තම පුතාට තර්ජනය කරමින් පුතා ඉදිරිපිට වෙනත් පුරුෂයෙකු සමග මගුල් නැටු මවට අවසානයේවුනදේ බලන්න

පියා නිවසේ නොමැති අවස්ථාවලද තම මව අනියම් පුරුෂයෙකු නිවසට ගෙන්වාගෙන අනියම් පෙම් සුව විඳින අයුරු දුටු 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඊට විරුද්ධ වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම දරුවාගේ මව මෙම පිරිමි දරුවාට පහර දී බැන වැදී ඇති අතර දරුවාට නොසලකාද හැර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

පසුව මේ සම්බන්ධයෙන් 45 හැවිරිදි මව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා. දරුවාගේ පියා 46 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු විසින් මේ පැමිණිල්ල කර තිබුණා.

පැමිණිලිකරු තම බිරිඳ හා දරුවා සමග පදිංචිව සිටින ඇති අතර ඔහු නිවසෙන් දුර බැහැර ආයතනයක රැකියාව කරන බවත් ඔහුගේ බිරිඳ අනියම් පුරුෂයෙකු සමග සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් දුර බැහැර රැකියාව කරන නිසා ඔහුට නිතර නිතර නිවසට ඒමට නොහැකි වීමෙන් ප්‍ර යෝජන ගන්නා බිරිඳ අනියම් පුරුෂයා නිවසටම ගෙන්වා ගන්නා බවත් පවසා තිබෙනවා.

මවගේ මෙම අනියම් ඇසුර දරුවා විසින් දැක ඇති අතර ඔහු ඒ පිළිබඳ පියාට පවසන බව මවට කියා තිබෙනවා. පසුව මව විසින් දරුවාට තර්ජනය කර ඇති අතර එය පියාට පැවසුවහොත් කරදර සිදුවිය හැකි බවටද තර්ජනය කර තිබෙනවා.

මවගේ ජංගම දුරකතනයේ නිරුවත් පිංතූර තිබෙන බවත්, ඇය අනියම් පුරුෂයා සමග එවැනි වීඩියෝ දර්ශන නරඹන බවටත් දරුවා විසින් ලියන ලද ලිපියක් ලැබීමෙන් අනතුරුව අදාළ පියා විසින් මේ පැමිණිල්ල සිදුකර තිබුණා.

සැකකාර කාන්තාව තම අවුරුදු 10 ක පිරිමි දරුවාව කෲරත්වයට පත්කිරීමේ චෝදනාව යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එංජින් ධාරිතාව 1500cc ට අඩු වාහන සඳහා අයවැයෙන් වෙන දේ මෙන්න

වාහනයක් ගන්න ඉන්න අයට සුබ ආරංචියක් – මෙවර අය වැයෙන් කුඩා මෝටර් රථවල සඳහා බදු සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එංජින් ධාරිතාව 1500cc ට අඩු වාහන සඳහා සහනයක් ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

මේ ගැන වාහන ආනයනකරුවන් සමගද සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ 21 වැනි මුදල් ඇමැතිවරයා ලෙස පත්වීම් ලැබූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර විසින් ලබන මස 09 වැනිදා 2018 වර්ෂය සඳහා වූ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය මෙරට ඉතිහාසයේ 72 වැනි අය වැය වාර්තාවයි. වසර 2018 අය වැය ප්‍රථම වර කියවීම හෙවත් විසර්ජන පනත් කෙටුම්පත ඉකුත් 09 වැනි සඳුදා මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අපේක්ෂිත ආදායම් – වියදම් වාර්තාවට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 3982ක් වන අතර මුළු ආදායම රුපියල් බිලියන 2175ක්.

ඒ අනුව අය වැය හිඟය රුපියල් බිලියන 1807ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙනවා. මෙවර අය වැයෙන් තවත් සහන රැසක් යෝජනා කෙරෙනු ඇතැයි ද වාර්තා වනවා.

15 හැවිරිදි පෙම්වතියගේ නිවසට පැන්න පෙම්වතා ඇයගේ අතපය ගැටගසා ඇයට පේන්න කරපු තිරිසන් වැඩේ මෙන්න

මේ සිදුවීම වෙලා තියෙන්නේ අවිස්සාවේල්ලේ මිරිස්වත්ත ප්‍රදේශයේ කියලා තමයි අපිට දැනගන්නට ලැබුනේ. පෙම්වතියගේ රහස් පෙමක් ගැන අහගන්න නිවසේ කව්රුත් නැති අතරේ ගෙදරට පන පෙම්වතියගේ අතපය ගැටගසා පෙම්වතය යැයි කියන තරුණය ඇයට පේන්න කරපු අමනුස්ස වැඩක් ගැනයි මේ ප්‍රවෘත්තිය

උදුමයට කරුණනම් ඇයගේ තාත්තත් සහෝදරයත් මේ ගේ ඇතුලෙම මේ වැඩේ කරගෙන මේකනම් හරි අද්භූත සිද්ධියක්

දසුන්ගේ සමුගැනීමත් සමග ශලනි තාරක ගැන බොහෝ දෙනෙක් කතා කළා මෙන්න ඇය රට හැරයාමට තීරණ කල කණගාටුදායක පුවත

ශලනි තාරකා කියන්නේ පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයක්. ඒ ඇගේ පෞද්ගලික ජීවිතය තුළ සිදු වූ සිදුවීමක් මුල් කර ගනිමින්. මේ හේතුවෙන් ඇය දැඩි ලෙස පීඩනයට පත් වී සිටින බව හා කනස්සලලට පත් වී සිටින බව බොහෝ වෙබ් මාධ්‍ය තුළ වාර්තා වී තිබුණා.

කෙසේ නමුත් දසුන්ගේ සිදුවීම මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ ඇයගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ආකාරයෙන් විවේචනයට ලක් කර තිබූ අවස්ථාත් දැක ගත හැකි වුණා. මේ සියල්ල සමසේ විදදරාගත් මේ සුරූපී තාරකාව වෙනුවෙන් ඇයට ආදරය කළ බොහෝ දෙනා ඇයට ශක්තියක් වෙමින් ඇයගේ නිල ෆෙස්බුක් ගිණුම තුළ ඔවුන්ගේ අදහස් පළ කර තිබුණා.

කෙසේ නමුත් මේ සියල්ල විද දරා ගනිමින් ඇය විදෙස් සංචාරයක් සඳහා විදෙස් ගත වී ඇති බව ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා. එහි ඡායාරූප පහතින්..

පසුගිය දින කිහිපයේ අකුණු නිසා පුද්ගලයන් කිහිප දෙනෙකු ජිවිතශයට පත් වුනා මෙන්න මේ ප්‍රශ්නයට හරිම උත්තරය හරියට දැනගන්න

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අකුණු සැර වැදීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දින කිහිපය තුළදීත් වැසි වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඒ සමඟම අකුණු ඇතිවීමේ තත්ත්වය ද වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්​ෙම්න්තුවේ ආවරණ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය. එම අකුණු පවතින අවස්ථාවේ විදුලි උපකරණ භාවිතා නොකිරීමෙන් හා ආරක්‍ෂිත ස්ථානයක රැඳී සිටීමෙන් අනතුරු අවම කරගත හැකි බව අැය සඳහන් කළාය.

අකුණක් ඇතිවීමට පෙර එය කල් තියා හඳුනාගත හැකි වෙතත් එය පතිත වන ස්ථානය නිශ්චිත වශයෙන්ම සඳහන් කළ නොහැකි බවයි ඇය ප්‍රකාශ කළේ.

ප්‍රශ්නය:- කොහොමද අකුණක් කල් තියා හඳුනාගන්නේ?

පිළිතුර:- සාමාන්‍යයෙන් වර්ෂාව පවතින විට සැමවිටම නොවෙයි ගිගුරුම් හඬත් එක්ක අකුණු පැවතී​ෙම් තත්ත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන වලාකුළු අපි හඳුන්වන්නේ කැටි වැහි වලාකුළු කියලා. සාමාන්‍යයෙන් මේවා හඳුනාගන්න පිළිවන්. සාමාන්‍යයෙන් වලාකූළු පින්තූර මගින්. ඒවගේ තත්ත්වයකදී විදුලි ආලෝකයත් සමඟ අකුණු පැවතීමේ අවදානමක් පවතිනවා. ඒ වලාකුළු බොහෝ විට හඳුනාගන්න පුළුවන්. ඒ හැරෙන්නට රේඩාර් වැනි උපකරණයකිනුත් ඒවා හඳුනාගන්න පුළුවන්. දැනට අපි භාවිත කරන රේඩාර් යන්ත්‍රවලිනුත් අපි බො​ෙහා් විට වලාකුළුවල තොරතුරු රැස් කිරීම තමයි කරන්නේ. ඒවායිනුත් අකුණු පැවතීමේ හැකියාවන් සාමාන්‍යයෙන් පොඩි කාලයක් තුළ හඳුනාගන්න පුළුවන්. ලොකු කාලයකදී නෙමෙයි පැය භාගයක් වගේ කාලයකදී හඳුනා ගන්න හැකියාවක් තිබෙනවා. ඒත් හරියටම අකුණු මේ, මේ ස්ථානයට පතිතවනවා කියල කියන්න අපහසුයි. මේ මේ ප්‍රදේශවලට අකුණු සැර පතිත වෙයි කියල කියන්න පුළුවන්.

සාමාන්‍යයෙන් විදුලිබල තාක්‍ෂණික පද්ධති වගේ දේවල් සවිකරනවා. ඒවායින් විදුලියේ එළිය හඳුනා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය නිරීක්‍ෂණයක්. ඒ තොරතුරු සියල්ලක්ම එකතු කරලා අකුණුසැර ඇතිවෙන බව දැනගන්න හැකියාවක් පවතිනවා. ඒත් නිශ්චිතවම මෙම ස්ථානයටම අකුණුසැර පතිත වෙයි කියලා කියන්න බැහැ.

ප්‍රශ්නය:- සාමාන්‍ය ජනතාව කොහොමද මේ අකුණු සැර හඳුනා ගන්නේ?

පිළිතුර:- අැත්තටම දැන් ඈතින් ගොරවන හඬ අැසෙනව නම් අපි දන්නවා ඒ වලාකුළු තිබෙන්නේ තරමක් ඈතින් කියලා. ගොඩාක් දුරට ළඟින් ළඟින් වගේ හඬ ඇසෙනව නම් අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. අන්න ඒ වෙලාවේදී අපි ඉතා පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් අපි නිරන්තරයෙන්ම සඳහන් කරන දෙයක් තමයි අපිට වැස්ස නැති වුණත් අපිට ගොරවන හඬ ළඟින් ඇසෙනවා නම් අපිට අකුණක් ඇති වෙන්න තිබෙන අවදානම ඉතා ඉහළයි. වැස්සක් ඇති වෙන්නම අවශ්‍ය නැහැ. වෙනත් ප්‍රදේශයකට වැස්ස ඇති වෙන්න පුළුවන්.

අකුණු වර්ග කිහිපයක් තිබෙනවා. අකුණු වලාකුළු ඇතුළේම අකුණු පවතිනවා. ඊළඟට වලාකුළෙන් පොළොවට පතිතවන අකුණු තිබෙනවා. අනික වලාකුළෙන් වලාකුළට අකුණු ඇති වෙනවා. එතකොට අපි විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීම සුදුසු නැහැ.

ප්‍රශ්නය:- මොනවද එවැනි ස්ථාන?

පිළිතුර:- විශේෂයෙන් කුඹුරු, ක්‍රීඩා පිටි, වැව්, ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වැනි තැන්වලට අකුණු පැවතීමේ ඉඩකඩ පවතිනවා. අපි එවැනි තැන්වල සිටගෙන සිටියහොත් අපි තමයි ඒ අකුණේ ප්‍රධාන ඉලක්කය. මොකද ඒ අකුණට අවශ්‍ය වෙන්නේ ඉක්මනින් භූගත වෙන්න. ඉතින් ඒ ස්ථානයේ උසම කෙනාගෙන් අකුණ භූගත වෙනවා. කෙටිම මාර්ගයෙන් තමයි භූගත වෙන්නේ. ඒක නිසා තමයි ජනතාව අකුණු සැරවලට ඉලක්ක වෙන්නේ.

ඊළඟට අපි ඉක්මනින් දිවයනවා වැසි පවතින විට ඉන් ආරක්‍ෂා වීමට ගසක් යටට. ඒක ඉතාමත් භයානකයි. මොකද ගස අපට වඩා උස නිසා අකුණ ගස තුළින් භූගත වෙන්න බලනවා. ඉතින් ඒ අසල සිටියොත් අපිට එහි බලපෑම ඇති වෙන්න පුළුවන්.

ප්‍රශ්නය:- අකුණක් ඇතිවෙන්නේ කොහොමද?

පිළිතුර:- සාමාන්‍යයෙන් වලාකුළු ඒ කියන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන කැටි සහිත වලාකුළු කිලෝමීටර් 12 ක් පමණ උසයි. මේ වලාකු​ළේ හැදෙනවා ඍන තිහක් හෝ හතළිහ වගේ ඉහළට. මේ වලාකුළු වර්ධනය වෙන උෂ්ණත්වය ගතහොත්, මෙහි තිබෙනවා අයිස් කැට. එතකොට මේ වලාකුළු අතර ඉහළ පහළ යන සුළං ධාරාවත් එක්ක මේ අයිස් කැටත් ඉහළ පහළ යනවා. එතකොට අයිස් කැට ගැටෙන කොට එහි අංශු ආරෝපණය වෙනවා. ඒකෙන් තමයි වලාකුළු ඇතුළේ ආරෝපණය සිදුවෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිස පීරන පනාවක් අරගෙන ඒක පිරිමැද්දහම ආරෝපනය වෙන්නේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ​. එතකොට ධන හා ඍන අ​ාරෝපණ විදිහට බෙදිලා විභූ අන්තරයක් ඇති වෙනවා වලාකුළු අත​ෙර්. එතකොට මේ විභූ අන්තරය නිසා තමයි විදුලි ධාරාවක් ගමන් කරන්නේ. වලාකුළේ ධන හා ඍණ බෙදෙනවා වගේම පොළොව මට්ටමේත් ආරෝපණයක් ඇති වෙනවා. එතකොට පොළොව සහ වලාකුළු අත​ෙර්ත් විභූ අන්තරයක් ඇතිවෙනවා. එතකොට මේ විභූ අන්තරේ ඇතිවීම නිසා වලාකුළේ ඉඳලා පොළොවට වගේම වලාකුළේ සිට වලාකුළ ඇතුළේත් විභූ අන්තරයක් තිබෙනවා. එතනින් විදුලි ධාරාවක් ගමන් කරනවා. එතකොට වලාකුළෙන් වලාකුළ අතරත් ප්‍රතිවිරුද්ධ අන්තරයක් ගමන් කරනවා විදුලි ධාරාවක්. මෙන්න මේ ආකාරයට තමයි ආරෝපණ ක් ඇති වෙලා විද්‍යුත් ධාරාවක් ඇතිවෙන්නේ.

අන්න ඒ විද්‍යුත් ධාරාවට තමයි අපි අකුණු කියලා හඳුන්වන්නේ. ඒ විද්‍යුත් ධාරාව ගමන් කරන කොට තමයි අපිට අකුණක් කියලා පෙනෙන්නේ.

ප්‍රශ්නය:- සාමාන්‍යයෙන් එහි ධාරිතාව කොපමණ වෙනවාද?

පිළිතුර:- සාමාන්‍යයෙන් ඇම්පියර් විසි දාහක් හෝ තිස්දාහක් අතර ධාරිතාවක් තිබෙනවා.

ප්‍රශ්නය:-​ හොඳම ආරක්‍ෂිත ස්ථානය කුමක්ද?

පිළිතුර:- සුදුසුම ආරක්‍ෂිත ස්ථානයක් තමයි වාහනයක් තුළ රැඳී සිටීම. ඒත් සෑම කෙනෙකුටම එහෙම නැති නිසා හොඳ ශක්තිමත් නිවෙසක් තුළ රැඳී සිටීම සුදුසුයි. දැන් ඔය තහඩු සෙවිල් කළ නිවාස, මඩු වැනි ස්ථානවල රැඳී සිටීම අවදානම්. අන්න ඒ වගේ සුදුසු තැනකට ඉක්මණින් පිටත් විය යුතුයි. ඒ වගේ තැනකට යන්නම අපහසුනම්, එළිමහනක රැඳී සිටිනවා නම් අපි කළ යුතු සුදුසුම දේ තමයි අපේ උස අඩු කරගන්න එක. ඒ කියන්නේ දණහිසෙන් නැමිලා පහත් වෙලා ඉන්න ඕනෑ. කොයි මොහොතකවත් වැතිරෙන්න සුදුසු නැහැ. උස අඩු කරගෙන පුළුවන් තරම් ඇඟේ වර්ගඵලය අඩුකරගෙන එරමිණියා ගොතාගෙන කියලා කියන්නේ අන්න ඒ ආකාරයෙන් සිටීම සුදුසුයි. යන්නම තැනක් නැතිනම් සුදුසු ක්‍රමය ඒකයි. ඒ කියන්නේ අකුණු සැර මදක් අඩු වෙනකම්.

ප්‍රශ්නය:- අකුණු සැර පවතින විටදි විදුලි උපකරණ භාවිතය නුසුදුසු කියන්නේ ඇයි?

පිළිතුර:- අනිවාර්යයෙන්ම. තදබල හෝ සුළු වශයෙන් අකුණු සැර පවතින අවස්ථාවක විදුලි උපකරණ භාවිතය කොහෙත්ම සුදුසු නැහැ. පුළුවන් තරම් ඒවා භාවිතයෙන් වැළකී සිටිය යුතුයි. ඒවා ප්‍රධාන විදුලි ධාරාවෙන් ඉවත් කොට ඒවායේ ක්‍රියාකාරීත්වය විසන්ධි කළ යුතුයි.

විශේෂයෙන් විදුලි උපකරණ වගේම රැහැන් දුරකථනවලින් අකුණු පතිතවී​ෙම් අවදානම වැඩියි. දැන් අපි නිවෙසක ඇති මනු (ප්ලග්) වලින් ඒ උපකරණ විසන්ධි කළ යුතුයි. ඒවා ක්‍රියාකාරීත්වය ​ෙනාමැති වුවත් වෙනත් තැනකින් ඇතුළුවන විදුලි ධාරාව ඒ තුළින් ඇතුළු වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම ජංගම දුරකථනවලට වඩා රැහැන් සහිත දුරකථන ඔස්සේ දරාගත නොහැකි විදුලි ධාරාවක් පැමිණෙන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනි ඇන්ටනා මගින් විදුලි ධාරා ඇතුළු වෙන්න පුළුවන්. දැන් ජංගම දුරකථනයක තිබෙන්නේ විද්‍යුත් චුම්භකයක්නේ. රැහැන් දුරකථන ඔස්සේ ඒ රැහැන හරහා විදුලිය එහෙමත් නැතිනම් අකුණු සැර නිවෙස තුළට පතිත වෙලා නිවෙසේ විදුලි උපකරණවලට වගේම ජීවිතවලටද හානි සිද්ධවෙන්න පුළුවන්.

අකුණු සැර විශාල කාල පරාසයක් තුළ පතිත වෙන්නේ නැහැ. පැය භාගයක් හෝ විනාඩි හතළිස් පහක් වැනි කාලයක් තුළදී ඒ දේවල් මඟ හැරලා ඇඳක හරි පුටුවක හරි කකුල් බිම නොගෑවෙන පරිදි තබාගෙන සිටීම ඉතාමත් සුදුසුයි.

ප්‍රශ්නය:- මේ අකුණු සහිත කාලගුණික තත්ත්වය තව ඉදිරියටත් බලපායිද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම ඉදිරියටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද, අන්තර් මෝසම් කාලය ටිකක් ප්‍රමාද වෙලා ඇති වුණේ. ඒ කියන්නේ ඔක්තෝබර් 24 න් පස්සේ තමයි අන්තර් මෝසම් තත්ත්වය ඉතා හොඳින් වර්ධනය වුණේ. ඒක නිසා ඉදිරියටත් හිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. ඒ අවස්ථාවේ පුළුවන් තරම් අකුණු අනතුරු අවම කර ගැනීමට අපි වග බලා ගන්නවා නම් ඒවායින් සිදුවන හානි නැති කරගන්න පුළුවන්.

අකුණු අනතුරු හේතුවෙන් මේ වසර ආරම්භයේ සිට මේ දක්වා ජීවිත 12 ක් අහිමි වුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෑතකදී සිදුවූ අකුණු සැර වැදී මියගිය බවට වාර්තා වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. හම්බන්තොට මැදමුලන හෙලිකොප්ටර් අංගණයේ වී වේලමින් සිටි 3 දෙනෙකුය. ඔවුන් ගල්පොත්තයාය මුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වී වේලීම සඳහා යොදා ගන්නා පෝරුවේ යකඩය මෙසේ අකුණු සැර වදින්නට ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් ඉදිරියේදී ඇතිවන අධික වැසි සහිත තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරුවලින් වැළකීමට පියවර ගැනීමට අවධානය යොමු කරමු.

උපුටා ගැනුම – lankadeepa.lk

තෙල් පෝලිමේ හිටිය අපේ කට්ටිය කිව රස කතා ටිකක්

මේ දිනවල දිවයින පුරා පවතින ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයේ පමණක් නොව දිවයිනේ සෑම ඉන්ධන පිරවුම් හලකම දිගු ‍පෝලිම් දක්නට ලැබුණ බව දැක ගන්නට ලැබිණි.

ඉන්ධන නොමැතිවීමෙන් දුෂ්කරතාවන්ට පත්ව සිටින ජනතාවගේ අදහස් දැන ගැනීමට කොළඹ අවට පිහිටි ඉන්ධන පිරවුම්හල් කිහිපයකට අපි ගියෙමු. එහිදී කිලෝමීටර ගණනක් දිගු ‍පෝලිම් දක්නට ලැබුණි. එමෙන්ම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා ‍පොලීසියද යොදවා තිබෙනු දක්නට තිබිණි.

ඉන්ධන නොමැතිව කුපිත වූ ජනතාව අතර ස්ථාන කිහිපයකදී බහින් බස්වීම් ද අපි දැක්කෙමු. මේ එම ‍පෝලිම්වල සිටි ජනතාවගේ අදහස්ය.

ෂෙඩ් 10 ක විතර ‍පෝලිම්වල හිටියා
ටී. සිවපාලන් – යටියන්තොට

මම යටියන්තොට ඉඳන් ලෙඩෙක් අරන් හයර් එකක් ආවේ. අවිස්සාවේල්‍ලේ ඉඳන් ෂෙඩ් දහයක විතර ‍පෝලිමේ හිටියා. පැය ගාණක් ‍පෝලිමේ ඉඳලා ටිකක් ඉස්සරහට යන කොට ෂෙඩ් එකේ පෙට්‍රල් ඉවරයි කියනවා. ඔරුගොඩවත්තේ මේ ෂෙඩ් එකෙත් පැය ගාණක් තිස්සේ ‍පෝලිමේ ඉන්නේ. ඒත් පෙට්‍රල් ගහන්නේ රුපියල් 500 ක විතරයි. මට පෙට්‍රල් ගහගන්න බැරි වුණොත් අද මේ ලෙඩත් එක්ක පාරේ තමයි ඉන්න වෙන්නේ.
මිනිස්සු හැමෝම අපහසුතාවට ලක්වෙලා.රජයට තෙල් ටිකවත් බෙදා ගන්න බැරිනම් වැඩක් නෑනේ.

හැම කරදරයක්ම අපි වගේ අයටයි
එම්. අස්කාර් – ග්‍රෑන්ඩ්පාස්

මම දරු පවුලක් නඩත්තු කරන්නේ ත්‍රීවිල් රස්සාව කරලා. දවස් දෙකක ඉඳන් හයර් එකක් දුවාගන්න බැරිවුණා. අපි දවසේ වියදම හොයා ගන්නේ හයර් දුවලයි. මෙහෙම තව දවස් කිහිපයක් පෙට්‍රල් නැති වුණොත් අපි වගේ මිනිස්සු කී දාහක් දුක් විඳිනවාද? ‍පෝලිම්වල ඉඳලම එපා වෙලා තියෙන්නේ. ‍පොඩි මිනිහාටම තමයි, ඔක්කොම ප්‍රශ්න. මිනිස්සු හරිම කේන්තියෙන් ඉන්නේ. ඒ කේන්තිය සාධාරණයි.

අණ්ඩුව ගැන විශ්වාසයක් නෑ
ජේ.පී. කුමාර – මාලිගාවත්ත

ඊයේ රෑ දහයට මතෛන්ට ආවේ. පෙට්‍රල් ගහන්නත් සල්ලි කීයක් හරි හොයා ගන්න ඕනේ. ඒකට හයර් එකක් දුවන්න ඕනේ. මේ ආණ්ඩුව මොනවා කරනවාද දන්නේ නෑ. ඉන්ධන නැතිව රටේ කිසිම දෙයක් කරන්න බෑ. ඒක විසඳගන්නත් ආණ්ඩුවට බැරිනම්, මිනිස්සු ආණ්ඩුව විශ්වාස කරන්නේ කොහොමද? පාරවල්වල යන්න බෑ පාරවල් කැඩිලා. ඒ පාරවල් බේරගෙන මිනිස්සු තෙල් ගහන්න එන්නත් ඕනේ. පාරෙ ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න කොට තියෙන තෙල් ටිකත් පිච්චෙනවා. කවද්ද මේ ආණ්ඩුව ‍පොඩි මිනිහා ගැන බලන්නේ.

පාන්දර 3 ඉඳලා දවල් 1.00 වෙනකල් හිටියා
නලින් ප්‍රශාන්ත – කැලණිය

ත්‍රීවිල් එකේ පාන්, බනිස් විකුණන එකයි මගේ රැකියාව. මේ ත්‍රීවිල් එකත් මගේ ‍නෙවෙයි. ත්‍රිවිල් එක කුලියට අරගෙනයි, බනිස් විකුණන්නේ. ත්‍රීවිල් එකේ අයිතිකාරයටත් මම දවසකට රුපියල් 500 ක් ගෙවන්න ඕනේ දිව්වත් නැතත්. අද පාන්දර තුනේ ඉඳන් මම ෂෙඩ්වල ‍පෝලිමේ ඉන්නවා.දැන් වෙලාව දවල් එකයි. ඒත් තවම බැරි වුණා,පෙට්‍රල් ටිකක් ගහගන්න. ලොකු වාහනවලට, කාර්වලට කිසි ‍පෝලිමක් නෑ. ඒ අය ආපු ගමන්ම පෙට්‍රල් ගහලා යවනවා. අපි වරු ගණන් ‍පෝලිමේ ඉන්නවා. මගේ මේ රස්සාවෙන් පවු‍ලේ පස් දෙනෙක් ජීවත් වෙනවා.අද රස්සාව කර ගන්න බැරි වුණා. හෙටත් බැරි වුණොත් අපේ ගෙදරවුන්ට කන්න දෙන්නේ කොහොමද මම?.

හරිනම් ඇමැති අස්වෙන්න ඕනෑ
පකීර් නසීර් ඛාන් – වත්තල

මම මෙතැන ඉන්නේ පාන්දර තුනේ ඉඳන්. මගේ දරු පවුල ජීවත් කරන්නේ මම මේ ත්‍රීවිල් රස්සාවෙන්. මේ ආණ්ඩුවට තෙල් ටිකවත් හරියට ගෙන්නලා බෙදා දෙන්න බැරිද? මිනිස්සු මේ විදිහට මහපාරේ ‍පෝලිම්වල තියන්න නම්, මේ රටට ආණ්ඩුවක් ඕනේද? තෙල් ටික හරියට බෙදන්නවත් ඇමැතිට බැරි නම්, ඒ ඇමැති අයින් වෙන්න ඕනේ. අයින් වෙන්නේ නැත්නම්, අයින් කරන්න ඕනේ. ‍පොඩි මිනිහාට හැමදාම හිමි වුණේ මහපාර. ඒ සංස්කෘතිය තාමත් මේ රටෙන් ඉවත් කරන්න කාටවත් බැරිවුණා. ඡන්දේ ගන්න එන්නේ නම්, අරක දෙනවා, මේක දෙනවා කියලා. ‍පොඩි මිනිහට මොනවාද හම්බ වුණේ. අපිට උරුම වුණේ මහපාරයි, ‍පෝලිමයි විතරයි.

පුදුම දුකක් අපි විඳින්නේ
ප්‍රසාද් ලක්මාල් – වැල්ලම්පිටිය.

මම මේ ත්‍රීවිල් එක දුවන්නෙත් කුලියට අරගෙන. හවසට ත්‍රීවිල් එකට රුපියල් 500 ක් දෙන්න ඕනේ. පාන්දර ඉඳන් ‍පෝලිමේ හිටියත් තාම පෙට්‍රල් ටිකක් ගහගන්න බැරි වුණා. හවසට රුපියල් 500 ගෙවන්නවත් අද හයර් එකක් දුවා ගන්න බැරි වුණා. දැන් ෂෙඩ් එකෙන් කියනවා, තෙල් ඉවරයිලු. ආයෙත් තෙල් බවුසරයක් අවොත් තෙල් දෙන්න පුළුවන්ලු. කීයට එනකම්, කියලා බලාගෙන ඉන්නද?

වාහනේ නැත්නම් තෙල් දෙන්නේ නෑ
කේ. ඩී. සුමිත් – ඔරුගොඩවත්ත

මගේ ත්‍රීවිල් එකේ තමයි ළමයි ඉස්කො‍ලේ යන්නේ. උදේ ඉස්කෝලෙට එක්ක යනකොට පෙට්‍රල් ඉවර වුණා.මම ළමයින්ට කිව්වා පෙට්‍රල් ගහගත්තොත් එක්ක යන්න එන්නම්, නැත්නම් බස් එකේ එන්න කියලා. අද කා‍ලේ ළමයෙක් පාරේ තනියම යවන්න පුළුවන් ද?
වාහනේ තෙල් නැති නිසා මම කෑන් එකක් අරන් ආවා තෙල් ගෙනියන්න. කෑන්වලට තෙල් දෙන්න බැරිලු. වාහනේ එන්න තෙල් නැත්නම්, කරේ තියන් එන්න කියලාද? කියන්නේ. මේවා හරි මෝඩ අසාධාරණ තීරණ. මිනිස්සුන්ට හරියට තෙල් ටික බෙදන්න බැරි නම්, මේ ඇමැතිගෙන් ඇති වැඩේ මොකක්ද?

තෙල් නැතිනම් වාහනේ උස්සන් එන්නද?
නන්දා රංජිනි – කිරිබත්ගොඩ

මම කිරිබත්ගොඩ ඉඳන් ආවේ, මගේ දුවගේ බයිසික‍ලේට තෙල් ටිකක් ගෙනියන්න. මගදි ෂෙඩ් තුනකින් බැස්සා. ඒ එකකවත් පෙට්‍රල් තිබුණේ නෑ. මතෛන්ට ආවාම, කෑන්වලට තෙල් දෙන්න බැරිලු. වාහනේ තෙල් නැත්නම්, කොහොමද වාහනවල එන්නේ. ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න බැරි නම්, පුළුවන් කෙනෙකුට මේක කරන්න දෙන්න ඕනේ.

පෙට්‍රල් ටිකත් හිඟාකන්න වෙලා
ප්‍රදීප් කුමාර – පිටකොටුව

මම උදේ පාන්දර හතරේ ඉඳන් ෂෙඩ්වල ‍පෝලිමේ.අපි පත් කර ගත්ත ආණ්ඩුවට අපිටම බනින්න වෙලා. උන්ට වඩා මුන් හොඳයි කියලා පත් කර ගත්තා. දැන් උනුත් එකයි, මුනුත් එකයි. මගේ නැන්දම්මා ඉස්පිරිතා‍ලේ එයාව තුන්වේලම බලන්න යන්න ඕනේ. පාරේ ට්‍රැෆික්. බස් එකේ යනකොට මගටම කා‍ලේ ගතවෙනවා.කාර්වලට ෂෙඩ්වලින් ලීටර් 20 ක් තෙල් ගහනවා.ඒත් එදා වේල හම්බ කරන් කන ත්‍රීවිල්වලට ගහන්නේ ලීටර් 3යි. ‍පොඩි මිනිහාට කොයි ආණ්ඩුවත් සලකන්නේ මෙහෙම තමයි. අපිට අද පෙට්‍රල් ටිකටත් හිඟා කන්න වෙලා. මේවා ෆොටෝ ගහලා ඉන්ටනෙට් දැම්මම අපි හිඟාකන රටක් කියලා මේ ආණ්ඩුවට ලැජ්ජා නැද්ද? මේ ආණ්ඩුව මේවට වගකියන්න ඕනේ.

දරු පවුලම දැන් අනාථයි
නයිසර් මොහොමඩ් – ග්‍රෑන්ඩ්පාස්

මම උදේ පාන්දර ඉඳන් මේ ‍පෝලිමේ ඉන්නේ. මම දරුවෝ තුන් දෙනෙක් ජීවත් කරන්නේ ත්‍රීවිල් රස්සාව කරලා. දැන් දවස් දෙකක ඉඳන් හයර් එකක්වත් දුවන්න බැරි වුණා. ෂෙඩ්වල ‍පෝලිමේ හිටපු එකයි කළේ.ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ. ආණ්ඩුව කියන විදිහට මේ ප්‍රශ්නය විසඳන්න තව දවස් දෙකක් විතර යනවාලු. එතකන් අපි ‍පෝලිම්වල ඉන්නද මේ ආණ්ඩුව කියන්නේ.

කමණී හෙට්ටිආරච්චි
ඡායාරූප – තුෂාර අතපත්තු – උපුටා ගැනීම -lakbima.lk

බෞද්ධයෙකුට ජීවිතකාලය තුල එක වරක්වත් අත්විඳින්න නොලැබෙන අවස්තාවක් උදා වේ -වීඩියෝ.

ඔබට මතක ඇති හන්තානේ පෙදරේරු තරුණයෙකු වූ සුනිල් ශාන්ත මහතා මුලිකවී ඉතා මහන්සියෙන් , කැපකිරීම් මැද ගොඩනගන විහාර මන්දිරය සහ බුද්ධ ප්‍රතිමාව. මේ සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට විදෙස්ගත් ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාවේ සිටින පින්වතුන් ඉදිරිපත් වුන.
මේ නිසා තවත් වසර ගණනකින් නිම කිරීමට බලා සිටි විහාරමන්දිරයේ කොටස් රැසක් මේ වන විට අවසන් කර තිබෙනවා.
බෞද්ධයෙකුට ඉතා කලාතුරකින් දැකිය හැකි සහ සහභාගී විය හැකි විශේෂ අවස්තාවක් හන්තාන ශ්‍රී අග්‍රබෝධි විහාරයේ මේ වනමිට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ගැන විස්තරය මෙයින් බලාපොරොත්තු වන්න. මෙය ඉතා සුවිශේෂී අවස්තාවක් වන්නේ සමහරවිට තම ජීවිත කාලයටම ලැබෙන එකම අවස්ථාවද මෙය වියහැකි බැවිනි.

පහත වීඩියෝව නරඹා හැකිතාක් share කර තවත් අය දැනුවත් කිරීමට කාරුණික වන්න.

වැඩි විස්තර සඳහාන් අමතන්න
හන්තානේ චන්දිම හිමි: 076- 647 38 21 (Viber / Imo)සවස 3න් පසු අමතන්න.
D.E ජයලත් ඇපා :072- 625 77 60
K.G.සුනිල් ශාන්ත:071 – 510 43 40

ගුවන්යානා සිය ගණනක්. කාර්යමණ්ඩලය පමණක් 5600ක් සමග ලොව විශාලම යුධ නැව ලගදීම ලංකාවට

ඉකුත් සතියේ කොළඹ වරායට මහ ලොකු පෙරහරක් පැමිණියේය. එ් පෙරහර පැමිණියේ මහා සාගරය ඔස්සේ ඇමෙරිකාවේ සිටය. ඊට ලොව විශාලතම යුද නෞකා අතරින් එකක් ද එක්ව තිබුණේය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූ.එස්.එස්. නිමිට්ස් නම් ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවයි.

මෙම ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණියේ පිරිවර ප‍්‍රහාරක නෞකා කණ්ඩායමක්ද සමගය. ප‍්‍රින්ස්ටන්, හාවර්ඞ්, ෂූප්, පින්ක්නි සහ කිඞ් යනු එම පරිවාර ප‍්‍රහාරක නෞකාවන් විය.

පරිවාර ප‍්‍රහාරක නෞකාද සමග මෙම යූ.එස්.එස්. නිමිට්ස් ඇමෙරිකානු යුද නෞකාව මෙරටට ළඟාවූයේ සුවිශේෂී අරමුණක් පෙරදැරිවය. එනම් ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් ඇති නාවික සබඳතාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුනිණි

”මෙරට රැුඳී සිටින කාලය අතරතුර, ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා මෙම ඇමෙරිකානු නාවිකයන් සමාජ සේවා වැඩසටහන් රැුසකද නිරතවීමට නියමිත බව ඇතුල් කෙශාප් තම නිවේදනයේදී සඳහන් කළේය

ඇමෙරිකානු තානාපතිවරයා සඳහන් කළ පරිදිම නිමිට්ස් නෞකාවේ හා එහි පරිවාර නෞකාවල නාවිකයින් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ ප‍්‍රදේශ රැුසක සමාජ සේවා ව්‍යාපෘතීන් රැුසකට සහභාගි විය. පාසල්, රෝහල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදිය කේන්ද්‍ර කරගනිමින් මෙම සමාජ සේවා වැඩසටහන් ක‍්‍රි‍යාත්මක කළ අතර මෙරට රාජ්‍ය නොවන සංවිධානද මෙම වැඩසටහන් සඳහා එක්කරගැනීමට ඇමෙරිකානු නාවිකයින් කටයුතු කළහ.

එසේම ශ‍්‍රී ලංකා නාවික හමුදාව සමග එක්වද වැඩසටහන් රැුසක්ම ක‍්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු නාවිකයෝ පියවර ගත්හ. මෙම නිමිට්ස් නෞකාවේ කප්පිත්තා රියර් අද්මිරාල් ග්‍රෙගරි හරිස්ය. මෙම ශ‍්‍රී ලංකා සංචාරය තම නාවිකයින් පිරිසට සුවිශේෂී අත්දැකීමක් වන බව ඔහු පවසනුයේ ඉමහත් සතුටිනි. ඔහු පවසන පරිදි ඹීී නිමිට්ස්, යනු 1985 වසරට පසු ශ‍්‍රී ලංකාවට ළඟා වූ පළමු ඇමෙරිකානු ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවය.

නිමිට්ස් නෞකාව සැබැවින්ම සද්දන්ත එකකි. එහි අපූරු තොරතුරු බොහෝය. මේ මහා නෞකාව දියත් කළේ 1972 වර්ෂයේදීය. එය ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේම විශාලතම යුද නෞකාවක් ලෙස සැලකෙනවා. නැව් තලයේ සිට කුඹ ගස දක්වා උස තට්ටු 23කි. නෞකාවේ දිග කිලෝමීටර් කාලකටත් වැඩිය. (මීටර් 333* ගුවන් යානා අංගනයේ විශාලත්වය අක්කර 4.5කි.

මේ සද්දන්ත නෞකාවේ නාවික සෙනඟද ගමන් කරයි. නාවිකයන් 3200ක්‌ සහ ගුවන් නැවියන් 2480ක්‌ ඇතුළුව 5600කට අධික පිරිසක්‌ නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරයි. වැඩමුර ක‍්‍රමයට පැය 24ම සේවයේ යෙදෙන නාවික පිරිස වෙනුවෙන් දිනකට 4 වරක්‌ ආහාර පිළිගැන්වීම කෙරේ. මේ සඳහා විශාල ආහාර ගබඩාවක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

එසේම අවම වශයෙන් දින 70කට සෑහෙන ශීත සහ වියළි ආහාර ගබඩා කර තබා ගත හැකි පහසුකම් මෙම නෞකාව තුළ ඇත. නැව සතු ජල පෙරන පද්ධතිය මගින් නිවෙස්‌ 2000කට සෑහෙන තරම් නැවුම් ජලය ගැලූ‍ම් 400,000ක්‌ මුහුදු ජලයෙන් පෙරා දිනපතා සපයනු ලබයි. නාවික පිරිසෙන් සියයට 16ක් කාන්තාවන්ය. කාන්තා සහ පිරිමි සැමටම වෙන්කළ විවේකාගාර සහ නිවෙස්‌ වේ. සමස්‌තයක්‌ වශයෙන් කොට්‌ට උර 14000ක්‌, ඇතිරිලි 28000ක්‌, දුරකථන 1400ක්‌ නෞකාවේ වේ. ආලෝක සවිකිරීම් 30000ක්‌ සහිත මෙම නෞකාවේ ඇද ඇති විදුලි රැුහැන් එක පෙළට දිගහැරියහොත් එහි දිග සැතපුම් 1600 කි.

නෞකාවේ නැංගුරම නැවට සම්බන්ධ අඩි 1080ක්‌ දිග ලෝහ දම්වැල් දෙකකට ඇමිනූ ටොන් 30ක්‌ බර නැංගුරම් දෙකකින් සමන්විතය. එහි දියඉමෙන් ඉහළට තට්‌ටු 20ක්‌ පිහිටා ඇත. ගුවන්යානා අංගනයේ විවිධ වර්ගයේ ගුවන්යානා 60ක්‌ නවතා ඇති අතර අක්‌කර 3.5ක්‌ විශාල ගුවන් යානා ප‍්‍රවේශ මාර්ගයකින්ද නෞකාව සමන්විතය. එසේම ගුවන් තරණය සඳහා ඉන්ධන ගැලූ‍ම් මිලියන 3.3 ක්‌ නැවේ සැමවිටම රඳවාගෙන පවතී.

මේ නෞකාවේ සුක්‌කානම ඇල්ලීම කෙරෙනුයේ පියාසැරීමේ තට්‌ටුවේ දකුණු පැත්තේ සිට තට්‌ටු 10 ක්‌ උස කුලූනක මැදිරියක සිටය. එම මෙහෙයුම් මැදිරියේ 15ත් 18ත් අතර පිරිසක්‌ සේවයේ නිරත වේ. මෙහෙයුම් මැදිරියේ වීජ බෝඞ් ලෙසින් හඳුන්වනු ලබන පුවරුවක ඕනෑම අවස්‌ථාවක පියාසැරීමේ තට්‌ටුවේ ඇති ගුවන්යානා ස්‌ථානගතකර ඇති අන්දම පෙන්වන ආදර්ශ යානා පෙළගස්‌වා තිබේ.

ශ‍්‍රී ලංකාවට පැමිණීම හරහා මෙරටට ලැබුණු ප‍්‍රතිලාභ පිළිබඳවද නෞකාවේ කපිතාන්වරයා විස්තර කළේය. ”ඇමෙරිකානු නාවික හමුදාව ලොව ප‍්‍රබලතම හමුදා ඒකකයක්. ඔවුන් සතුව අත්දැකීම් රාශියක් තිබෙනවා. මෙවැනි සංචාර තුළින් එම අත්දැකීම් බෙදා හදාගැනීමට මෙන්ම නාවික ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබා ගැනීමටද ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාවක් ලැබෙනවා.”‍

”එසේම ‍මෙම නාවිකයින් ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් කෝටි 154ක මුදලක් එක් කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා”‍ යයි කපිතාන්වරයා පැහැදිලි කළේය.

පැතුම් වික‍්‍රමරත්න

බයික් එකේ ස්කුටර් එකේ යතුර නැතිවුනොත් විනාඩි ගානක් ඇතුලත කම්බි කුරකින් ලේසියෙන්ම ස්ටාර්ට් කරන්නේ මෙහෙමයි

ඔබගේ බයික් එකේ ස්කුටර් එකේ යතුර නැතිවුනොත් විනාඩි ගානක් ඇතුලත කම්බි කුරකින් ලේසියෙන්ම ස්ටාර්ට් කරන්නේ මෙහෙමයි.

මෙන්න ඔබ හැමෝටම මේක අවශ්‍ය දෙයක් වේවි කියා අප හිතනවා මෙන්න බලන්න කොහොමද වැඩේ කරන්නේ කියලා.

ලංකාවට එන්න හිතාගෙන ගුවන්තොටුපලට පැමිණි ප්‍රියංගා ගුවන් යානයක් නොමැතිව සියල්ල කම්පා කරමින් හාමතේ මිය යාමේ සංවේදී පුවතක්

ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක්‌ පැමිණෙන තුරු ගුවන් තොටුපලේ දින ගණනාවක්‌ රැඳීසිටි ශ්‍රී ලංකික කාන්තාවක් අවසානයේ නිරාහාරව මියයෑමේ ශෝචනීය පුවතක්‌ පිළිබඳව මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

මෙම ඉරණමට මුහුණ පෑමට සිදු වුයේ මැද පෙරදිග ගෘහ සේවිකාවක්‌ වශයෙන් රැකියාවක්‌ කළ 30 හැවිරිදි දිළුම් ප්‍රියංගා නමැති දෙදරු මවකටයි.

ඇයට අදාළ නිවසේ හාම්පුතුන් විසින් පහරදී කෲර ලෙස සැලකීමක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යැමට ඇයගේ ඥතීන් විසින් එවනු ලැබූ ගුවන් ටිකට්‌ පතේ දිනය වෙනස්‌කර එරට ගෘහමූලිකයන් විසින් ඇයට භාරදීම නිසා මෙසේ ඇය නොපැමිණෙන ගුවන් යානයක් එනතුරු බලා සිට තිබෙනවා.

පස්‌සර අරලියාගම පදිංචිව සිටි වඩුතන්ත්‍රීගේ දිළුම් ප්‍රියංගා නමැති 30 හැවිරිදි දෙදරු මවගේ මරණ පරීක්‍ෂණය හදිසි මරණ පරීක්‍ෂක සිරි ජයන්ත වික්‍රමරත්න හමුවේ පැවැති අවස්‌ථාවේ ඇගේ පියා සාක්ෂි දුන්නා.

පියා වන 61 හැවිරිදි ඒ ෂෙල්ටන්ද අල්විස්‌ මෙසේ කියා සිටියා.

“මට දරුවන් අට දෙනකු ඉන්නවා. මෙම සිද්ධියේදී මරණයට පත්වූ දිළුම් ප්‍රියංගිකා මගේ දෙවැනි දුවයි. ඇය විවාහ වී සිටිනවා. නමුත් ඇගේ දරු දෙදෙනා කොහේ සිටී දැයි සොයාගන්න බැහැ.ඇය 2016 ජුලි මස 2 වැනිදා ගෘහ සේවිකාවක්‌ ලෙස ඩුබායි රටට සේවයට ගියා. ඇය කලක්‌ තමා සේවය කරන ස්‌ථානය හොඳ තැනක්‌ යැයි පැවසුවා. පසුව ඇයට සිදුවන හිංසා පිළිබඳව ඇය ඥතීන්ට පැවසුවා. ඒ අනුව ඇයට ආපසු පැමිණීමේ ගුවන් ටිකට්‌ පතක්‌ ඇගේ ඥතීන් විසින් යැව්වා”

“අනතුරුව ඇය ගුවන් ටිකට්‌ පත රැගෙන ගුවන්තොටුපළට ගියත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගත වන යානයක්‌ අද හෙට පිටත්වීමට නොමැති බව කියා තිබෙනවා. ඇය ගුවන් තොටුපළේ දින ගණනාවක්‌ රැඳී සිටියත් ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක්‌ පැමිණ නැහැ. ඇය දින ගණනාවක්‌ ගුවන් තොටුපළේ නිරාහාරව සිටි නිසා මියයන්න ඇතැයි මා සිතනවා”

මේ අතර ඇය විසින් ශ්‍රී ලංකාවේ සිටි ඥාතීන්ට එවන ලද ලිපිවල ඇයට එහිදී සිදුවූ බව කියන ලිංගික අතවර පිළිබඳවද සඳහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී එරට වෛද්‍යවරයා සහ මීගමුව දිස්‌ත්‍රික්‌ මහරෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. එස්‌. රුහුල් හක්‌ විසින් ලබා දුන් වෛද්‍ය නිගමනයන් අනුව එම මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි මීගමුව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි කීර්ති ජයන්ත වික්‍රමරත්න නිගමනය කර ඇත්තේ.

(මීගමුව – විමල් කීර්ති) උපුටා ගැනීම – hirunews.lk