම්තාක් පැහැදිලිව තිබුණද නැවත 1992 වසරේදී​ මෙම පිළිම නැවතත් ජපන් පුරාවිද්‍යා කණ්ඩායමක් සමගින් ලාංකේය පුරාවිද්වතුන් ගොස් බලනකල ඒවා යම්තාක් දුරකට නිදන් හොරුන් මගින් විනාශ කොට තිබුණි.
වසර 7 කට පසු නැවතත් බුදුපටුන වෙත යන විට නිදන් හොරුන් විසින් වම් පස පිහිටි බෝධිසත්ව පිළිමයේ හිස කඩා දමා තිබූ අතර ප්‍රධාන බුදුරුවේ හිස විනාශ කොට තිබුණි. තවද පිළිමවල දෑත් සහ බඳ කොටසද විනාශ වීමකට ලක්ව තිබූ අතර මධ්‍යය පිළිමයේ සිවුරු ​කොටසද අර්ධ විනාශයට ලක්ව තිබී ඇත. කෙසේ නමුත් අද වන විට වම් පස බුදුපිළිම හා මධ්‍යම බුදුරුවේ හිස් මුළුමනින්ම විනාශ වී තිබූ අතර සිවුරද විනාශ ​ෙකාට තිබුණි. දකුණු පස බෝධිසත්ව පිළිමය පමණක් පැහැදිලිව හඳුනාගත හැකි මුහුණු තිබූ අතර පරිවාර පිළිම යුගලයේ පාද කොටසද පැහැදිලිව තිබුණි. පරිවාර පිළිම දෙකට ඉහළින් ගල් ආවරණ තිබෙන අතර වම් පිළිමයට පසෙකින් පිළිම නෙළුෑ ප්‍රදේශයේ අවසන් කර ඇති බවට හඳුනාගත හැකි ලෙස කොටස වෙන්කර තිබේ. ගල් පර්වතය නෙළමින් බුදුපිළිම වහන්සේ මතු කරගෙන ඇති අතර මෙපමණ දුෂ්කර වන පියසක මෙලෙසින් බුදු පිළිම නෙලා තිබීම අබිරහසක් බව අප සමග ගිය ගම්වැසියෙකු පැවසුවේය. වට්ටාරාම පුද බිමද පුරාවිද්‍යාත්මක වැදගත් සාක්‍ෂි හමුවූ ස්ථානයක් වන නමුත් මෙම බුදු පටුන පිහිටියේ ඊට කි.මී. 20ක් පමණ දුර විලඔය හරහා ගොස් පිහිටි ඝන මූකලානේය. කිසිඳු ජනාවාසයක් පිළිබඳ කිසිඳු සටහනක් හෝ සාක්‍ෂියක් එම ප්‍රදේශයේ හමුවී නැති අතර ගමේ පැරැණ්නන් පවසන පරිදි ඔවුන්ගේ පරම්පරා කිසිවක් එපමණ ඝන කැලයේ ජීවත් නොවූහ.

බුදුරුවගල දෙපස පිහිටි මූර්ති තුන්වැනිම පිහිටි බුදුපටුනේ පිළිම තුළ ප්‍රධාන බුදු රුවට දෙපසින් පිහිටියේ අවලෝකිකේෂ්වර බුද්ධ ප්‍රතිමා වීම විශේෂත්වයකි. බුදුපටුන පිළිබඳ පුවත්පතක පළවූ මුල්ම ලිපිය ඉරිදා ලංකාදීප පුවත්පතේ 1993 වසරේ සැප්තැම්බර් 12 වැනිදා පළවූ අතර එහිදී බුදුපටුනේ ඡායාරූප ප්‍රථමයෙන්ම දේශයට අනාවරණය කෙරුණේ රත්නපුරේ ජයන්ත විජේරත්න හේරත් මහතා විසිනි. ඒ ජපන් මිත්‍රත්ව පදනම යටතේ කළ දෙවන ගවේෂණයෙන් මාස කිහිපයකට පසුවය.

කෙසේ හෝ මයායාන බුදුදහම මොනරාගල ආශ්‍රිතව බහුල වශ​ෙයන් ව්‍යාප්ත වී තිබුණේද එසේ නම් ඊට තවත් නිදසුන් බුදුපටුන ආශ්‍රිත වනපෙතේ සැඟව තිබේද යන්න තවමත් අබිරහසකි. මන්ද බුදුරුවගල හා බුදු පටුන පිළිම තුළ යම් සමානත්වයක් දක්නට ඇති හෙයිනි. මන්ද බුදුරුවගල හා බුදුපටුන පිළිම තුළ යම් සමානත්වයක් දක්නට ඇති හෙයිනි. මහායාන ධර්මය එහි පැවතියේ නම් දක්‍ෂිණ වෙරළබඩින් ධර්මය පැමිණ දක්‍ෂිණාශ්‍රිතව පමණක් ව්‍යාප්ත වූයේද එසේ නැතිනම් නැගෙනහිර මුහුදින් ඉන්දුනීසියා සංක්‍රමණ හෝ ඉන්දුනීසියානු/ ජපන් නාවික මංසන්ධියක් තුළ පිහිටි නිසා මහායාන ධර්මයේ යම් සමීපත්වයක් නැගෙනහිර තිබුණේද යන්න තවමත් විශ්ලේෂණය කර නොමැත. තවද ලංකාවේ මහායාන මධ්‍යස්ථාන වශයෙන් අභයගිරිය, මිහින්තලය, දක්‍ෂිණ ගිර, අනුරපුර විජයාරාම, මාතලේ නාලන්ද, ගෙඩිගේ, මහනුවර නාථ දේවාලය හා සබරගමු සමන් දේවාලය ආදී ප්‍රකට ස්ථාන වේ. ​ඊට අමතරව බුදුරුවගල හා බුදු පටුනද පවතියි.

ලංකාවේ බොහෝ භික්‍ෂූන් හා බුදුදහම ආශ්‍රිතව සිරිලක් ව්‍යාප්ත අධ්‍යයනය කරන බොහෝමයක් විද්වතුන් තවමත් ‘‘බුදුපටුන’’ පිළිබඳව දන්නේ නැත. අවට ගම්මානවල පිරිස හෝ කොටියාගල අවට පිහිටි විහාරස්ථානවල භික්ෂූන් පවා තවමත් බුදුපටුනට ගොස් එම පිළිම වහන්සේලා දැක නොමැත. එසේම මොනරාගල හා ගලබැද්ද පුරාවිද්‍යා කාර්යාලයේ පිරිස පවා මෙම ස්ථානය ගැන නොදන්නා බව අප විමසීම් කළ විට දැනගත්හ. එසේ නම් ජපන් කණ්ඩායමකට මීට වසර 32කට පමණ පෙර මෙම ස්ථානය පිළිබඳ දැනගත්තේ කෙසේද. ඔවුන් සිදුකළ ගවේෂණවල නිගමනයන් මොනවාදැයි සඳහනක් සොයාගත නොහැක. අතීතේ සජීවීව දැකගත හැකි වන්නේ ඝන වනාන්තරයක සැඟව තිබෙන බුදු පිළිම වහන්සේලා පමණි. නමුත් ඒවාද කාලයාගේ ඇවෑමෙන් නිදන් හොරු සහ ජාවාරම්කරුවන් විනාශ කරමින් පවතියි.

බුදු පටුන වෙත යන ගමන ඌව පළා​ෙතන් ආරම්භ කළද බුදු පටුන භූගෝලීය ලෙස පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ කුඩුම්බිගල අභයභූමියේ උතුරු සීමාවට වන්නට පිහිටි දැවැන්ත වනපියස මධ්‍යයේය. ඊට අසල්වැසි වන්නේ ලාහුගල වනෝද්‍යානය වේ. බුදුපටුන පිහිටි ප්‍රදේශයේ දැවැන්ත වළවල් හාරා ඇත. නිදන් හොරුන් විසින් එම ප්‍ර​ෙද්ශය දැඩි ලෙස කැණීම් සිදුකරනු ලැබ ඇති අතර නිශ්චිතවම පැරැණි යැයි කිව නොහැකි යම් නටඹුන් අවට දැකගත හැක. බුදුපිළිම නෙළා ඇති ගලේම පාද පිහිටියේ වේදිකාවක වැනි ලෙසය. දැවැන්ත රූස්ස ගස්වල කොළ වැටී ප්‍ර​ෙද්ශයන් පිළිම වහන්සේලාත් වසාගෙන තිබූ අතර ඒ සියල්ල පිරිසිදු කළ පසු පිළිම නෙළුෑ ආකාරය හා සබැඳි කැටයම් පැහැදිලිව දැකගත හැක. නමුත් බෙ​ෙහා් ස්ථාන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණි.

මහ වනයක වැනසෙමින් පවතින ‘‘බුදු පටුන’’ ලංකාවේ මහායාන බුදුදහමේ සම්බන්ධතාව කියාපාන තවත් කදිම උදාහරණයකි. නමුත් නිදන් හොරුන් සහ ගංජා හේන් වගාකරුවන්ගේත් අනවසර ගස් කපන්නන්ගේත් ඇසට හසුවීම නිසා අකාලයේ වසර 32 ක් තුළ ක්‍රමිකව විනාශයට ලක්වුණි. තවදුරටත් මේවා සංරක්‍ෂණය නොවුණහොත් තවත් වසර කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම මේවා විනාශ වී යනු ​​නොඅනුමානය. මේ අවට කැලය තවදුරටත් නිරීක්‍ෂණය කරන්නේ නම් තවත් නටබුන් හෝ සාධක හමු විය හැකි අතර ජනාවාසයක් ඈත අතීතයේ නොතිබූ මෙලෙස බුදු පිළිම නිර්මාණය විය නොහැකි හෙයින් තවත් මානව ශිෂ්ඨාචාරයක සාක්ෂි හා ​තොරතුරු සොයා ගත හැකි බව ගවේෂණයේ​ යෙදුණු අපට පැහැදිලි විය.

ලංකාවේ නොවිසඳුණු අබිරහස් ගොන්නට බුදු පටුනද අයත් වන අතර බුදු දහමේ මහායානික බලපෑම් ඌව පළාතේ මොනරාගල ආශ්‍රිතව තදින් ව්‍යාප්තව තිබූ බවද බුදුරුවගල හා බුදුපටුනේ පැහැදිලි සාක්‍ෂි මගින් සනාථකර ගත හැක. නමුත් ක්‍රමවත් පුරාවිද්‍යා ගවේෂණයක් බුදුපටුනට අවශ්‍ය වේ. මන්ද නිදන් හොරු හෑරූ වළවල් සහ අසල පිහිටි වෙනත් වලවල් ආශ්‍රිතව යම් නටබුන් තිබිය හැකි බව අප දුටු අතර ප්‍රදේශය තුළ පවතින පාරිසරික රටාවද යම් ආකාරයක ගුප්ත බවක් ඉසිලීය. සමස්ත ගමන පුරා මාංශ භක්‍ෂක සතෙකු මුණ නොගැසුණද ගඟ දිගේ කොටින්ගේ, අලින්ගේ පාසලකුණු ඕනෑතරම් දක්න ලැබුණි. ගස් මත පහුරු ගාමින් නැගගත් වලස් සලකුණද වල් ඌරන්ගේ සලකුණු හා ගෝන්නුගේ මළකුණුද අපට දක්නට ලැබිණ. ‘‘බුදු පටුන’’ අබිරහස් සොයාගෙන ලාංකේය බුදු දහම් ඉතිහාසයේ අලුත් පරිචයක් ලීමට හැකිවෙතැයි අපේක්‍ෂා කළ අපි පුරා දොළොස්පායක ගමන නිමාවට පත්කරමින් නැවතත් කොටියාගලට පැමිණියෙමු.

උපුටා ගැනීම-http://www.lankadeepa.lk

ගමට එන්න පලාමක් තැනු ධෛර්යයමත වයස අවුරුදු 20ක තරුණිය තිදෙනෙක් ගැනයි මේ අපුරු කතාව

“නෙළුවේ සිට අපේ ගමට එන්නට ළඟම පාර බෙල්ලන ගඟ හරහා එන එකයි. ඒත්, ඒකට තිබුණෙ ඒදණ්ඩක්. මේ බෙල්ලන ගඟ දිගට ඒදඬු විස්සක් විතර කාලෙන් කාලෙට දාන්න ඇති. මොනම ඒදණ්ඩක්වත් වැඩි කලක් තිබ්බෙ නැහැ. වැහි කාලෙට අප ගංවතුරට දින ගණන් කොටු වෙනවා. හප්පිටියේ පවුල් 350ක මිනිසුන්ට හදිසියකට ලෙඩෙකුවත් රෝහලකට අරගෙන යන්නට හැකියාවක් තිබුණෙ නැහැ.“

එහෙම කිව්වෙ, නෙළුව හප්පිටිය ගමේ කාන්තාවක්. අප ඇගේ ගමට ගිය ඒ ගිනි මද්දහනේ ඇය කට පුරා සිනා සලමින් අලුත හදපු පාලම දිගේ ඇවිදගෙන අප ඉදිරියට ආවෙ උස තඹලේරුවලට පුරවපු සීතල කුරුම්බා වතුර සහිත බන්දේසියකුත් දෑතින් අරගෙනයි.

ජාතික තරුණ සේවා සභාවේ සහ ස්වාධීන රූපවාහිනියේ අනුග්‍රහයෙන් පැවැත්වුණු ‘යූත් විත් ටැලන්ට්‘ තරගයේදී ජයග්‍රහණය කරමින් රුපියල් කෝටියක මුදලක් ගමට ගෙන ආ නෙළුව, හප්පිටිය රිදීතරු පාලම ප්‍රජා ව්‍යාපෘතිය ගැන මේ වන විට ඕනෑ තරම් මාධ්‍යවලින් ලියැවී තිබෙනවා. අප එහි ගියේ ඒ කතාව පිටුපස තිබුණු වාර්තා නො වුණ කතාව සොයන්නටයි.

තරුණයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාව අනුව, සෑම මට්ටමකම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී යෞවන නියෝජනය වැඩි කරන්නැයි ලෝකයේ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.

“ශ්‍රී ලංකාවේ තරුණ ජනයාගෙන් 71.5%ක් ම දේශපාලනිකව අක්‍රිය ය. කිසියම් දේශපාලන කටයුත්තක යෙදී සිටින්නේ 1.9%ක් පමණි. වෘත්තීය සමිති හා සම්බන්ධ 1.3%ක් පමණි,” යි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් 2015 වසරේ පළ කරන ලද 20.4 Million නම් ග්‍ර‍න්ථයෙහි දැක්වේ. එමගින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණයන්ගේ සහභාගිත්වයෙහි පවත්නා යථාර්ථය සංකේතවත් වේ.

වයස අවුරුදු 20 අවට හිරිමල් යොවුන් වියේ කෙල්ලන් තිදෙනෙකුගේ මුලපිරුමෙන්, ජාතික තරුණ සේවා සභාවෙන් ලැබුණු රු. 75,000ක් වැනි මුදලකින් පටන් අරගෙන රු. මිලියන තුනකටත් වඩා වටිනා ව්‍යාපෘතියක් ලෙස ගමට පාලමක් හදන්නට පුළුවන් වුණ කතාවේ වැදගත්කම අප දකින්නේ මෙම සංදර්භය තුළයි.

හැම හොඳ දෙයක් ම කාගේ හරි හොඳ මග පෙන්වීමක්. නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරි ඩබ්ලිව්. සී. දීපලාල් මෙම ව්‍යාපෘතිය පසුපස සිටි මාර්ගෝපදේශකවරයායි.

“තරුණ සේවා සභාව විසින් දිවයින පුරා තෝරා ගන්නා ලද ව්‍යාපෘති 1500ක් වෙනුවෙන් යෞවන සමාජවලට 2016 අගෝස්තු මාසයේදී රු. 75,000 බැගින් ලබා දුන්නා. ශ්‍රම හා සෙසු දායකත්වයන් ප්‍රජාවෙන් ලබා ගනිමින් ඉතිරි කාර්යයන් සපුරා ගැනීමේ දක්ෂතාව තමයි මේ තරගයේදී පරීක්ෂා කළේ,” දීපලාල් පෙන්වා දුන්නා.

හප්පිටිය ගමේ ජනතාව රිදීතරු යෞවන සමාජයේ මෙම ව්‍යාපෘතියට උර දුන්නේ දැවැන්ත වගකීමකින්. ගම්වැසියන් අපට කීවේ ගමේ හැම ගෙදරකින් ම මේ ව්‍යාපෘතියට මුදලින් හා ශ්‍රමයෙන් දායක වූ බවයි. ගමෙන් පිට ඈත ප්‍රදේශවල පදිංචි වුණ ඔවුන්ගේ නෑයින් පවා මුදලින් ආධාර කළ බව අපට කිව්වේ පාලම ළඟ ගෙදර කාන්තාවයි. ගමේ මිනිසුන්ගේ මේ දැවෙන අවශ්‍යතාව රිදීතරු යෞවන සමාජයට මේ ව්‍යාපෘතිය ජයග්‍රාහී ලෙස මාස තුනකින් සම්පූර්ණ කරන්න ආධාරක වුණා. ඒක අවශ්‍ය ම තැනක සිදු වන අවශ්‍ය ම සංවර්ධනයක්.

හැබැයි, අප එහි දකින වඩාත් වැදගත් කාරණය වන්නේ මේ ව්‍යාපෘතියට සාර්ථක ලෙස නායකත්වය දෙන්නට රිදීතරු යෞවන සමාජයේ සභාපති එස්. ඩී. එල්. දිල්කි මධුෂානි, ලේකම් සඳනි ළහිරුකා, භාණ්ඩාගාරික බී. එල්. ජේ. නිලූ කියන යෞවනියන් තිදෙනාට හැකි වීමයි. ගම්වැසියන්ගේ සහයෝගයත් ගොනු කරගෙන, දේශපාලනඥයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, සුබ පතන්නන්ගෙනුත් අනුග්‍රාහකත්වය ලබා ගන්නට නොබෝදා උසස් පෙළ විභාගයට මුහුණ දුන්, ගමේ හා ගම අවට පාසල්වල ඉගෙනුම ලබන මේ තරුණියන් තිදෙනා සමත්වීම ඔවුන්ගේ පමණක් නොවෙයි ලංකාවේ ම තරුණ තරුණියන්ගේ ජයග්‍රහණයක්.

“තරුණියන් නිසා අපට මේ දේ කරන්නට බැහැ ය කියමින් අධෛර්යය කරපු අයත් හිටියා. එහෙත්, වැඩි දෙනෙක් අපව දිරි ගැන්වූවා. ඒක නිසායි අපට මේ කාර්යය මේ අන්දමින් සාර්ථකව කරන්නට පුළුවන් වුණේ,” යි අප සමග කීවේ රිදීතරු යෞවන සමාජයේ සභාපති එස්. ඩී. එල්. දිල්කි මධුෂානි.

දිල්කිගේ මව අලුත හදපු පාලම උඩදි අප සමග දුක්බර කතාවක් බෙදාහදා ගත්තා. දිල්කිට වයස අවුරුදු හයක් විතර වෙද්දි, මව දිල්කිගේ නැගනිය ප්‍රසූත කරන්නට රෝහල්ගතව සිටියදී, ඇය බලන්නට රෝහලට ගොස් එමින් සිටි දිල්කිගේ පියා ඒදණ්ඩෙන් වැටී මිය මිය ගියා. අවුරුදු 13කට පසුව, ඒ පියාගේ දියණිය ඒදණ්ඩෙන් ගඟ තරණය කළ මිනිසුන් වෙනුවෙන් පාලමක් හදන්නට මුල පිරුවා.

“අපට පුළුවන්!” ඒ තමයි දිල්කිගේ පණිවුඩය. අප කියන්නේ මේ රටේ කාන්තා පරපුර. තරුණ පරපුර.

වාස්තු දෝෂ ගෙනෙන මුහුණ බලන කණ්නාඩි ගැන මේ පුදුම රහස් දැනගන්න

නිවසක වාස්තු දෝෂ සෑම එකක්ම ඉදිකිරීම් දෝෂ හා සම්බන්ධ නොවේ. වාස්තු දෝෂ ඇති තැන් ඍණ ශක්ති පෙන්නුම් කරන ස්ථාන වන අතර නිවසක පවත්නා ධන ශක්ති පෙන්නුම් කරන ස්ථානද පවත්නා බව සැලකිය යුතුය. නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ඍණ ශක්ති ගැන මෙන්ම ධන ශක්ති ගැනද සොයා බැලිය යුතු වේ. මේඅ අනුව නිවසක වාස්තු දෝෂ කලින් හට ගන්නා ඍණ ශක්ති අභිබවා යන ආකාරයට ධන ශක්ති උත්පාදනය කිරීම වාස්තු දෝෂ නිවාරණය කිරීම වශයෙන් හැඳින් වේ. නිවාස පරීක්ෂාවේඅදී මෙම ධන හා ඍණ ශක්ති මුදා හැරීම ගැන සොයා බලා වාස්තු ඇගයීම් වාර්තා සකස් කිරීම ගැන උසස් වාස්තු විද්‍යාවේ දී ඉගැන්වේ.

බොහෝ විට නිවසක වැරදි ඉදි කිරීම් නිසා වාස්තු දෝෂ හටගන්නා බව සාමාන්‍ය පිළිගැනීමයි. නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ධනය, මානසික උපයෝගීතාව සතුට වැනි කරුණුවල පහත වැටීමක් වාස්තු දෝෂ නිසා හටගන්නා අතර ඔවුන්ගේ පුද්ගලික ශක්ති මට්ටම් වල ඇතිවන ඍණාත්මක වෙනස්වීම් නිසා විවිධ අනතුරු බාධක ආදියටද ඔවුහු මුහුණ දෙති.

නිවසක් තුළ වාස්තු දෝෂ හටගැන්වීමටත් වාස්තු දෝෂ නිවාරණයට අවශ්‍ය ධන ශක්ති මුදා හැරීමටත් ප්‍රමුඛ බලපෑම් ඇති කිරීමට නිවස තුළ භාවිතා වන ඇතැම් උපකරණ සහ භාණ්ඩ ද සමත්වන බව සොයාගෙන ඇත. මෙහිදී ඔරලෝසු හා කැඩපත් ගැන විශේෂයෙන් සඳහන් වේ. ඊට අමතරව තවත් භාණ්ඩ කිහිපයක් නිවසේ වාස්තු වලට හිතකර සහ අහිතකර බලපෑම් ඇති කරයි.

නිවසේ භාවිතා වන කැඩපත් ධන ශක්ති මුදා හැරීම් සිදු කරන අතර ඍණ ශක්ති අවශෝෂණය කරන උපකරණ බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් සනාථ කර ඇත. කැඩපත මඟින් සිදුවන විද්‍යාත්මක හැසිරීම් අතර

පුද්ගලයෙකු සතු සම්පත් දෙගුණ කිරීම ඍණ ශක්ති අවශෝෂණය සහ ආපසු හරවා යැවීම අවශ්‍ය ස්ථාන කරා ධන ශක්ති පරාවැතනය කිරීම යන සුවිශේෂී හැකියාවන් වඩාත් වැදගත් වේ.

ස්ථානගත කරන ක්‍රමවේද අනුව දිශාව, ආනතිය සහ ස්ථාන අනුව කැඩපත් තැබීමෙන් මෙම ප්‍රතිපලය ලබා ගත හැකිය. ඒවා නිවසක වාස්තු බලගැන්වීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙනු ඇත.

මුදල් පෙට්ටිය හෝ සේප්පුව ඉදිරියේ කැඩපතක් තැබීම මුදල් තත්ත්වය දෙගුණ වීමට අවශ්‍ය ධන ශක්තියේ වර්ධනයක් ඇති කරන බැවින් නිවසක ආර්ථික තත්ත්වයේ සුබදායක වෙනසක් ඉන් ඇති කෙරේ. එමෙන්ම නිවසකට ඇතුළුවන ධන ශක්තිය, ප්‍රධාන දොර ඉදිරියේ කැඩපතක් තැබීමෙන් ආපසු පරාවර්තනය වී ඉවතට යෑමක් සිදුවන බව සඳහන් වේ. මෙහිදී කැඩපතක් නොව, ආලෝක පරාවර්තනය වන ඕනෑම භාණ්ඩයක් වුවද ප්‍රධාන දොරට මුහුණ ලා තැබීම අයහපත් වනු ඇත. විශේෂයෙන් නිවසක රූපවාහිනී යන්ත්‍රය මේ ආකාරයට තැබීමෙන් ධන ශක්තිය ඉවතට නිර්ගමනය වීමක් සිදුවන බව සැලකිය යුතු ව ඇත. එය නිවසේ ධනාත්මක පැවැත්මට බාධාවක් විය හැකිය.

ශීතකරණ වැනි භාණ්ඩ වලින් නිරතුරුවම ඍණ ශක්ති මුදා හැරීමක් සිදුවන අතර ශීතකරණ තැබීමෙන් මෙම ඍණ ශක්ති නිවස තුළ පැතිරීම නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් වනු ඇත. ඒ සඳහා හොඳම ප්‍රතිකර්මය වන්නේ එවැනි උපකරණ ඉදිරියේ කැඩපතක් තැබීමයි. මෙහිදී ඍණ ශක්ති ප්‍රබල වශයෙන් අවශෝෂණය කිරීමට කැඩපත සමත් වේ. මේ අකාරයට නිවසක් තුල කැඩපත් තැබීම තුළින් දෝෂ නිරාකරණය කල හැකි අතර වාස්තු දෝෂ හට ගැනීම සිදු කල හැකිය. නිවසක් තුළ කැඩපත් භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු වාස්තු ක්‍රමවේදයන් කිහිපයක් වෙයි.

සමචතුරස්‍රාකාර හෝ ඍජුකෝණාස්‍රාකාර හැඩ ඇති කැඩපත් පමණක් භාවිතයට ගත යුතු අතර, රවුන් හොප ඕවලාකාර හැඩති කැඩපත් නිවාස තුළ භාවිතය අයහපත්ය. කැඩපත් හෝ එවැනි පරාවර්තන හැකියාව ඇති ඔරලෝසු, රාමු කරන ලද පින්තූර හෝ වෙනත් සැරසිලි භාණ්ඩ උතුරු හා නැගෙනහිට බිත්ති ආශ්‍රිතව පමණක් තැන්පත් කලයුතුය. මේ ආකාරයට තබන කැඩපත් පොලොවේ සිට අඩි 4-5ක් උසින් තැබීම යහපත්ය.

සුරතල් මසුන් ඇති කරන ටැංකි (වීදුරු) ඉහත ආකාරයට උතුරු හා නැගෙන හිර දිශාවල තැබීම සතුට හා ධනය වර්ධනය කරන ධනාත්මක ශක්ති මුදා හැරීමට යහපත් වේ. බටහිර දිශාවේ තබන ලද මාළු ටැංකි නිවසේ ප්‍රධානියාගේ සෞඛ්‍ය තත්ත්වයට බලවත් තර්ජනයක් වනුඅ ඇත. මුහුණ බලන කැඩපතක් භාවිතා නොකරන සෑම අවස්ථාවකදීම රෙද්දකින් ආවරණය කර තැබීම අවශ්‍ය වන අතර රූපවාහිනියද එසේ ආවරණය කර තැබීම වැදගත් වේ. නිවසක හතර කොන් කැපී යන ආකාරයට සැලසුම් කිරීම ප්‍රබල වස්තු දෝෂයක් වේ. කැඩපත් දෙකක් මෙම ස්ථාන වල මුහුණට මුහුණ ලා තබා මෙම කැපී ගිය කොන් සම්පූර්ණ වන ආකරයට පෙනීමට සැලැස්වීමෙන් එම දෝෂය නිවැරදි කර ගත හැකිය. නිවසින් පිටත ඇති ආකර්ෂණීය ස්ථාන නිවස තුළ සිටින විට කැඩපතකින් පෙනීමට සැලැස්වීමෙන් ප්‍රබල ධන ශක්ති මුදා හැරීමක් නිවස තුළ විසුරුවා හැරිය හැකිය. නිවසේ කෑම මේසය කැඩපතකින් පෙනීමට සැලැස්වීම නිවස තුළ ධනය දෙගුණ කරන ක්‍රමවේදයකි.

නිවසේ බ්‍රහ්ම පාදය බිත්තියකට යට වීම ප්‍රබල වාස්තු දෝෂයකි. මෙම ස්ථානයේ කැඩපතක් තැබීමෙන් මෙම දෝෂය නිවැරදි කර ගත හැකිය. නිවසේ නාන කාමරය තුළ කැඩපතක් තබා ඇත්නම් එහි නිරතුරුවම විදුලි බල්බයක් දල්වා තැබීමෙන් හෝ ආලෝකවත් කළ යුතුය. කැඩපත් භාවිතා කිරීමේදී කිසිවිටකත් ප්‍රධාන පිවිසුම ඉදිරියේ (ගේට්‍ටුව) ඉදිරියේ ඒවා නොතැබිය යු‍ටු අතර, එවැනි ආලෝක පරාවර්තන උපාංගද නොවිය යුතුය. නිදන කාමරය වැනි ස්ථාන වල කැඩපත් තැබීමේදී නිදන විට ශරීරයේ කොටස් තමාට කැඩපත තුළින් නොපෙනෙන ආකාරයට තැබිය යුතුය. එය අහිතකර සෞඛ්‍ය ගැටළු නිර්මාණය කිරීමට හේතුවේ. නිවසේ ජනෙල් පියන් සඳහා යොදා ගන්නා වීදුරු පාරදෘශ්‍ය ඒඅවා නොවීමද වැදගත් වාස්තු නීතියක් වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන මේසය ඉදිරියේ කැඩපත් තැබීමෙන් ඉගෙනීමට අවධානය යොමු කිරීමට ඔවුන්ට අපහසු වේ.

ළමුන්ගේ නිදන කාමරවල බටහිර පැත්තේ තබන කැඩපත් නිසා ඔවුන් විරුද්ධ ලිංගිකයන් කෙරේ අස්වාභාවික ආකර්ෂණයක් ඇතිකරලීමට සමත්ව් ඒ. එමෙන්ම ප‍ටු පැසේජ් වැනි ස්ථානවල තබන කැඩපත් නිසා ඍණ ශක්ති ඇද ගැනීමට ඉඩ ඇත. ගේ තුළ මුහුණට මුහුණ ලා කැඩපත් තැබීම නොකල යුතු අතර ඉන් නිවැසියන් තුළ අවිවේකී බව සහ නොඉවසිලිමත්කම ඇති කරයි.

රිවිරිසි පුවත්පත ඇසුරෙනි