ඒකිට දැන් මිනිහා නෑ..සැප ඕනේ..ටෝක් කරොත් සෙට් කරගන්න පුළුවන්..මොනාහරි කරගන්න පුළුවන් මේ කතාව ඔබත් කියවලා බලන්න

ලඟකදි කසාද බැන්ඳ ජෝඩුවක,ඒකිගෙ මනුස්සයා හම්බකරන්න ඕන නිසා රට ගියොත්,ගොඩක් උන් හිතන්නෙ…

*ඒකිට දැන් මිනිහා නෑ,සැප ඕනේ,ටෝක් කරොත් සෙට් කරගන්න පුළුවන්,මොනාහරි කරගන්න පුළුවන්.

-උදේ පාන්දර මනුස්සයා වැඩට යන නිසා,ළමයව මොන්ටිසෝරියට,ඉස්කෝලෙට ඇරලවන්න යන,ආයෙත් ළමයව ගෙදර එක්කන් එන්න යන එකී ගැන හිතන්නෙ…

*කොයි වෙලෙත් මේකි පාරෙමයි,මොකක් හරි හොර සීන් එකක් ඇති,අපිටත් චාන්ස් එකක් කරකව ගන්න ඕනේ.බැරි කමක් නෑ.

-අතට පයට වැඩ පල කරගන්න,කඩේට ගිහින් බඩුවක් ගේන්න කවුරුත් නැති එකී,පොළට ගියොත් බඩු ගේන්න,කඩේට ගියොත් බඩු ගේන්න,හන්දියට ගියොත් බඩු ගේන්න,ඒකි ගැන හිතන්නෙ…

*මේකිට ගේ ඇතුලෙ ඉන්න බෑ නේ යකෝ,කොයි වෙලෙත් එහේ මෙහේ කැරකි කැරකි ඉන්නවා.මොකක් හරි සීන් එකක් ඇති.

-මිනිහට කතා කරන්න ඕන නිසා,ෆෝන් කාඩ් එකක්,ඩේටා කාඩ් එකක්,රී ලෝඩ් එකක් දාගන්න කමිනිකේශන් එකට දුවන එකී ගැන හිතන්නෙ…

*මේකිගෙ නම් මොනාහරි හොර මගුලක් තියනවා,කොයි වෙලෙත් කාඩ් කාඩ් කාඩ්,බැලුවොත් රිංගන්නෙ ෆෝන් කාඩ් ගන්න.කවුරුහරි එක්ක හොදට ෆෝන් එකේ චූන් වෙනවා ඇති.

-මනුස්සකමට,හිතහොද කමට,අහලපහල කට්ටියත් එක්ක පොඩ්ඩක් කතාබහ කරනවා දැක්කොත්,ඒකි ගැන හිතන්නෙ…

*හොද මෝලක් තියනවා වගේ ආ.කාවහරි හොය හොය වෙන්නැති ඔය කැරකෙන්නෙ.

-ගොඩක් හිතවත්,අසල්වැසි ගෙදරකට,මොනාහරි දෙයක් ඉල්ලගන්න ගියොත්,තමන් හදපු කෑමක් බීමක් දෙන්න ගියොත්,පණිවිඩයක් දැනගන්න,කම්මැලිකමට පොඩ්ඩක් කතා බහ කරන්න ගියොත්,ඒකි ගැන හිතන්නෙ…

*ආ එහේ රිංගන්නෙ හොදකට නෙවෙයි නිතරම,ඔය වයසෙම කොල්ලෙකුත් ඉන්නවනේ,ඌ එක්ක මොනාහරි ඇති,අපි දන්නෙ නෑ ඉතින් ඕවා.

-ඉස්කෝලේ යන කාලේ හිටපු යාලුවො ටික සෙට් වෙලා,උන් ටික හම්බෙන්න,ළමයා ගෙදර කවුරුහරි ගාව දාලා හෝ අරගෙන හෝ,ලස්සනට ඇඳුමක් ඇඳලා පාරේ බැහැලා ගියොත් ඒකි ගැන හිතන්නෙ…

*අම්මට සිරි කිව්වලු,බලපන්කො මේකි නිකන්,පේන විදිහට නම් කිට ගහලා හැඩ වෙලා යන්නෙ හොර මිනිහෙක්ව හම්බෙන්න ඕනේ ලොවෙත්.

-ලස්සනට නේල් ආර්ට් එකක් දාලා,මූණට ස්ක්‍රබ් එකක්,පැක් එකක් එහෙම දාලා,සැහැල්ලු පහසු ඇඳුමක් ඇඳලා ගේ ඉස්සරහට වෙලා හරි,මිදුලට වෙලා හරි ඉන්නවා යාන්තම් හරි ඇහේ වැදුනොත්,ඒකි ගැන හිතන්නෙ…

*ගෙදරටත් මේකි අරවා මේවා උලාගෙන නෙහ් ඉන්නේ,කෑල්ල වෙන්න හදන්නෙ,ඇඳුම නිකන්,හම්මෙ ඉතින්,පේන විදිහටනම් එච්චර හොද චරිතයක් නෙමෙයි වගේ.මොනා උනත් මරු පිට්ටුව.

~මොනා උනත් ගෑනියෙක්ට(කෙල්ලෙක්ට) සමාජෙ ගරුකිරීමක් තියෙන්න ඕනේ.හවස් වෙලා කෙල්ලෙක්ට පාරක බැහැලා එන්න බෑ,කොල්ලො රොත්තක් හිටියොත් ඒකි ඒ කොල්ලො රොත්ත පහු කරන්නෙ ගොඩක් බයෙන්,සැකෙන්.ඒකිට ඇහෙන්න කොච්චර කුණුහාරප කතා කියනවද ? මරු පුක,මරු පිට්ටුව,අපිටත් ඉතින් මේවා තිබ්බනම් මොනා කරන්න බැයිද.ඔය වගේ වේස කතා අරකිට අහගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ.

ඒකි කොච්චර අසරණ වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලපල්ලා.පව් වැඩ බං.ඒකි ඇග වැහෙන්න ඇදුමක් ඇඳන් ගියත්,ඔය වගේ පොන්න කතා ඒකිට අහන්න වෙනවා.කෙල්ලෙක්ට පළල් උකුළක්,ඉනක් තියන නිසා ඒකි හැඩට ලස්සනට පේනවා.ඒකට මරු පුක කියලා ඒකිව සවුත්තු කරන්න එපා.ඒකි කොච්චර ඇග වැහෙන්න ඇඳන් ගියත්,දවසක තමන් වදන දරුවට කිරි දෙන්න,ඒකිට තන් පිහිටලා තියනවා.ඒකට මරු ගෙඩි දෙක කියලා ඒකිට ඇහෙන්න කියන්න එපා.ඇග වහෙන්න ඇඳුම් ඇඳගත්තට ඒවා පිටට පේන්නෙ ගෑනියෙක්ගෙ ශරීරයේ තියන ලස්සන,හැඩය,පිරිපුන් බව නිසා.මාත් අනන්තවත් කෙල්ලොන්ට කොලු කමට විහිලු තහලු ඕනතරම් කරලා තියනවා.නැතුව නෙමෙයි.ඒත් කවදාවත් ඒකි අපහසුතාවකට පත් වෙන විදිහට කැරි කතා කියලා නෑ.

~හෙළුව පෙන්නගෙන ජනප්‍රියත්වය හොයන,එක එකා එක්ක නිදාගන්න,වටේ යන,කසාද මිනිහා,යාළුවෙලා ඉන්න එකා නන්නත්තාර කරලා වටේ උන්ට කැටේ අල්ලන උන් වගේම මොඩ්ලින් කිය කිය ඔක්කොම එලියෙ දාගෙන නටන බැල්ලියො ඕනතරම් හිටියට,ඒ වගේ පුහු,වනචර මානසිකත්වයක් නැති හැදිච්ච කෙල්ලොත් ඕනතරම් ඉන්නවා කියන එක මතකතියාගන්න ඕනේ කවුරුත්.මොකද පාරේ යනකොට ගෑනියෙක්,කෙල්ලෙක් දිහා වැරදි විදිහට බලන්නෙ,මනින්නේ පිරිමි ජාතිය විතරක් නෙමෙයි.ගෑනුත් ඕනතරම් පද,කයිකතන්දර හදනවා.

~තව දෙයක් තමයි කසාද බැන්ඳා කියලා ඒකි ගෙදරට,මිනිහට,නැන්දම්මාට කොටු වෙන්න ඕනේ කියලා නීතියක් නෑ.හනිමූන් එකෙන් පස්සෙ ඒකි ගෑනියෙක් උනාට,ඒකිත් කෙල්ලෙක්.වයසක ආච්චි කෙනෙක් වත්,මැදවියේ ඉන්න නැන්දම්මා කෙනෙක් වත් නෙමෙයි.ඒකි කරන කියන දේවල් වලින් ඒකිගෙ ඇතුලාන්තය කවදාවත් මනින්න එපා.මිනිහෙක් හිටියයි කියලා,ළමයෙක් හිටියයි කියලා,ඒකි වරහැලි වෙලා නෑ නේ.මිනිහගෙ ගෙදරට ආවයි කියලා,ඒකිගෙ වයස අවුරුදු පහලවකින්,විස්සකින් එක පාර වැඩිවෙන්නෙ නෑ නේ.ඒකි තරුණයි.ඒකි මූණට ඇගට සාත්තු කරා කියලා,කෙල්ල කාලෙ ඇඳපු ඇඳුමක් ඇඳලා පාරේ බැහැලා ගියා කියලා,ඒකි වනචරී,හොර මිනිස්සු ඉන්නවා,බඩුවක් කියලා මනින්න එපා.ඕනම කෙල්ලෙක්,තරුණ ගෑනියෙක් ලස්සනට ඉන්න කැමතියි.

ඒකි ගැන හරියට නොදැන පද හදන්න එපා කවදාවත්.මොකද දවසක උඹටත් මටත් ගෑනියෙක් ඉදී,හැඩකාර දුවෙක් ඉදී.ගෑනියෙක් හැඩට ලස්සනට ඉන්න පළියට,තමන්ගෙ ලස්සන ගැන හිතන පලියට,සමාජෙ ගැවසෙන පළියට,ඒකිගෙ එදිනෙදා කටයුතු කරගන්න එළියට පහලට බහින පලියට,උන් වටේ ඉන්න බල්ලොන්ටයි බැල්ලියොන්ටයි බඩු උනානම්,ඒ පද හදන,කතා කියන බල්ලෝ හිතාගනින් මගේ ගෑනිත් මෙහෙමයි කියලා.බැල්ලියෝ හිතාගනින් මමත් මෙහෙමයි කියලා.එතකොට හරි.මන් කියන්නෙ නෑ රූපේ ගැන,සැප පහසුව ගැන ඕනාවට වඩා හිතන පොශ් නොහොත් පුස් වෙච්ච ගෑනු වටිනවා,රත්තරං කියලා.

මන් කියන්නෙ තමන් ගැනත්,පවුල ගැනත්,දෙමාපියන් ගැනත්,අනාගතේ ගැනත් හිතලා ලස්සනට ජීවත් වෙන ගෑනුන්ට,චරිතෙ හොද,දැක්ම හොද කෙල්ලන්ට,මිනිහට දරුවන්ට පණ වගේ ආදරේ කරන තරුණ ගෑනුන්ට,රටේ නැති සක්කිලි කතා හදන්න,ඒ වගේ කතා කියන්න එපා.මොකද ගැහැනිය කියන වචනෙ ඇතුලේ (අම්මා) කියන කෙනා ඉන්නවා.

දරුවෙක්ට අඹ ගෙඩියක් කඩලා දුන්නට බොස් මට කණට ගහපු හෝටලේ මම අවුරුදු පහකින් මිලදී ගත්තා -මෙන්න ඒ කතාව

දරුවෙක්ට අඹ ගෙඩියක් කඩලා දුන්නට බොස් මට කණට ගහපු හෝටලේ මම අවුරුදු පහකින් මිලදී ගත්තා බලලම ඉන්න මේ ක්‍රියාව මෙන්න මෙන්න වැඩ හිතාගන්නවත් බෑ පුදුමයි මෙන්න වීඩියෝව

ලොකු ලොකු වාහන පදවන විදිය දැනන් හිටියට කෝච්චියක් පදවන විදිය දැනන් හිටියද මෙන්න එහෙනම් බලාගන්නකෝ

කොච්චියක් පදිනවා කියන එක හැමෝටම කරන්න බැරි වැඩක් ඒත් උත්සහ කරොත් කරන්න බැරි නෑ කියලා මේක බැලුවම ඔයාලට හිතෙයි මෙන්න එහනම් බලන්නකො ලොකු ලොකු වාහන පදවන විදිය දැනන් හිටියට කෝච්චියක් පදවන විදිය පන ගන්වන විදිය දැනන් ඉදියද මෙන්න එහෙනම් හැමෝටම ශෙයා කරන්න

ඔබ ආදරේ කරන කෙනා ඇත්තටම ඔබට ආදරෙයිද නැත්තම් බොරු කරනවද හිතේ තියන දේ හරියටම දැනගන්න හැටි මෙන්න

ඔබගේ පුංචි වැරදිවලට කේන්ති ගන්නේ නැතිනම්

විවාහ ජීවිතයේදී ඔබ අතින් වෙන පුංචි පුංචි වැරදි ඔහු ගණන් ගන්නේ නැත්නම් ඔබ ඇත්ටම වාසනාවන්තයි. විවාහ ජීවිතයේදී අනිවාර්යෙන් අවශ්‍ය වන්නේ දෙදෙනාව හොඳින් තෙරුම් ගැනීමයි. ඉතින් මේ තේරුම් ගැනීම නිසාම ඔහු ඔබෙන් සිදු වෙන පුංචි වැරදි මඟ හරීවි.

ඔහුගෙන් සිදුවන වැරදි පිළිගන්නව නම්

යම් කිසි අතපසු වීමක්, වැරද්දක් සිදුවුනාම ඔහු තමා අතින් සිදු වෙන වැරැද්ද පිළිගන්න තරම් නම්‍යශීලි නම් ඔබට ලැබිලා ඉන්නේ හොඳ ස්වාමි පුරුෂයෙක්. කවදාවත් ඇත්තටම ඔබට ආදරය කරන පුද්ගලයෙක් නම් ඔහු අතින් සිදුවන වැරදිවලට කවදාවත් ඔබට බනින්නේ නෑ. මේ ඔහු තුල ඔබ වෙනුවෙන් තිබෙන ආදරය තේරුම් ගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්

ඔබගේ අදහස් වලට ගරු කරනව නම්

විවාහය කියන්නෙම ටීම් වර්ක් එකක්. ඔහුට වැදගත් තීරණ ගද්දි ඔබගෙන් ඒ පිළිබඳව අසනවානම්, ඔබ පවසන අදහස් වලට ඔහු ගරු කරනවානම්, ඔබ දෙපළ අතර තියෙන්නේ අපූරු බැදීමක්.

ඔහු ඔබ සමග ප්‍රශ්න කතා කරනවා නම්

ඔහුට යම් කිසි ප්‍රශ්නයක් ඇති වූ විට, ඔබ සමග ඒ සම්බන්ධයෙන් කතා කර අදහස් බෙදා ගන්නවා ද ? ඒ කියන්නේ ඔහුගේ ජිවිතේ වැදගත් ස්ථානයක් ඔබට හිමියි කියන එක.

ඔහු ඔබගේ ගුණ අගය කරනවා නම්

ඔහු වෙනුවෙන් ඔබ කරන්නේ පුංචි දෙයක් වුනත් ඒ සෑම දේම, ඔහු වචනවලින් එහෙමත් නැත්නම් ක්‍රියාවෙන් අගය කරනවා නම් මෙය ආදරය ප්‍රකාශ කරන තවත් එක විදිහක්.

ඔබ සමඟ කාලය ගත කරනවා නම්

 

ඔබ ඔහුගේ ජිවිතයට සැබවින්ම වැදගත් පුද්ගලයෙක් නම් ඔහු අනිවාර්යෙන්ම කොතරම් වැඩ තිබුනත් ඔබ සමග කාලය ගත කිරීමට උනන්දුවක් දක්වාවි.

ඔහු ඔබව වර්ණනා කරනව නම්

ඔබ අලුත් ඇදුමක් ඇන්දම, ඔබ අලුත් විලාසිතාවක් කලාම, ඔහු ඔබව වර්ණනා කරනවද? ඒ කියන්නේ ඔබ සතුටින් ඉන්නවා දකින්න ඔහු වඩාත් කැමතියි කියන එක. මෙයත් ආදරය ප්‍රකාශ කරන තවත් එක විදිහක්.